එයාලා ගැන ගොඩක් වෙලාවට සමාජයේ ගොඩක් කතා බහ නිර්මාණය වෙනවා..
ඒ කතා මොනවා වුණත් ඔවුන්ටත් ඔවුගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න , නිදහසේ ජීවත් වෙන්න අවස්ථවක් ලැබෙන්නම ඕන..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්...
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය ඊයේ පත්වී තිබෙනවා..
එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයෙන් අනතුරුව සමලිංගික යුවල සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
ඒ අතර, මේ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දැක්වූ එරට ප්‍රබල ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් ඇතන්ස්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැලියක් ද පවත්වා තිබෙන බව වැඩිදුරත් සඳහන් වෙනවා..
කෙසේ නමුත් එම විරෝධයන් මධ්‍යයයේ මෙම පනත් කෙටුම්පත නීති සම්පාදකයින් විසින් සම්මත කර තිබෙනවා..