මේ කියන්න යන්නේ ශ්රී ලංකා මහ බැංකුවෙන් කළ විශේෂ ප්රකාශයක් ගැනයි..
මේ වසර අවසන් වන විට උද්ධමනය ඉලක්ක ගත මට්ටම වන 5%ක් දක්වා ගමන් කරනු ඇති බව මහ බැංකුව පවසනවා..
උද්ධමනයේ පවතින ඉහළ යෑම කෙටිකාලීනවනු ඇති බවයි පෙබරවාරි මාසයට අදාළ මුදල් ප්රතිපත්ති වාර්තාව ප්රකාශයට පත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ..
සමස්තයක් ලෙස සැපයුම් අංශයේ සාධක හේතුවෙන් කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යාමේ අවධානයක් පවතින බවද එහි සඳහන්..