‘‘සිංහ කොඩිය කරේ දාගන්න හැමෝටම බෑ,
ආසියාවෙන්ම එක වුණු වෙලාවේ දැණුනු සතුට
වචනයෙන් කියලා නිම කරන්න බෑ‘‘
කට්ටකාලා මෙතෙන්න ආව ගමන ගැනත් මාරම සතුටුයි‘‘
නිමාව දුටු දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී වාර්තා රැසක් අලුත් කරමින් ලක්මව රනින් සරසන්නට ශ්රී ලාංකීය ක්රීඩකයින් රැසක්ම සමත් වුණේ 2016 වසර ශ්රී ලංකේය මළල ක්රීඩා ඉතිහාසයේ ස්වර්ණමය වසර ලෙස වාර්තා පොත් අතරට එක් කරමිනුයි.
මෙහිදී මීටර් 100 පිරිමි ධාවන තරඟයේ වේගවත්ම ක්රීඩකයා බවට පත්වන්නට ඉමාෂ හේෂාන් සමත්වුණේ එතෙක් මෙතෙක් දකුණු ආසියාවෙන් බිහිවූ වේගවත්ම ක්රීඩකයාගේ වාර්තාව තමන්ගේ නම ඉදිරියේ සටහන් කරගනිමින්.