සත්ත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂණය සපයන වැදගත්ම ආහාරයක් ලෙස එළකිරිවලට සුවිශේෂි ස්ථානයක් හිමි වේ.
වර්තමානයේ රජය කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ කිරිවල ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමට විවිධ වැඩසටහන් පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණ ද යාපනය වැනි දිස්ත්‍රික්කයක කිරි ගොවීන්ගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කර පිළියම් යෙදීමට අදාළ ආයතන අසමත් වී ඇත.
පොහොසත් සංස්කෘතික උරුමයන්, ඵෙතිහාසික ස්ථාන, ඇදහිය නොහැකි ආහාර සහ වෙන්වුණු දූපත් සඳහා ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ යාපනය මේ වන විට දියුණු වෙමින් පවතින නගරයක් බවට පත් වෙමින් තිබේ.
ඒ කෙසේ හෝ තම වෙර වීරියෙන් ජීවිත ගොඩනඟා ගැනීමට උත්සාහ දරන යාල්පානමේ මිනිසුන් නිසාය. ඒ අනුව උතුරේ ආර්ථිකයට එම මිනිසුන් ශක්තියක් එක් කරන්නේ වෙහෙස මහන්සියෙනි.
යාපනය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබ රජයේ රක්ෂා පසුපස හඹා නොගිය, තම උත්සාහයෙන් උතුරේ ආර්ථිකයට දායකත්වය සපයන තරුණයෙකු පිළිබඳවයි මේ කතාව. ඔහු නමින් සිවලිංගම් ජසිකරන්ය.
ඔහු තමාගේ කැමැත්තෙන්ම යාපනය කන්කසන්තුරෙයි, උප්පුමඩම් හන්දියේ සිය මීටර් 100ක දුරින් ලක්ෂ්මි නමින් කිරි හලක් පවත්වාගෙන යයි. මෙහි විශේෂත්වය හිමිදිරි උදෑසන සිට රාත්‍රී 11 වන තෙක් එළකිරි මෙන්ම කිරි ආශ්‍රිත කෑම වර්ග හා බීම වර්ග අලෙවි කිරීමය.
“මම සාමාන්‍ය පෙළ දක්වා යාපනයේ සිවප්‍රකාශ මහා විද්‍යාලයෙනුත්, උසස් පෙළ යාපනයේ හාර්ට්ලි මහා විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබුවා. යාපනය විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ එහෙ වසර 4ක කාලයකින් උපාධිය නිමා කරලා, මේ එළ කිරිහල පටන් ගත්තා. මේකට මගේ අම්මා තාත්තා හා මල්ලිත් උදව් කරනවා. මම විශ්වවිද්‍යාලයේ ඉද්දී විනෝදාංශයක් විදියට යාපනයේ වෙසෙන කිරි ගොවීන්ගේ ජීවන තත්වය, නිෂ්පාදනය, බෙදාහැරීම හා ඒ ගොවීන්ට ආයතන ගෙවන මිල ගැන එහෙම අධ්‍යයනයක් කළා.
මං මේ දේ කළේ ඉදිරි බලාපොරොත්තුවකින් නෙවෙයි. නමුත්, යුද්ධයෙන් අසරණ වුණ මිනිසුන් රැකියාවක් නැතිව ඉන්න තත්වයක් තුළ ඒ අය වෙනුවෙන් මට මොනවා හෝ කරන්න ඕනි කියලා හිතුණා. එහෙමයි මේ ව්‍යාපාරය කරන්න අදහස ආවේ. මං වෙනුවෙන් විතරක් හිතුවා නම්, මට රජයේ වගේ ස්ථීර රස්සාවකට යන්න තිබුණා. ඒත්, යුද්ධයෙන් අසරණ වුණු මිනිස්සුන්ගේ ජීවන තත්වය නංවාලන්න ඕනි කියන මතය යුද්ධය අවසන් වුණාට පස්සෙත්, ජීවත් වෙන්න මිනිස්සු විඳින දුක දැක්කාමත් මට හිතුණා.”
