ඊශ්‍රායලය කිව්ව ගමන් මතක් වෙන්නෙ යුද්ධයක්.
ඒ ඔවුන් උපතින්ම යුදෙව් ජාතික රටක් නිසා.
මධ්‍යධරණී මුහුදෙ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු රටක් විදියට තමයි ඊශ්‍රායලය පිහිටන්නෙ.
මිලියට 8 කට ආසන්න ජනගහනයක් වෙසෙන ඊශ්‍රායලයේ එයින් විසිපන්දහසක පමණ ජනතාවක් ශ්‍රී ලාංකිකයින් .
දැනටත් යුද්ධයක් තිබුනත් අපේ රටේ අය ඊශ්‍රායලයට යන්න පොර කන්නෙ ඔවුන් විශාල වැටුප් ගෙවන නිසා.
ඒ නිසාම මේ දවස්වල අපේ රටේ තරුණයන්ගෙ වැඩිම උනන්දුවක් තියෙන්නෙ ඊශ්‍රායලයේ රැකියාවකට යන්න.
රජය විසින් ඊශ්‍රායලයේ රැකියා සඳහා අපේ තරුණයින් යොමු කළත් , ඒ සඳහා තිබෙන්නෙ විශාල තරඟයක්.
මේ අතර තුරේ තමයි ඊශ්‍රායලයේ වෙසෙන දමිත් ගැන දැනගන්න ලැබෙන්නෙ.
දමිත් එරන්ද කුමාර කියන්නෙ අනුරාධපුර රඹෑව ගමේ ඉපදිලා.
හවසට වැවෙන් වතුර ටිකක් නාලා , ගමයි,පන්සලයි,වැවයි දාගැබැයි එක්ක ජීවත් වුණ කොල්ලෙක්.
අපේ රටේ අවුරුදු 30 ක් තිබුණ යුද්ධෙ 2009 නිමා වෙද්දි දමිත්ට වයස අවුරුදු 26 යි.
ජයසිරිමහා බෝධියටත් ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කරපු ඉතිහාසයක 2009 යුද්ධෙ නිමා වීමත් සමග දමිත්ල වගේ අනුරාධපුර කොල්ලන්ට තිබුනේ ජීවිතේ ගොඩදාගන්න නැවුම් ප්‍රාර්ථනා .
"කෙයාගිවර්" මේ වචනෙ අද රට යන්න උනන්දුවෙන ශ්‍රී ලාංකිකයින්ගෙ සාමාන්‍ය වචනයක්.
දමිත්ට මේ වචනෙ හමුවෙන්නෙ 2010 වසරෙදි.
දමිත් ඒ වෙනුවෙන් නොසෑහෙන්න මහන්සි වෙනවා.
එහි ප්‍රතිඵලයක් විදියට දමිත් ඊශ්‍රායලයට යනවා.
ඒ වියපත් යුදෙව් ජාතිකයෙකුට උපස්ථාන කරන්න.
දමිත් ඒ වියපත් යුදෙව්වාට උපස්ථාන කළේ තමන්ගෙ තාත්තට උපස්ථාන කරනවා වගේ අවංක හැඟීමෙන්.
දමිත් කියන විදියට යුදෙව්වො හොඳට හොඳයි,නරකට නරකයි.
ඒ නිසාම දමිත්ගෙ හොඳට හොඳම පිටුපසින් ආවා.
ඒ නිසාම දමිත්ට " මයිකි" නැමැති තරුණ ඊශ්‍රායල් ජාතිකයෙක් හමු වෙනවා.
" මයිකි" කියන්නෙ ව්‍යාපාර බොහොමයක අයිති කරුවෙක්.
දමිත් මුලින්ම " මයිකි" ලඟට රැකියාවට යන්නෙ "මයිකි"ට අයත් කාමර 51 කින් සමන්විත විශාල හෝටලයක පිරිසිදු කරන්නෙක් විදියට.
දමිත් තමන්ගෙ අරමුණ වෙනුවෙන් මයිකිට අවංකවම සේවය කරනවා.
දමිත් මයිකිට අපේ රටේ ආගන්තුක සත්කාර ගැන කියලා දෙනවා.
මේ අතරෙ කොවිඩ් වසංගතයෙන් මයිකිගෙ හෝටල් ව්‍යාපාර කඩා වැටෙද්දි ,දමිත් ඒ ව්‍යාපාර රැක ගන්න ශ්‍රී ලංකාවට ආවේනික සත්කාර ක්‍රම ගැන "මයිකි"ට කියලා දෙනවා.
එහි ප්‍රතිඵලයක් විදියට ඔහුට අයත් හෝටල් කොවිඩ් රෝගීන්ගෙ නිරෝධායන මධ්‍යස්ථාන විදියට එම හෝටල් දමිත් පවත්වාගෙන යනවා.
අවසානයේ හොඳට හොඳ නරකට නරක යුදෙව් ජාතික " මයිකි" දමිත්ගෙ හොඳ වෙනුවෙන් ඔහුට අයත් විශාලතම හෝටලයේ හිමි කාරීත්වය දමිත්ට පවරනවා.
දමිත් දැන් කාමර 51 ක් තිබෙන Telaviv හෝටලයේ හිමිකරු.දමිත්ගෙ හෝටලය තමයි වර්ථමානයේ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජනප්‍රියම නවාතැන් පළ.
දමිත් දැන් දක්ෂ ව්‍යවසායකයෙක්.දමිත්ගෙ අලුත්ම ව්‍යාපාර අතර ලංකාවේ ආයෝජනය කිරීමට ඊශ්‍රායල ජාතිකයින් ලංකාවට රැගෙන ඒම.
ඊට අමතරව ඊශ්‍රායලයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ට විවිධ ආයෝජන ක්‍රම හඳුන්වාදීම.
වර්ථමානයේ ඊශ්‍රායලයේ රැකියාවළට යන්න පොරකන අපේ රටේ ශ්‍රමිකයින්ට දමිත්ගෙන් ඉගෙන ගන්න පාඩම් බොහොමයක් තිබෙනවා .
යුදෙව්වො "හොඳට හොඳයි,නරකට නරකයි "
-සංජක ප්‍රසාද් දොලේවත්ත-
2024.02.09