පිලිපීනයේ මින්ඩනාඕ ප්‍රදේශයට භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය රික්ටර් මාපකයේ 7.6ක අගයකින් දැක්වුණු බවයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
එම භූ කම්පනයත් සමඟ සුනාමි රළ තව සුළු වේලාවකින් පිලිපීනයට සහ ජපානයට බලපෑ හැකි බවයි අපේක්ෂා කෙරෙන්නේ.
පිලිපීන භූ කම්පන විද්‍යා ඒජන්සිය පැවසුවේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රිය වන විට පිලිපීනයට සුනාමි අවධානමක් මතුවිය හැකි බවයි.
ජපානය බටහිර වෙරළ තීරයට අඩි 3ක් පමණ උස රළ පහරක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
......................
පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූ කම්පනය සමඟ පනවා තිබූ සුනාමි අවධානම මේ වනවිට පහව ගොස් ඇති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.
මින්දනාඕ ප්‍රදේශයට කිලෝමීටර් 63ක් ගැඹුරින් රික්ටර් මාපක 7.5ක ප්‍රබල භූ කම්පනයක් හටගත්තේ මීට හෝරා කිහිපයකට පෙරයි.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන්කර සිටියේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි අවධානමක් ඇතිවීමට ඉඩ ඇති බවයි