සත්ත්ව හා ශාක ආහාර අතරින් ශරීරයට අවශ්‍ය පෝෂණය සපයන වැදගත්ම ආහාරයක් ලෙස එළකිරිවලට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. වර්තමානයේ රජය කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ කිරිවල ගුණාත්මක බව ඉහළ නැංවීමේ අරමුණින් දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමට විවිධ වැඩසටහන් පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබුණ ද යාපනය වැනි දිස්ත්‍රික්කයක කිරි ගොවීන්ගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කර පිළියම් යෙදීමට අදාළ ආයතන අසමත් වී ඇත.
“මං දැන් මේ ව්‍යාපාරය පටන් ගෙන අවුරුදු 4ක් වෙනවා. මුලදී කිරි ගොවීන් තුන් දෙනෙකුගෙන් ව්‍යාපාරයට කිරි මිලදී ගත්තා. රජයෙන් හෝ පුද්ගලික ආයතනවලින් මිලදී ගන්නා කිරි ගොවියන්ගේ කිරිවලට නියමිත මිලක් ලැබෙන් නැති තත්වයක් තියෙන්නෙ. මුල් කාලයේ මම මිල ගණන් සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළා. රාජ්‍ය පුද්ගලික ආයතනවලින් ගොවියන්ගෙන් කිරි මිලදී ගනිද්දි එහි අඩු පාඩු කියලා අඩු මිලකට තමයි කිරි මිලදී ගන්නෙ. මුලදී රාජ්‍ය හා පුද්ගලික ආයතන ලීටරයක් රුපියල් 70කට වගේ මිලදී ගන්න දවස්වල මම තවත් වැඩිපුර රුපියල් 25ක් දීලා ලීටරය 95කට මිලදී ගත්තා. ගොවියන්ගේ මහන්සියට සාධාරණ මිලක් අවශ්‍යයි. මම එය තේරුම් ගත්තා.
දැනට මම කිරි ගොවියන් 120කගෙන් පමණ එළකිරි මිලදී ගන්නවා. කොහොමටත් දවසකට මම මිලදී ගන්න සම්පූර්ණ කිරි ප්‍රමාණය ලීටර් 700ක් වගේ මිලදී ගන්නවා. තව අමතර ආදායමට වගේ කිරි වෙළඳාම කරන අයට මං එළදෙනුන් මිලදී ගෙන ඔවුන්ට දීලා තියෙනවා. ඔවුන්ගේ කිරි නිෂ්පාදයෙන් ඒ මුදල් කොටස් විදියට මං පියවා ගන්නවා. අවසානයේදී ඒ ගොවියාටම එළදෙනත් අයිති වෙනවා, ඒත්, එක්කම මටත් අමතර කිරි ලැබීමේ මාර්ගයක් ලැබෙනවා. එහෙම හය දෙනෙකුට වගේ මං එළදෙනුන් අරන් දීලා තියෙනවා. ඔවුන් පුද්ගලික හා රජයේ ආයතනවල රැකියා කරන අය, ඔවුන් රැකියා නිම කරලා හවස ගෙදර ඇවිත් රෑට මෙහෙ කිරි මිලදී ගනිද්දි ඔවුන් ගෙනත් දෙනවා.”
හින්දු ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය සමරන කාලයේ එනම් ජනවාරි මාසයේ අදාළ දිනයේ මාට්ටු පොංගල් වෙනුවෙන් එළදෙනුන්ට පූජා පවත්වනු ලැබේ. පොංගල් යනු ඉතිරීම යන අරුත දෙයි. සාම්ප්‍රදායික ප්‍රධාන ආහාරය වන වී අස්වැන්න සාරවත් කරදීමට කෘතගුණ සැලකීමක් ලෙස හිරු දෙවියන්ටත් ගවයන්ටත් ස්තූති කිරීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණය. එය ප්‍රධාන වශයෙන්ම සෑම දෙමළ නිවෙසකත්, වෙළඳ සැලකමත්, කෝවිලකමත් මෙන්ම අනෙකුත් ආයතනවලත් සිදු කරනු කරන දෙයකි.
