Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
"මැඩම් එයා ගොඩාක් හොඳයි.. ඇත්තටම හොඳ වැඩියි.. ඒත් බෑ කියනවා නම් මේක නවත්තමු.." ආදරයෙන් බැඳුණ ඒ දෙන්නාගේ ජීවිතයට රතු එළියක්..

- "මැඩම් එයා ගොඩාක් හොඳයි.. ඇත්තටම හොඳ වැඩියි.. ඒත් බෑ කියනවා නම් මේක නවත්තමු.." ආදරයෙන් බැඳුණ ඒ දෙන්නාගේ ජීවිතයට රතු එළියක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
ආදරය, ලෝකයේ පවතින වඩාත්ම සුන්දර හැඟීමයි.. ආදරවන්තයකු, ආදරවන්තියක් වීම ජීවිතයේ ලබන ලොකුම සතුටක්.. එහෙත් ආදරය පළා ගියදා..? 

ආදරය කිසිදා පළායන්නේ නැහැ.. ඒත්, ආදරවන්තයෝ ආදරවන්තියෝ විවිධ හේතු මත ආදරය හැරදා යනවා.. එක්ව කතාබහ කරගෙන ඇරඹූ ආදරය අතහැර නොකියාම නික්ම යනවා.. එවන් ආදර සියක් නොව දහස් ගණනක් දැක තිබුණත්, මේ කතාවෙන් කියන්නේ ආදරය එක්වරකින්ම ඇතිවී පැවතී විනාස වන යමක් නොවේය යන්නයි..

ඒ කතාව මේ ගැනයි.. උපදේශනය සඳහා පැමිණියේ කදිම පෙනුමින් යුතු ‍යුවළක්..

භද්‍ර යෞවනයේ ආකර්ශනය ඔවුන් කෙරෙන් වෑහෙමින් තිබුණි. කඩවසම් තරුණයාත් අතිශය සුරූපී තරුණියත් මා විස්මයට පත්කරන තිබුණා..

මගේ ඇරයුමෙන් අසුන්ගත් ඔවුන්ගේ කතාව සැකෙවින් මෙසේයි...

විශ්වවිද්‍යාලයේදී හඳුනාගෙන ආදරය ඇරඹී වසර පහකි. විශ්ව විද්‍යාල ජීවිතය අවසන්වී ඇත. පංති සමාර්‍ථ් සහිතව උසස් වෘත්තියකට දෙදෙනාම සුදුසුකම් ලබා සිටි...

වැඩිදුර අධ්‍යාපනය සඳහා තරුණයා විදෙස්ගතවීමට අදහස් කර සිටි බැවින්
පෙම්වති පමණක් රැකියාවක නිරතව සිටිනවා... ගැටළුව මතුව ඇත්තේ විවාහයට දින නියම කර ගැනීමට පොරොන්දම් බලද්දීයි..
දෙදෙනාගේ පොරොන්දම් නොගැලපෙන බව හා පිරිමියාට අපල බව පවසා ජෝතිශ්‍යවේදියා පවසා තිබුණා..

තරුණ යුවළට මෙය ප්‍රශ්නයක් නොවුනද වැඩිහිටියෝ තැතිගත්තා..
එහෙත් බුද්ධිමත් මව්පියෝ යුවළට තීරණය ගැනීමේ නිදහස දුන්නා..

නමුත් තරුණිය ක්‍රමයෙන් වෙනස් වෙමින් සිටියාය. මේ වෙනසේ උග්‍ර අවස්ථාවක ඔවුන් මා හමුවට ආවා..
තනිතනිව දෙදෙනා හා කතා කිරීමේදී ඔවුන් තම අදහස් නොසඟවා කතා කළා..

