Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අඬන අම්මලගේ දැන් ටෙස්ට් එක කරලා බලතහැකිනේ....
එහෙම කිසිම එකක් වෙලා නැහැ

සැකකාර කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අමාත්‍යාංශ මට්ටමින් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
views70 Views
comment

අදත් කාන්තාවන් 30 දෙනෙක්ගෙන් පැමිණිලි..
සිසේරියන් සැත්කම් 8000ක් සිදු කළ බව පිළිගෙන...

පොලිස් අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව මේ වනවිට පැමිණිලි 51 රෝහල් පාලනාධිකාරයට ලැබී තිබෙනවා.

ඒ වෛද්‍යවරයා කළ සිසේරියන් සැත්කමෙන් අනතුරුව නැවත දරුවකු පිළිසිඳ නොගත් බවට චෝදනා කරමින්.

මේ අතර අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට බලපෑම් කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
views76 Views
comment

ප්‍රවීන රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි කොළඹ ජාතික රෝහලේදී අද පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 68 වන වියේ පසු වූ ඔහු වේදිකාවට පිවිසුණේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ රත්තරන් වේදිකා නාට්‍යයෙන්.

වෙස් මුහුණු, කොස්තාපල් පුඤ්ඤසෝම වැනි චිත්‍රපට රැසකට මෙන්ම දඩබිම, යශෝරාවය ඇතුළු ටෙලිනාට්‍ය රැසකට රංගන දායකත්වය සැපයූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
views245 Views
comment
englishtrans
වෛද්‍ය සේගු සියාබ්ධීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කරන වෛද්‍යවරයකු වන මෙම වෛද්‍යවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන්ව වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ද මෙම වෛද්‍යවරයාට බවයි පැවසෙන්නේ.
පොලිසිය සඳහන් කළේ කුරුණෑගල - නුවර පාර, වීරසිංහ මාවතේ පිහිටි සිය නිවසේදී මොහුව අත්අඩංගුවට ගත් බවයි.
views82 Views
comment
විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ සිටින ජනප්‍රිය ගායකයෙක් . ඔහු මේ දිනවල ඉන්දියාවේ නව දිල්ලිය වෙත ගොස් සිටිනවා.

ඒ ලෝකයේම ජනප්‍රිය ඉන්දියාවේ විකාශනය වන ප්‍රමුඛතම රියැලිටි වැඩසටහනක් වන Indian Idol සංගීත වැඩසටහනේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහායි.

ඔහු එලෙස පසුගිය දිනයේදී පැවැත්වුණ Indian Idol වැඩසටහෙනේදී මෙලස ඔහු ආරාධිතයෙකු ලෙස සහභාගී වුණා.

Indian Idol වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික ගායකයෙකු සහභාගී වුණ පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.
views95 Views
comment
ජර්මානු නාසි හමුදාව දෙවන ලෝක යුද සමයේ හෙළන ලද අධි බලැති බෝම්බයක් පුපුරුවා හැර නිෂ්ක්‍රීය කිරීමක් එංගලන්තයේ, උතුරු ලන්ඩනයේ, කිංස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම බෝම්බය SC250 හෝ Sprengbombe සිලින්ඩ්රිෂ් 250 ක බෝම්බයක් ලෙස සැලකෙන අතර මෙය සාර්ථකව කිසිදු හානියක් සිදු නොවී නිෂ්ක්‍රීය කල බවයි එංගලන්ත මාධ්‍යය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම බෝම්බය පුපුරුවා හැර නිෂ්ක්‍රිය කිරීමේදී එහි කම්පනය අදාළ ස්ථානයේ සිටි ප්‍රදේශවාසීන්ට දැනී ඇති අතර ඔවුන් සිය අත්දැකීම විස්තර කරමින් පවසා තිබුණේ දරුණු අකුණක් වැනි පිපිරීම් හඬක් තමන්ට ඇසුණු බවත්, තම නිවසේ යම් සෙලවීමක් සිදු වූ බවයි.
views81 Views
comment
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයාට එරෙහිව අද දිනය තුළ තවත් කාන්තාවන් 10 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළා.
 
ඒ අනුව මෙම වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 15 ක්.
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් සියලූදෙනාගේ ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කළ බවයි.
 
සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේදි කුරුණෑගල - නුවර පාරේ ඔහුගේ නිවසේදියි.
views65 Views
comment
උන් මත් පෙති ගන්නේ අපිට මුහුණ දෙන්න තියන බය නැති කරගන්නයි...
 
අපිට අහුවුණු, මරා දාපු හැම එකාම හිටියේ මත්වෙලා..
 
ඔවුහු වෙනම බල මුළුවකි. ගැහැනුන් තිදෙනෙකි. තොටිල්ල පැදවිය යුතු අතර දැන් දරා සිටින්නේ AK 47 රයිෆලයයි. මූලධර්මවාදින්ගේ ජනසංහාරයට එරෙහිව මේ තිදෙනාගේ බළ ඇණිය සටන් පෙරමුණ ගෙන සි‍ටිති.
 
දිනකට ත්‍රස්තවාදීන් දහදෙනකු බැගින් බාගැනීම ඔවුන්ගේ අරමුණයි. දැන් ඒ අරමුණ සාර්ථක වී තිබේ. දකුණු ඉරාකයේ සින්ජාර් කඳුවැටිය බද තරුණ කෙල්ලන්ගේත්, විවාහපත් ගැහැනුන්ගෙන් ලෙයට මසට ලොබ බැඳි ම්ලේච්ඡ කැණහිලුන්ගෙන් දතට දත, ලෙයට ලෙය පළිගැනීම ඔවුන්ගේ ඒකායන අරමුණයි.
 
