කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරනවා.
යාපනය සිට කතරගමට පැමිණීමට දින 54 ක් ගතවෙනවලු.
කතරගම දෙවියන් උදෙසා පූජාවන් සිදුකිරීමට පයින්ම යාපනය සිට කතරගම දක්වා ගමන් කරන පිරිසක් පිළිබඳව වාර්තාවනවා.
යාපනය තොණ්ඩමන්ආරු ප්‍රදේශයේ ජිවත්වන මෙම පිරිස කැළෑ මාර්ග ඔස්සේ පයින් ගමන් කරමින් යාපනය,කොඩිකාමම්,පුදුකුඩිඉරිප්පු,කෝකිලායි, කොක්කුතුඩුවායි,පුල්මුඩේ, තිරියාය, ත්‍රිකුණාමලය,මඩකලපුව ,අම්පාර, උහන හරහා කතරගම දේවාලයේ කොඩි එසවීමේ මංගල්ලය වෙත ගමන් කරන බවයි අප වාර්තාකරු පැවසුවේ.
උහන ප්‍රදේශයේ සිට කැළෑ මාර්ග ඔස්සේ කිලෝමීටර 94 ක දුරක් ගමන් කරමින් කතරගම දේවාලය වෙත පිවිසීමට තමන් බලාපොරොත්තු වන බව වන්දනා නඩය පවසනවා.