ඇයට වුණේ මොකද්ද කියලා තවමත් අම්මාට නම් හිතාගන්න වත් බැරිලු.. ඇය එදා ඉඳලා අම්මා තාත්තා එක්ක ගොඩක් සතුටෙන් ඉන්න ඇති.. ඒත් ඇය මවාගත්ත හීන ලෝකේ ගොඩක් ලොකු නිසා සමහර විට මේ විදිහට ගෙදරින් යන්න ඇති..
ඒත් දැන් ඇත්තටම ඇයට මොකද වුණේ..? මේ දරු දුක වෙනුවෙන් හඬා වැලපෙන තවත් මවකගේ කතාවක්.. රැකියාවකට යන බව පවසමින් මීට මාස 4කට පමණ පෙර නිවසින් පිටව ගිය කඩවත ප්රදේශයේ අවුරුදු 18ක තරුණියක් මෙතෙක් යළි නොපැමිණි බව එම තරුණියගේ මව පවසනවා... ඇය පවසන්නේ සිය දියණියගේ ජීවිතයට යම් අනතුරක් සිදුවී ඇද්දැයි සැක මතුවන බවයි... කඩවත - සූරියපාළුව ප්රදේශයේ 18 හැවිරිදි එම්. ඒ. උදානි තත්සරණි නැමැති තරුණිය මහාබාගේ ප්රදේශයේ රැකියාවට යන බව පවසා නිවසින් පිටත්ව ගොස් තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් මස 4 වැනිදායි... එහෙත් මේ වන තෙක් ඇය නැවත නිවසට පැමිණ නැහැ... ඇය රැකියාවේ නිරත වී තිබුණේ මහාබාගේ රෝහලේ පුහුණුවන හෙදියක් ලෙසයි... කෙසේ වෙතත් අතුරුදන් තරුණියගේ පෙම්වතා බව පැවසෙන 23 හැවිරිදි සසංක පූර්ණ නමැත්තෙකු උදානිගේ මවට පවසා ඇත්තේ ඇය සුරක්ෂිතව තමන් ලඟ සිටින බවයි... ඒ පිළිබඳව මව දැක්වූයේ මෙවන් අදහසක්, ''මට සැකයක් ආවා මේ පුද්ගලයා තමා කියලා. අන්තිමට පස්සේ පස්සේ කිව්වා ඔව් මං ගාව ඉන්නවා කියලා. දුව ගැන හිතලාම තාත්තා ලෙඩ වුණා. මගෙන් දුවවම ඉල්ලුවා. මම දුව හොයන්න ගියා. එක දවසක්වත් මට දුව හම්බවුණේ නැහැ . ඔය කල්පනා කරලා කරලාම 10 වැනිදා නැති වුණා තාත්තා. තාත්තාගේ මරණය කිව්වා මේ පුද්ගලයාට දුවව එවන්න කියලා. නැහැ දුව මොනවත් දකින්න කැමති නැහැ කියලා කිව්වා.'' කෙසේ වෙතත් උදානිගේ මව කුලියාපිටිය , පෑලියගොඩ සහ කඩවත පොලිස් ස්ථානවලට සිදු කළ පැමිණිලිවලින් අනතුරුව ඇගේ පෙම්වතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නමුත් මේ සම්බන්ධයෙන් කිසිත් නොදන්නා බවයි එහිදී ඔහු පවසා ඇත්තේ... සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතාගේ පවුලේ ඥාතීන් ගැනද සැක මතුවන බවයි මව පවසන්නේ... VIDEO