මේ දිනවල සොරකම් කිරීම් මිනී මැරීම් ගැන ඇසෙන පුවත් වැඩියි.
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්.
කළුතර සහ අවට ප්‍රදේශවල කාන්තාවන්ගේ ගෙළ බැඳි රන්මාල කොල්ලකෑ 'පයාගල මකා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු මීට මාසයකට පමණ පෙර පයාගල මැටිමුල්ල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරුපැදියක් සොරකම් කර එමගින් තවත් පුද්ගලයෙකු හා එක්ව කාන්තාවන්ගේ රන් මාල කොල්ලකා ඇති බවයි වාර්තා වෙන්නේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06ක්ද සොයාගෙන තිබෙනවා.
පසුගියදා පානදුර නගරයේ කාන්තාවකගේ රන් මාලයක් පැහැරගත් සිද්ධියේ සැකකරු වන්නේ ද මොහු බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු අද (05) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.