"පුතාව හම්බෙලා අවුරුද්දක් විතර යනකොට අපි අතර ගොඩක් ප්‍රශ්ණ ඇතිවුණා"...
"කොහොමද ලෝකයාට මුහුණ දෙන්නේ කියන එක නිතරම හිතුනා"
අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත සුනීතාගේ කඳුලු කතාවයි මේ.
බැඳීම් , ආදරය වෛරය මේ හැම දෙයක් අතරම අපේ කතාවක් ලියැවිලා තියෙනවා. හැම කතාවකට හැම හිනාවකටම කැඩිච්ච බිඳිච්ච තැන් නැතුව නොවෙයි.
සහෝදර සහෝදරයින් 3 දෙනෙකුගෙන් යුත් සුනීතාගේ පවුල සාමාන්‍ය පවුලක්. පියා පතලක රැකියාව කරන අතර මව වසර දෙකක් පමණ විදෙස් ගතව රැකියාව කර පසුව පැමිණෙනවා.