අපේ ජීවිතයට එන සමහර යහළුවෝ ගැන ඇත්තටම ඔබ විශ්වාස කරද්දි ටිකක් හිතන්න.
මේ කතාව ඔබට හොඳම උදාහරණයක් වේවි.
මීගමුව සම්බාහන මධ්‍යස්ථානයකට 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියට අදාළව එම දැරියගේම යෙහෙළියක් වන 17 හැවිරිදි සැකකාරියක් පසුගිය (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය පොලිසියට පවසා ඇත්තේ සැකකාරිය ඇයගේ මව නොමැති අවස්ථාවේ දී පෙම්වතුන් මුණ ගැසීමට යන ලෙස පවසා රැගෙන ගිය බවයි.
දියණිය නිවසෙන් පිටතට ගොස් නැවත පැමිණි නොමැති බවට මව විසින් පොලිසියට පැමිණි කර ඇති බවයි සඳහන් වන්නේ.
තවද සැකකාරිය දුම්රියෙන් නිවසකට රැගෙන ගොස් ඇති අතර, සිටින ස්ථානය පිළිබඳව ඇය විමසු විට පවසා ඇත්තේ එය මීගමුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථනයක් බවයි.
ඇය නැවත යෙහෙළිය සමඟ පැමිණ ඇති අතර, පෙම්වතා මුණ ගැසීමෙන් අනතුරුව පොලිසිය පැමිණ තිබෙනවා.
පොලිසිය පැවසුවේ අතවරයකට ලක් වී ඇති මෙම දැරිය කළුතර රෝහලට ඇතුළත් කර ඇති අතර, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවයි.