ආදරයට ඕනිම මිනිසෙක් විවිධාකාර වේශයන්ට හරවන්න පුළුවන්නේ.
සමහර වෙලාවට අපි ආදරය කරන්නේ අපි ආදරය කරන පුද්ගලයා තමන්ගෙම වෙන්න ඕනි කියලා.
හැබැයි ආදරය කියන්නේ පරිත්‍යාගශීලී හැඟීමකට.
හැබැයි මේ කියන්න යන කතාව නම් සමහර වෙලාවට ආදරයමද නැත්නම් ආකර්ෂණය නිසා හටගත් ආශාවද කියන කාරණය තේරිම ඔබට බාරයි.
31 එක් හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්වන ත්‍රිෂ්නා වෙබ් අඩවියක නිවේදකයකු දැක් ඔහු ගැන සිතක් පහල කරගෙන තිබෙනවා.
ඒ මීට වසර දෙකකට පෙරාතුවයි.
පසුව ඔහුගේ දුරකථන අංකය සොයා ගෙන කතා බස් කරන්නට පටන් ගෙන තිබෙනවා.
කෙසේ නමුත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ ඡායාරුපයක් භාවිතා කරමින් මෙලෙස ගිණුමක් සකසාගෙන තිබෙන බවටත් ඒ සම්බන්ධව පොලීසිය දැනුවත් කර තිබෙන බවටයි.
කෙසේ නමුත් ඔහු සමග කතා බස් කිරිම ඇය දිගට කරගෙන ගොස් තිබෙනවා.
පසුව ඔහු ඇයගේ දුරකථන අංකය අවහිර කර ඇති නමුත් ඇයට ඔහුව අමතක කරන්න බැරි වී තිබෙනවා.
ඔහු අවසානයේ හවත් පුද්ගලයින් හතර දෙනෙකුගේ උපකාරයෙන් ඔහුව පැහැරගෙන ඇයගේ කාර්‍යාලයට ගෙන ගොස් පහර දී තිබෙනවා.
අවසානයේ ඇයගේ දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දක්වන බවට පොරොන්දු කරගත් පසුව ඔහු මුදාහැර තිබෙනවා.
කෙසේ නමුත් කළ පැමිණිල්ලකින් පසුව එම ව්‍යාපාරික කාන්තාව සහ පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.