තරුණිය පැවසුවේ සම්බන්ධය ඉදිරියට ගෙන යෑමේ අදහසක් තමාට නැති බවයි..
ඇය මෙසේද කීවා...
" මැඩම් එයා ගොඩාක් හොඳයි. ඇත්තටම හොඳ වැඩියි. ඒත් මට එයාගෙ ආදරේ දැනෙන්නෙ නෑ. එයා මට කිසි දේකට බලකරන්නෙ නෑ. මාව වෙනස් කරන්නෙ නෑ. මං අහන කිසි දේකට එපා කියන්නෙ නෑ. සැක කරන්නෙ නෑ . නිදහස සීමා කරන්නෙ නෑ.
ඒත් මට ඕන මං ගැන හැම වෙලේම හොයන , මට හරිම සමීප, ආදරෙන් කතාකරන කෙනෙක්, "

" ඒත් එහෙම ඒවා එයාගේ නෑ. මගෙ ඔෆිස් එකේ කෙනෙක් මගෙන් අහනවා. එයා මට කියන දේවල්, මං ගැන හොයා බල හැටි, කතා කරන වචන මට හරිම සතුටක් ගේනව. මං එයාට කැමතිවෙයිද දන්නෙ නෑ. ඒත් මට මේක දැන් ඇති වගේ. තව ඉස්සරහට යන්න මට බෑ.
ඒත් මට පව් කියලා හිතෙනව එයා ගැන. අනික කේන්දරෙන් එයාට අපලයි කිව්වට පස්සෙ මට බෑ එයාට හානියක් වෙන තීරණයක් ගන්න. මට හිතෙනව මං අයින්වෙන එක තමා හරි කියලා"

" සම්බන්ධයක් එක්කෙනෙකුට පවත්වගෙන යන්න බෑනෙ. ඔයා බෑ කියනව නම් ඒක නවතිනවනෙ. ඒත් එයා ගොඩක් හොඳ නම් එයා මේ දුක විඳින එකට ඔයා කැමතිද? එයත් එක්ක කතාබහ කරලා තියන අඩුපාඩු හදාගෙන මේ සම්බන්ධය ඉස්සරහට ගෙනියන්න බැරිකමක් තියනවද?"

" මට හිතෙනව මං බලාපොරොත්තු වෙන කෙනා එයා නෙවෙයි කියලා . අපි දෙන්නම පස්සෙ දුක්වෙනවට වඩා දැන් මෙහෙම වෙන එක හොඳයි කියලා"

" හොඳයි එයාට හිත හදාගන්න අවස්ථාවක් , යම් කාලයක් ඕනනෙ. මං උත්සහ කරන්නම් එයාට උදව් කරන්න. ඔයාට වෙනව මට උදව් කරන්න. ඔයා ඈත්වෙන්න හදන්නෙ ලොකු කාලයක් ඔයා එක්ක ආදරෙන් හිටි කෙනෙක්ගෙන්. ඒ වගේම හොඳ කෙනෙක්ගෙන්. "

" මට තේරෙනවා. එයා දුක්වෙයි. මට එයාව ඒකෙන් මුදවගන්න ඕන. ඒකයි මං ආවෙත් එයාව අඬගහගෙන. හරි මැඩම් මං මැඩම්ට උදව් කරන්නම් "

තරුණයා සමග තනිව කතා කරද්දී සම්බන්ධයෙන් මදක් හෝ ඉවත්වීමට කැමති නැති බව පෙනුණි. කෙසේ හෝ ඇය රඳවා ගැනීමට ඔහුට ඕනෑ විය.

දෙදෙනා එක්ව එකට කතා කරන විට තරුණයා ඇගේ කිසිම වරදක් නොකියා සිටිය මුත් තරුණිය
" මට මෙයාගෙ ආදරේ ඇත්තටම දැනෙන්නෙ නෑ" කියා පැවසුවාය. තරුණිය විසින් පැවසූ දේ කිසිසේත් තරුණයා බලාපොරොත්තු වූවක් නොවීය. ඒ මොහොතේ ඔහු කෙරෙන් දිස්වූයේ අතිශය දුක්මුසු අසරණ පෙනුමකි.

" මැඩම් මට කල් දෙන්න කියන්න . මං එයා කියන ඕනම විදියකට වෙනස් වෙන්නම්..
බබා මාව විශ්වාස කරන්න මං වෙනස් වෙන්නම්" යනුවෙන් බැගෑපත් වන තරුණයා අතිශයින්ම කම්පාවට පත්ව ඇති බව පෙනුණා..

