මේ කියන්න යන්නේ 2025 වසරේ ඉඳලා ක්‍රියාත්මක වෙන අලුත්ම බද්දක් ගැන කතාවක්...
ඒ අනුව නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට නියමිතයි.. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් මේ බව පවසා තිබුණා..
දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබුණා..
නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බවත් වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා..