2025 වසරවන විය විභාග පැවැත්වීමේ කාලසටහන යථා තත්ත්වයට ගෙන ඒමට හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ 2024 වසරේ අග වනවිට විභාග පැවැත්වීමේ කාලසටහන හැර, පාසලේ කාලසටහනට අනුව පාසල් විෂය නිර්දේශයන් අවසන් කිරීමට ලබාපොරොත්තුවන බවයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ මල්වතු මහා නා හිමියන් බැහැදැකීමට අද මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේදී.
මේ අතර මෙවර උසස් පෙළ විභාගය මේ වනවිට නිශ්චයකර ඇති දිනයේදීම පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.