Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
04
දියවැඩියාව නසන්න ඇත්තටම කරවිල උපයෝගී වෙනවද ?

- දියවැඩියාව නසන්න ඇත්තටම කරවිල උපයෝගී වෙනවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11 Views
කරවිලවල ඇති විස්මිත රෝග නසන ගුණ..

කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ කට ඇඹුල් වෙලා යන එළවළුවක්නේ. ඒ උනාට බත්පත රස ගන්වන්නට කරවිලවලින් ලැබෙන දායකත්වය ඉහළයි. කරියට පිසුවත්, තෙළට සිඳුවා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල පුදුමාකාර රසයි. ඒ තිත්ත රසය වුණත් දිවට මිහිරක්ද ගෙන එන නිසා. මේ කියන්න යන්නේ නම් කරවිල පිසින හැටි ගැන නොවේ. ඇතැමුන් තිත්තයි කියා ඉවත දමන කරවිලවල ගුණය ඒ අය නොදන්න වග නිසැකයි. මේ ලිපිය කියවීමෙන් පසු ඖෂධීය ගුණයෙන් වඩාත් පොහොසත් කරවිල ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුව කෙතරම් වැදගත්ද කියා ඔබට ම වැටහේවි.

කරවිලවල වෙනත් වර්ග ද දකින්නට ලැබෙනවා. ඒ හෙළ කරවිල, බටු කරවිල සහ තුඹ කරවිල වගේ ප්‍රභේද කිහිපයක්. අපි දැන් බලමු කරවිල වල තියෙන ඖෂධීය ගුණය මොන වගේ එකක් ද කියල කරවිල ඖෂධීය ගුණය අසීමිතව අඩංගු හොඳ ආහාරයක්. විශේෂයෙන්ම මධුමේහ (දියවැඩියාව)රෝගීන්ට කරවිල ඉතාමත් ගුණ කෑමක්. දියවැඩියාව සඳහා වැඩි වශයෙන්ම ගුණ ඇත්තේ අමුවෙන් ගත් කරවිල යුෂ වලයි. කරවිල බීජ ආහාරයට ගැනීම මගින් පිළිකා සෛල වර්ධනය වැළැක්විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධිවේද විද්‍යාඥයෝ කියති. ඉක්මනින් ආහාර දිරවීමට, ආමාශය නීරෝගී වීමට, කරවිල ඉතාම යෝග්‍යයි.

සිරුරෙහි ඇතිවන බාහිර ආබාධයන් සඳහාද කරවිල අසීමිතව ගුණ ගෙන දෙනවා . දද-කුෂ්ඨ සඳහා වඩාත් සුවදායකය. වේදනාවන් කැක්කුම් සමනය කොට ශාරීරික දාහයද නැති කර දමනවා . පෑරුණු තුවාල වේ නම් ඒවායෙහි මස් වැඩීම සිදු කරවනවා. පිත්තය සහ ඉදිමුම් සමනය කරනවා. ලේ පිරිසුදු කර සෙම් රෝග සමනය කර දමා බඩගින්න වඩවනවා.
අර්ශස් රෝගීන් සඳහා කරවිල යුෂ අමුවෙන් පානය සඳහාත් යම්තමට පිස ව්‍යංජනයක් ලෙසත් දෙනවා. විශේෂයෙන් පාසානම් විසට කරවිල යුෂ ඉතාම අගනේයි. උග්‍ර සර්ප විසට, සුදු පාසානම් විසට ද කරවිල යුෂ භාවිතයෙන් සාදා ගත හැකි ඖෂධ කදිමයි.කුඩා දරුවන්ට නිතර ඇතිවන සමේ තුවාලවලට කරවිල කොළ තැම්බූ වතුරෙන් සේදීම සුදුසු වනවා. හුගක් දරුවන් කරවිල කන්නේ නැත්තේ තිත්ත රස නිසයි. ඒ නිසා තිත්ත රස ඉවත් කිරීමට කෙමක් තිබෙනවා. එනම් කතා නොකර කරවිල කැපූවිට කරවිලවල තිත්ත රස නැති කර ගත හැකි වීමයි.
රාත්‍රියේ හදිසියේ සර්පයකු දෂ්ට කළවිට ඒ සඳහා භාවිතයට ගන්නා ඖෂධයන්හි ගුණය කරවිල හේතුවෙන් හීන වන නිසා ගම්බද වැසියෝ බොහෝ විට රාත්‍රි ආහාරයට කරවිල එක්කර ගන්නේ නැහැ .
ඇතැමුන් කරවිල පිසින විට කුඩා කැබැලි කපා ලූණු වතුරෙහි දමා පොගවනවා. තිත්ත රසය නැසීමට එසේ කළත් කරවිලවල ගුණයත් ඖෂධීය වටිනාකමත් රැඳී තිබෙන්නේ එකී තිත්ත රසයෙහිමයි. කරවිල තෙලෙහි බැද ගැනීමෙන් සිදු වන්නේත් එහි ගුණය නසා දැමීමක්. කරවිල තම්බා අනුභවය සඳහා ගැනීම වගේම අමුවෙන් යුෂ පෙරා පානයට ගැනීමෙන් ලේ පිරිසුදුව කරනවා වගේම සමද පැහැපත් කරනවා. තම්බන විට කරවිල යම්තමට තම්බා ගැනීම යහපත්. රස ඖෂධ නිෂ්පාදනයේ දී විස නැසීම සඳහා භාවිතයට ගන්නා ඖෂධ සඳහා කරවිල යුෂ ලබා දෙන්නේ හොඳ දායකත්වයකි.
කරවිල මුසු කර සකස් කරන අත් බෙහෙත්
සරම්ප, පැපොල, වසූරිය වැනි රෝගයන්හිදී කරවිල කොළ කොටා යුෂ බීමට දීම ගුණදායකයි.
කරවිල යම්තමට තම්බා ලූණු ඉස කෑමට ගැනීමෙන් දියවැඩියාව සහ සමේ රෝගයනටද සුවදායක සහනයක් ලැබෙනවා.
කුඩා දරුවනට රාත්‍රි නින්දට පෙර කරවිල යුෂ තේ හැඳි 1 හෝ 2ක් බීමට දීමෙන් කිරිපණු රෝගය සුවවන බව සදහන්.

