''අපි දන්නවා චන්දිමාල් සර්ගේ හැටි,
ඔයාලා අඳින්න කැමැති මොනවද අහලා
කාන්තා යට ඇඳුම් තියෙන තැනකට එක්ක ගියා''
පසුගියදා මහනුවර හන්තාන ප්‍රදේශයේදී නායකත්ව පුහුණුව ලබාදෙන බව පවසමින් නේවාසිකව ඉගෙනුම්වල නිරතවුණු තරුණියන් 18 දෙනෙකුට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ ප්‍රධානියා වූ චන්දිමාල් ගමගේ නම් පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.
ඔහුගේ සඟයෙකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකුද මේ සිද්ධියට සම්බන්ධ වී ඇති ඇති බවට ආරංචි ඔස්සේ තොරතුරු වාර්තා වන අතර මේ වන විට සිද්ධියට මුහුණදුන් තරුණියන් විසින් චන්දිමාල් නම් ගුරුවරයා තමන්ට කළ ලිංගික හිංසන සම්බන්ධයෙන් පවසා තිබේ. මෙම ආයතනයේ සිසුවියන්ට දුරකථන භාවිතා කිරීමට නොදෙන අතර දෙමාපියන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබාදෙන්නේ මසකට එක් දිනක් පමණි.