ආදරය කරනවා කියන්නේම එකිනෙකා තේරුම් ගැනීම සහ ඔවුනොවුන් අතර අවබෝධයකින් ජීවත්වීමයි..
ඒත් එහෙම ඉන්න හිතාගෙන විවාහ වුණ යුවලකට අත්වුණ ඉරණමක් තමයි මේ...
ඉකුත් 2013 වසරේ නොවැම්බර් මස 08 වැනි දින රාත්රි කාලයේ ගෝනවල, තල්වත්ත ප්රදේශයේ පිහිටි සිය නිවෙස තුළදී සැමියාගේ සිරුරට ගිනි ඇවිළී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ සිද්ධියක් වාර්තා වුණා..
ඒ සමගම සිය බිරිඳ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ... කොහොම වුණත් වසර 11කට පසුව මෙලෙස අතුරුදන් වූ බිරිඳ යළි සොයාගෙන තිබෙනවා...
ඒ ඉකුත් සිකුරාදා කිරිබත්ගොඩ පොලිසිය විසින්.. පොලිසිය පවසන්නේ මේ කාන්තාව කිරිබත්ගොඩ ප්රදේශයේ නිවෙසක සැඟවී සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි..
මේ සිද්ධියෙන් මියගියේ ගෝනවල, තල්වත්ත ප්රදේශයේ පදිංචිව සිටි චන්දන පුෂ්පකුමාර නමැති තිස්නව හැවිරිදි දෙදරු පියෙක්..