ඇය ශක්තිමත් බිරිඳක්, මවක් වගේම වෘත්තිය අතින් ගත්තත් සාර්ථක කාන්තාවක්..
ඇය සැමියාගේ වියෝවෙන් පස්සේ තව තවත් ශක්තිමත් වෙලා ජීවිතයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා..
ඒ ඇයට පෙරට වඩා යුතුකම් වගකීම් දැන් ඉටු කරන්නට තියෙන නිසා වෙන්න ඇති.. තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාර ගන්නා ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම පක්ෂයද ඉල්ලීමක් කරන්නේනම් ඉදිරියේදී ඒ පිළිබදව සලකා බැලීමට සූදානම් බව අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිද වන නීතීඥ චමරි ප්‍රියන්කා පෙරේරා පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සමග රිය අනතුරෙන් මියගිය ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩිගේ මහනුවර හෑදෙණිය ප්‍රදේශයේ නිවසට ඊයේ පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමින් ඇය මේ බව පවසා සිටියා..
එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිද වන නීතීඥ චමරි ප්‍රියන්කා පෙරේරා ප්‍රකාශ කළේ සිය ස්වාමිපුරුෂයා පුත්තලම් දිස්ත්‍රික්කයට මෙන්ම ජනතාවට විශාල සේවයක් කළ බවයි..
දිස්ත්‍රික්කයේ නිවාස නොමැති ජනතාවට නව නිවාස ලබා දුන්නද අවසානයේ සිය ස්වාමිපුරුෂයාගේ දේහය තැම්පත් කිරීමට සිදු වූයේ තාවකාලිකව ඉදි කළ ස්ථානයක බවද ඇය ප්‍රකාශ කර තිබෙනවා..
තමන් ස්වාමි පුරුෂයාගේ දේශපාලන කටයුතුවලින් අඬක් පමණ මෙහෙයවූ බවත් කිසි දිනක දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවක් නොතිබූ බවද ඇය සඳහන් කළා..
එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, තවමත් දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නොමැති බවයි..
එහෙත් ජනතා මෙහෙවර අඛණ්ඩව සිදු කරන ලෙස ජනතාව ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබදව සලකා බැලීමට සිදු වන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ බිරිද වන නීතීඥ චමරි ප්‍රියන්කා වැඩිදුරටත් සඳහන් කළේ..
කොහොම වුණත් මේ අනතුරෙන් පීඩාවට පත් වූ අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ බිරිඳ හා දරුවා වෙනුවෙන්ද ඕනෑම අවස්තාවක ඇය ඉදිරිපත් වන බවත් ඔවුන් වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් ඉටුකරන බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පැවසුවා..