කොස්ගොඩ රණා සහ මීටියාගොඩ රාජු 5 ක් මරලා...
ඉදිරි දින කිහිපය තුළ විශාල ලේ වැගිරීමක්..?
මධූෂ්ගේ සෙට් එකට රිටන් එකක් අත ළඟ..?
කොස්ගොඩදී වෙඩි තබා සිවුදෙනෙක් ඝාතනය කර එක් අයෙක්ට බරපතළ තුවාල සිදුකර ඇත්තේ ඩුබායි හි සිටින මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමේ ප්රබලයෙක් වන කොස්ගොඩ තාරක ඇතුළු සිව් දෙනෙක් විසින් බව හඳුනාගැනීමට පොලීසියට මේ වන විට හැකිව තිබෙනවා.
මෙම පාතාල ප්රහාරය පෙරේදා (29) අලුයම් කාලයේදී කොස්ගොඩ ප්රදේශයේ යුදපිටිය, කුරුඳුගම්පියස සහ මැණික් ගම්මානය යන තැන්වලදී එල්ල වී තිබුණා..
එහිදී පියෙකු සහ දරුවන් තිදෙනෙක් යුද පිටියේදීත්, මැණික් ගම්මානයේදී එක් අයෙකුත් ඝාතනය වී ඇති අතර කුරුඳුගම්පියසේදී වෙඩි ප්රහාරයට ලක්වුණු අය බරපතළ තුවාල ලබා සිටින බවත් පොලීසිය පැවසුවා.