අර්ශස් රෝග සමනයට කරවිල වලින් තෛලයක් හදමු..

*කොහිල අල යුෂ අඬු කෝප්ප 4යි
*තුඹ කරවිල යුෂ අඬු කෝප්ප 8යි
*කිඩාරම් අල යුෂ අඬු කෝප්ප් 4යි
*තලතෙල් අඬු කෝප්ප 4යි

සීනක්කාරම්, වෙඩිලූණු, ඉගුරු, ගම්මිරිස්, මී මිනි මයිල්, බදුල්ල ඇට, දළුක් ඇට, පෙරුම්කායම්, ගලීස් යනාදිය කළං 1 බැගින් ගෙන වෙන්කර ගන්න. පසුව ඒ සියල්ල හොඳින් ගුළියක් ලෙස අඹරා ගන්න.
එයට පසුව ඉහත සඳහන් කළ යුෂ වර්ග සියල්ල තලතෙල් සමග සිඳුවා ගන්න. තෙල තරමකට සිඳීගෙන එනවිට අඹරා ගත් (කල්කය) ගුළිය එයටම එක්කර තෛලය පත එකට සිද ගන්න
අර්ශස් රෝගයේදී ගෙඩි එළියට පැමිණීම ස්වාභාවිකයි. වැසිකිළි යෑමෙන් පසුව හොඳින් සෝදා තෙතමාත්තු කර ඉහත තෛලය එතැන ආලේප කරන්න. රෝගියාට හොඳ සුව සහනයක් දැනෙන බව නිසැකවම කිව හැකියි.

පොතු කබර රෝගය සඳහා

කරවිල සමග එහි මුල ගෙන චූර්ණයකර ගන්න. එයට පසුව කුරුඳු පොතු, තිප්පිලි කුඩු සමව ගෙන එයට හාල් පිටි දමා තුවරක තෛලයෙන් අනා ඉහත චූර්ණය ද එක්කර හොඳින් මුසුකර ගන්න. මෙම ඖෂධය බාහිර ආලේපය සඳහායි. සැරව ගලන දද කුෂ්ඨ සඳහාද මෙය සුවදායක වනු ඇති.

කොලෙස්ටෙරෝල් පාලනය ..

කරවිල මගින් ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර හෘදයාබාධ හා හදිසි ආබාධ ඇති කිරීම වළකනවා. රුධිර පීඩනය පාලනය කිරීම හා අධික ලෙස ශරීරයට පොටෑසියම් හා සෝඩියම් අවශෝෂණය කර ගැනීම පාලනය කරනවා.

පිළිකා සෛල විනාශ කිරීම..

කරවිල ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඒ මගින් අග්න්‍යාශය ආශ්‍රිත පිළිකා, පුරස්ථිති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා, පියයුරු පිළිකා, මහ බඩවැල, අක්මාව, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවධානම අඩු කිරීමට සමත් වෙනවා.

දියවැඩියාව පාලනය..

කරවිල මගින් ශරීරයේ ඇති අතිරික්ත සීනි ප්‍රමාණය අඩු කර දියවැඩියාව පාලනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් සිදු කරනවා.

සිරුර තුළ පිෂ්ටය දහනය කිරීම..

ශරීරයේ තැම්පත් වෙන වැඩිපුර පිෂ්ටය දහනය කිරීමට කරවිල වලට හැකියාව තිබෙනවා. අධික ලෙස පිෂ්ටය තැන්පත් වීම නිසා ඇතිවන තරබාරුව නැතිකර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග පාලනය කරනවා.

වකුගඩු වල ගල් ඉවත් කිරීම..

වකුගඩු වල ගල් ඇති වූ විට කරවිල මගින් ඒවා සුව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආහාරත් සමග ගැනීමෙන් ශරීරයට පහසුවෙන් උරාගැනීම නිසා ඖෂධ වලින් තොරව සුවකරගන්න පුළුවන්.

