දුවෙක්ගේ ලෝකේ හැඩ කරන වීරයා තමයි එයාගේ තාත්තා...
තාත්තෙක් ජීවිත කාලෙම මහන්සි වෙන්නේ තමගේ දරුවන්ගේ ජීවිතේ ලස්සන කරන්න..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ තාත්තාකෙනෙකුගෙයි දුවෙකුගෙයි ලස්සන බැඳීමක් ගැන කතාවක්.. පසුගිය දවසක නිදහස් දින පුහුණුවීම අතරතුර පැරෂුට් භටයින් කීප දෙනෙක් නොසිතූ අනතුරකට මුහුණ දුන්නා..
මේ කියන්න යන්නේ ඒ කතාවෙම තවත් එක පැත්තක් ගැන..
ඊයේ පැවැති පෙරහුරුවට එක්ව සිටි යුද හමුදා පැරෂුට් භටයෙකුගේ ත්‍රාසජනක පිම්ම දැකබලා ගැනීමට පැමිණ සිටි එම හමුදා භටයාගේ පවුලේ ඥාතීන් පැමිණ සිටියා..
ඒත් එක්කම ඔහුගේ දියණිය සිය පියාණන් නිරුපද්‍රිතව අවසන් කළ ත්‍රාසජනක පිම්ම අවසානයේ ඔහුට සුභපැතූ ඒ අවස්තාව මෙන්න මේ විදිහටයි කැමරා කාචයට හසු කරගෙන තිබුණේ..