“ තෛපොංගල් දිනයට පසු දිනයේදී තමයි මාට්ටු පොංගල් දිනය යෙදෙන්නෙ. ගොවිතැනින් අස්වැන්න ලබා ගන්න ගොවියන්ට උදවු වුණු ගවයන්ට ස්තූති කිරීම වෙනුවෙන් ඒ උත්සවය පවත්වනවා. එදාට එළදෙනුන්ගෙන් කිරි දෙවීමක් සිදු වන්නේ නැහැ. එදාට එළදෙනුන් පිරිසිදු කරලා සරසලා ආහාර පානාදියෙන් පූජා පවත්වනවා. කෝවිල්වල වගේම නිවෙස්වලත් එළදෙනුන්ට පූජා පැවැත්වීම සිදු කරනවා. මේ දවස්වල කන්දසස්ති පූජා දිනය නිසා මේ දිනවල කිරි ගේන පමණින් ඉවර වෙනවා.”
මේ වන විට සිවලිංගම් ජසිකරන්ගේ කිරිහලේ ඔහුගේ පියා හා මල්ලීට අමතරව හතර දෙනෙකු සේවය කරන අතර, ඔවුන් හතර දෙනාම යුද්ධය හේතුවෙන් අසරණභාවයට පත්වූ අයවලුන්ය. ඔහුගෙන් කිරි මිලදී ගැනීමට හිමිදිරියේ වගේම රාත්‍රියෙත් වෙනසකින් තොරවම පාරිභෝගිකයන් පැමිණෙන බව සිවලිංගම් ජසිකරන් සඳහන් කරයි.
“ දැනට මම යාපනය නගරයේ අවට අයට තමයි කිරි වෙළෙඳාම සිදු කරන්නේ, කිරිවලට අමතරව එළකිරි සරුවත් පානය, පන්නීර් පානය, කිරි ටොෆි වගේ කෑම බීම ජාති හදනවා. එළකිරි සරුවත් වීදුරුවක් රුපියල් 70යි. දොවපු ගමන් ගේන කිරි නිසා පෝෂණ ගුණයෙනුත් ඉහළයි. රසෙන් වැඩියි. හොඳ යොදය සහිත කිරි. ඒ නිසා ඉක්මනින් අලෙවි වෙනවා. පාන්දර 5ට වගේ කඩේ අරිනවා. වහද්දී රාත්‍රී 11ත් පහුවෙන අවස්ථා තියෙනවා. එතකම්ම කිරි අලෙවිය හොඳින් සිදුවෙනවා.”
තම ව්‍යාපාරයේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් සිවලිංගම් ජසිකරන්ට තිබුණේ මෙවැනි අදහසකි.
“ යුද්ධය අවසන් වුණාට පසුවත්, මෙහෙ මිනිස්සුන්ට ජීවන තත්ත්වය වර්ධනය කර ගන්න හරි හමන් රස්සාවක් නෑ. මඟ පෙන්වීමක් නෑ. මට සතුටක් තියෙන්නේ, මගේ ව්‍යාපාරය නිසා යැපෙන පිරිස 150කට වැඩියි. දැනට යාපනය මිනිස්සු වෙනුවෙන් කරගෙන යන මේ ව්‍යාපාරය තවත් දියුණු කරලා උතුරු පළාතේ අනෙකුත් නගරවලත් ව්‍යාපාරික ස්ථානයන් ආරම්භ කරලා, ඒ ඒ පැත්තේ ජීවත්වන කිරි ගොවීන්ගේ ජීවන තත්වය නංවන්නයි මම හිතන් ඉන්නේ. මං මේක පටන් ගනිද්දී රජයෙන්වත් පුද්ගලික අංශයකින්වත් කිසිම සහායක් තිබුණේ නැහැ. මගේ උනන්දුවෙනුයි, උත්සාහයෙනුයි තමයි මේ තරම් දුරකට ආවේ.''
උපුටා ගැනීම - දිනමිණ