“අපි ගෑනු ෆ්‍රන්ට් එකේ ඉන්නවා කියලා ආරංචියටම උන් පැනලා යනවා. අපිට අහුවුණු, ඒවාගේම මරා දාපු හැම එකාම හිටියේ මත්වෙලා, නැත්නම් උන්ළඟ මත්ද්‍රව්‍ය තිබුණා.‍ මේ මත් බේත් ගන්නේ අපිට මුහුණ දෙන්න තියන බය නැති කරගන්නයි...”
views88 Views
comment
"තමන්ට තමන් හැර මේ ලෝකෙ කිසිම කෙනෙක් ගැන විශ්වාස කරන්න බැහැ..."

"මම විවාහ වෙන්නේ නැහැ, ආදරයක් ගැන මම හිතන්නෙත් නැහැ.."
 
උදාරි කෙෘෂල්‍යා කියන්නේ දැන් රූපවාහිනී මාධ්‍යයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඇයට ආදරයේ චමත්කාරය විතරක් නෙවෙයි ආදරයේ විරහවත් හොඳටම හුරුයි පුරුදුයි. යෞවනයේ ආදරණීය චරිතයක් වන උදාරි කොෂල්‍යා ආදරය හා විරහව ගැන කියන්නේ මෙහෙමයි.
views124 Views
comment
Game of thrones කියන්නේ රූපවාහිනි කතා මාලා නරඹන බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණු ටෙලි කතා මාලාවක්.

ඉතින් මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටස එහෙම නැත්නම් season 8 කතා මාලාව එනකන් Game of thrones ප්‍රේක්ෂකයෝ ඇඟිලි ගනිමින් බලා සිටියා.

නමුත් ප්‍රේක්ෂකයින් සිතූ හැටියට මේ කතාවේ අවසානය ලියවිලා තිබුණේ නැහැ.

මේ නිසා ලොව පුරා ලක්ෂ ගණන් ප්‍රේක්ෂකයෝ මේ ගැන ඉන්නෙ දුකකින් වගේම තරහකින් කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
views91 Views
comment
"ඒක බොරු කතාවක්, මම දැනගෙන හිටියා ඒක මධුෂ්ගේ සාදයක් කියලා..."

"මගේ වාහනයේ ගංජා ටිකක් තිබුණා. මොකද මම ගංජා බොනවා..."

"දුවව රැකියාවෙන් අයින් කළා ,මගේ බිරිඳ සහ දරුවන්ටත් මරණ තර්ජන පවා එල්ල වුණා..."

චෝදනා ගණනාවක් එල්ලවී තිබෙන මාකඳුරේ මධුෂ් සමග මෙරට ප්‍රකට කලාකරුවන් තිදෙනෙකු වන අමල් පෙරේරා, රයන් වැන් රෝයන් සහ නදීමාල් පෙරේරාද ඩුබායි ‍පොලීසිය විසින් ඉකුත් පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් තිදෙනා අතරින් රයන් වැන් රෝයන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 05 වැනිදායි. එදින නැවතත් මෙරට ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රයන්ට යළිත් මසකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමට සිදුවුණා. මැයි 09 වැනි දින රුපියල් හාරදහසක දඩයකට යටත්ව නිදහස ලැබූ රයන්, මෙම ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳ කියන්නේ මෙහෙමයි.
views51 Views
comment
ජෙෆ් බෙසොස් ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ බිල්  ගේට්ගේ ආදායම වූ ඩොලර් මිලියන 90 ඉක්මවා යමින්ය. 1994 වසරේ ජෙෆ් බෙසොස් වෝල් ස්ටි‍්‍රට් ආයතනයේ දැවැන්ත පරිගණක සමාගමක විශේෂඥයෙකු ලෙසින් සේවය කරමින් සිටියදී ඔහු එම රැකියාව අතහැර දමා අන්තර්ජාලය හරහා වූ වාණිජ ව්‍යාපාරය වෙනුවෙන් අත ගැසුවේ එහි අවදානම පිළිබඳව දෙවරක් නොසිතාය.

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වුණත් ඔහු අද ජාත්‍යන්තරය ජයගෙන ඇත.
views62 Views
comment
චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව තවත් කාන්තාවන් තුන් දෙනෙකු රෝහලේ පාලන අධිකාරිය වෙත පැමිණිලි කර තිබෙනවා.

මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු මෙම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව මොවුන් පස්දෙනාගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇති බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේයි.

ඒ, ඔහුගේ කුරුණෑගල නුවර පාරේ පිහිටි නිවසේදියි. පසුව මොහු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.
views46 Views
comment
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පිරිස ප්‍රාණ පරිත්‍යාගීන් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ සැලසුම් කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අද පැවැති ඉරුදින දේව මෙහෙයට එක්වෙමින්.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන් ඉරුදින දේව මෙහෙයට එක් වුණේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී.
 
views63 Views
comment
ඔය වගේ වෛද්‍යවරුන්ට ගස්වල බැඳලා ගහන්න ඕනේ
ලක්ෂ 10කට 15කට වැඩියෙන් ගියා බෙහෙත් ගන්න

පොලිස් අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන්ට එරෙහිව මව්වරුන් පිරිසක් අද එම රෝහලේ පාලනාධිකාරයට පැමිණිලි ගොනු කළා.

ඒ එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමෙන් පසු නැවත දරුවකු පිළිසිඳ ගැනීමක් සිදුනොවූ බව පවසමින්.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කල සෙයිගු ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේදී.
 
views200 Views
comment
[1]      «      3328   |   3329   |   3330      »      [4487]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top