Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
"ඔබ රුව ඡායා.. සැඟවේ පායා.." පුංචි තිරයේ සදාදරණීය පෙම්වතා නික්මගොස් අදට වසර 36ක්..

- "ඔබ රුව ඡායා.. සැඟවේ පායා.." පුංචි තිරයේ සදාදරණීය පෙම්වතා නික්මගොස් අදට වසර 36ක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ඒ කුරිරු වෙඩි උණ්ඩය ඔහුව සදහටම නිහඬ කර අදට වසර 36ක්..

ඔහු අදටත් අපේ රටේ නොමැකෙන චරිතයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.. මේ ඔහු ගැන සටහනක්..

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නැතිනම්, විජය කුමාරණතුංග, ලෙසින් හඳුන්වන මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර , ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබීය..

පෙර අවධිය

මොහුගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගැනීය. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර 'සිතිජය' නම් ගීත නාට්‍යයක රඟපා ඇත.

සිනමා දිවිය

විජය කුමාරතුංග චිත්‍රපට ලැයිස්තුව: විජය කුමාරතුංග සිනමාගමනය
විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( "සහරාවේ සිහිනය"(1990) චිත්‍රපටයට - "වළාකුළක් ගෙන මුවා කරමු හිරු" & "දොළොස් මහේ පහන" චිතපටයට - "සාරා ගුවන විද නැගුන"). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී "ගොඩ් කින්ග්" නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම "නැංගුරම්" නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය "වරදට දඬුවම්"(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය "ඇය ඔබට බාරයි" එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.


දේශපාලන ක්‍රියාන්විතය


විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. * ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම - 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීය.

1986දී යාපනයට යාම

1986දී විජය කුමාරණතුංග 'එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.ටී.ටීය තරුණ නායකයින් හමු විය. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත එවන ලදි.


ඝාතනය

විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.


අවමංගල්‍ය උත්සවය හා පසුව


විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top