ඇස් වල පෙනීමට..

කරවිල වල ඇති බීටා කැරොටින් සහ විටමින් වැනි සංඝටක වලින් ඇසේ සුද ඇතිවීම හා දෘෂ්ඨි ආශ්‍රිත රෝග ඇතිවීම වළකනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
කරවිල මගින් වෛරස් හා බැක්ටීරියා සමග සටන් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. රෝග කාරකයන්ට එරෙහිව ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරමින් ලෙඩ රෝග වලින් වැළකී සිටීමට උපකාරී වේ.

අක්මාව පිරිසිදු කිරීමට..

කරවිල යුෂ පානයෙන් බඩවැල් පිරිසිදු කරන අතර අක්මාවේ ගැටළු වලටත් සුවදායකයි. එමෙන්ම ඒ මගින් මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වයත් වැඩි දියුණු කරනවා.

සම පැහැපත් කිරීමට හා හිසකෙස් නිරෝගී කර ගැනීමට..

කරවිල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එහි ඇති විටමින් A සහ C මගින් සම පැහැපත් කර සමේ රැළි වැටීම් වළක්වනවා.

එමෙන්ම එය සම UV කිරණ වලින් ආරක්ෂා කිරීමටත් උපකාරී වෙනවා. කරවිල යුෂ හිස මත ගැල්වීමෙන් හිසකෙස් යාම, රළු කෙස්, ඉස්සොරි සහ හිසෙහි කැසීම් වලට සුවයක් ගෙන දෙනවා.

කරවිල යුෂ ඍජුවම හිසෙහි ආලේප කිරීමෙන් හිසකෙස් වැටීම වළක්වාගත හැකි අතර එයට මී කිරි ටිකක් එකතු කර ගැනීමෙන් හිස් කබලට සහ හිස කෙස් වලට කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරනවා.

සිරුරේ බර අඩු කර ගැනීමට..

මෙහි අඩංගු කැලරි ප්‍රමාණය ඉතා අවම බව කලින් සඳහන් කෙරුනා. එයට අමතරව කරවිල වල ඇති තන්තුමය බව (fibrous) නිසා එය ජීර්ණය වීමට ගතවන කාලය වැඩියි. මේ හේතුවෙන් කුසගිනි දැනීම අඩු වීමක් සිදු වෙනවා. මෙය සිරුරේ බර පාලනයට උපකාරී කරගන්න පුලුවන්.

කිරි දෙන මවුන්ට පිළිගැන්වීමට..

කරවිල වල ඇති විටමින් K, ලයිකොපීන් (Lycopene) සහ ප්‍රතිඔක්සිකාරක ගුණයන් (antioxidants) නිසා කිරි දෙන මවුන්ට කිරි වඩවන ආහාරයක් ලෙස එය ප්‍රචලිතයි.

දරුවන් ව කරවිල කෑමට කැමැත්තක් ඇති කරන්නේ කෙසේද?

වැඩිහිටියන් ගුණ ගැන සිතා හෝ කරවිල ආහාරයට ගත්තත් දරුවන්ට කරවිල කැවීම එතරම් ලේසි කාර්යයක් නෙමේ. නමුත් දරුවන් කරවිල වලට කැමැත්තක් ඇති වන ආකාරයට සකසා ගත්තොත් ඔවුනුත් කරවිල ආසාවෙන් කෑමට ගනී.

කරවිල සිහින් පෙති වලට කපා ලුණු දැමු ජලයෙන් සෝදා ගන්න. පසුව ඒවා සාදාගත් පාන් පිටි තැවරුමක ගිල්වා පාන් කුඩු තවරා ඒවා රන් වන් පැහැ වන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

දැන් කර කර ගා රසට හැපෙන කරවිල පෙති බත් සමග දරුවන්ට පිළිගන්වන්න. ඒවා කරවිල බවවත්, තිත්ත රසයක්වත් නොදැනෙන නිසා දරුවන් ඉතා කැමැත්තෙන් ආහාරයට ගන්නා බව නම් විශ්වාසයි.

ශ්‍රී ලංකාවේ මෙය බොහෝ විට පොල් කිරෙන් පිස ගත් ව්‍යංජනයක් ලෙස හෝ කරවිල පෙති ලෙස කපා තෙලෙන් බැද සම්බෝලයක් ලෙසින් පිලිගැන්වුවද බටහිර රටවල සලාද ක්‍රමයටත්, පිරවීම් වලටත්, බේක් කරගන්නා ආහාරයක් ලෙසත් ගන්නා බවට අන්තර්ජාලයේ කියැවේ.

කරවිල වල ගුණ එසේ වුවද, කොයි දේත් පමණට වඩා ගැනීම හානිකර විය හැකියි. අදි මාත්‍රාවෙන් පරිභෝජනය කිරීම නිසා කලාතුරකින් බඩේ අජීර්ණය, වමනය වැනි තත්ත්වයන් ඇති වෙන්න පුලුවන්. ගර්භනී කාන්තාවන් ටත් කරවිල තරමක් දුරට අගුණ විය හැකි බවට පිලිගැනීමක් තිබේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top