කිසිදු වරදක් නොකළ, ඉතාම ධාර්මික , අතිදක්ෂ, වැදගත් තරුණයෙකු මා ඉදිරිපිට පෙම්වතියගෙන් ආදරය අයදිමින් සිටී. ඒ සඳහා ඕනෑම ආකාරයකට වෙනස්වීමටද ඔහු සූදානම් බව පවසනවා..

තරුණිය පැවසූ ලෙසම ඔහු ඉතා යහපත් තරුණයෙක්..

එහෙත් තරුණිය වෙනස් වන්නට අකමැති බව කියා සිටියා..
මේ ගැටළුව ඔවුන්ම විසඳාගැනීම කළයුතු බැවින් තරුණ යුවළට ක්‍රියාකාරකමක් දුන්නා..

ඔව් එකක් එකම එකක්

දෙදෙනා මාස දෙකක් යනතෙක් කිසිම ආකාරයකින් මුණගැසීම, කතා බහ කිරීම, ඔවුනොවුන් පිළිබඳ කිසිම අයුරකින් සොයාබැලීම, නොකර ඉන් වළකින ලෙසයි. දෙදෙනා අතර සියලු සන්නිවේදයන් නවතා දමන ලෙසයි..

උපදේශනයේදී මෙවන් කෘතීම වෙන්කිරීම් ගැටළු විසඳීමේ ක්‍රමශිල්පයක් ලෙස භාවිතා කරයි..

තරුණයා විස්මයට පත්විය. කාලය කෙටි කරන ලෙස ඉල්ලුවේය. තරුණිය නිහඬවම සිටියා... ඇය තීරණයකට පැමිණ අවසන් බව තහවුරු වෙනවා..

"අනේ මැඩම් එච්චර කල් එපා මාසයක් කරන්න. අපි ඊට කලින් කතා කරාවි" තරුණයා බැගෑපත් වෙයි..

" නෑ මේ කාලසීමාව අවශ්‍යයි. ඔබ දෙදෙනා මේ කාලසීමාවෙදි තේරුම් ගනීවි, හිතා බලාවි අනෙකා තමන්ගෙ ජීවිතේට කොතරම් වැදගත්ද? ජීවිතෙන් කොටසක්ද කියන එක. එහෙම තේරෙනකොට තමන්ට මතක්වෙයි දෙන්නා අතර තිබුණු නොගැලපීම් , හිතරිදීම්.
මේවා වෙනස් කරගන්න ඔබට ලැබෙන කාලසීමාවක් කියා හිතන්න."

අවසානයේ දෙදෙනා එකඟතාව පළ කළා...
දෙදෙනා පිටව ගියහ. එහෙත් තරුණයාට අත්වන වේදනාවට මුහුණ දීමට ඔහු සූදානම් කිරීම සඳහා දෙදෙනාටම නැවත මා මුණගැසීමට උපදෙස් දුනිමි. එහෙත් තරුණිය පැමිණියේ නැත. එය මම දැන සිටියා..

මම ඔහු සමග ආදරය , සතුට, ජීවන සහකරු , අනාගත වෘත්තිය, වැඩිදුර අධ්‍යාපනය ආදිය පිළිබඳ කතා කළෙමි.. ඒ සෑම කාරණයක් තුළම වෙන්වීමක් සිදුවුවහොත් තමන් ශක්තිමත්ව එයට මුහුණ දෙන්නේ කෙසේදැයි වටහාගත හැකි අයුරින් නිදසුන්, ආදර්ශපාඨ එහිදී උපයෝගී කරගතිමි..

සතිදෙකක් යනවිට ඇය දකින්නට ඇති බලවත් උවමනාව ඔහුට මතුවුණා..
ඉවසා සිටින්නට බලා සිටින්නට අප පුරුදු වියයුතු බව ඔහුට මේ කාරණයේදී පෙනී ගියා.. 
අන්තර්ජාලය ඇසුරෙන්
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top