රාජස්ථානය හමුවේ හයිද්‍රාබාද් ලකුණු 151 ආරක්ෂා කරගනී
කොල්කටාව, කෝලිගේ බැංගලෝර් පිලට 5වන පරාජයත් උරුම කරයි
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති පළමු තරඟයෙන් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුනේ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ලකුණු 11 කින් පරාජය කරමින්.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 151ක්. ලකුණු 152ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 140ක් පමණයි.
පළමුව පන්දුවට පහරදුන් හයිද්ද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් නායක කේන් විලියම්සන් ලකුණු 63ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු ඇලෙක්ස් හෙල්ස් ලකුණු 45ක් රැස් කළා. හයිද්‍රබාද් පිළෙන් ලැබුණු ලකුණු 151ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි රාජස්ථාන් පිළ ලකුණු පන්දුවාර 20 අවසනදී කඩුලු 06කට 140ක සීමා කරන්නට හයිද්ද්‍රාබාද් පන්දු යවන්නන් සමත් වුණා.