Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
මම "ඇයි උඹ මේ මනුස්සයාට මෙහෙම කරදර කරන්නේ?" කියලා කෑගහලා ඇහුවා. ඒ වෙලාවේම රූපවාහිනියේ ටයිප් වුණා "මම නෙවේ ඒ මගේ දෙවැනි බිරිය ජේන් කියලා..." ලංකාව අතහැර එංගලන්තය බලා ගිය වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලන්ඩනයේ හොල්මන් නිවසක ගෙවන ජිවිතය... ඇඟ කිලිපොළා යන සත්‍ය කතාවක්..

- මම "ඇයි උඹ මේ මනුස්සයාට මෙහෙම කරදර කරන්නේ?" කියලා කෑගහලා ඇහුවා. ඒ වෙලාවේම රූපවාහිනියේ ටයිප් වුණා "මම නෙවේ ඒ මගේ දෙවැනි බිරිය ජේන් කියලා..." ලංකාව අතහැර එංගලන්තය බලා ගිය වාණිජ ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලන්ඩනයේ හොල්මන් නිවසක ගෙවන ජිවිතය... ඇඟ කිලිපොළා යන සත්‍ය කතාවක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views
මීට මාස කිහිපයකට කලින් අපි ලන්ඩනයේ සිටින ශ්‍රී  ලාංකික පවුලක් මුහුණදෙන කිසියම් අමනුෂ්‍ය බලවේගයක් පිළිබඳව මෙතෙක් නෑසූ කතාවක් ඉදිරිපත් කළෙමු.

එම පවුල මේ සීතල එළඹෙද්දී මුහුණදෙන අත්දැකීමේ තරම පැහැදිලි කිරීමේ අරමුණින් මෙම ලිපිය ඉදිරිපත් කරමු. එය සැබැවින්ම ලන්ඩනයට ඇති සීතල ඔවුන්ගේ පවුලට නොදැනෙන තරමට ඔවුන් උණුසුම් කරවන අත්දැකීමක්ව ඇත.

ඔවුන්ගේ පවුල උණුසුම් කරවන මේ අත්දැකීම වන්නේ ඔවුන් පදිංචිව සිටින නිවෙසේ සැරිසරන යම් අමනුෂ්‍ය බලවේගයක විශ්වාස කළ නොහැකි තරමේ ක්‍රියාකාරකම්ය.

මේ පවුල පදිංචිව සිටිනුයේ ලන්ඩනයේ ඇබින්ටන් නම් කුඩා නගරයේය. ලන්ඩනයේ තේම්ස් නදී තෙර පිහිටි මෙම කුඩා නගරය පැරැණි නගරයක් වන අතර ඔවුන් පදිංචිව සිටිනුයේද 70 දශකයේ නිමවන ලද නාගරික මහල් නිවාසයකය.

ශ්‍රී  ලංකාවේ වාණිජ  ක්ෂේත්‍රයේ වැදගත් තනතුරක් ඉසිලූ මේ පවුලේ ගෘහ මූලිකයා ශ්‍රී  ලංකාව අතහැර එංගලන්තය බලා යන්නට තීරණය කළේ පසුගිය කාලය තුළ ශ්‍රී  ලංකාව අත්විඳි අමිහිරි අත්දැකීම් නිසාය. මෙරට තුළද සිය ජීවන මට්ටම ස්ථාවර කරගෙන සිටි ඔවුන් ලන්ඩනයට යෑමට තීරණය කරනුයේ අඩුම තරමින් සිය එකම දරුවාට හෝ සැනසිලිදායක අනාගතයක් උරුම කරදීමේ අරමුණිනි.

ඔවුන් ඇබින්්ටන් නගරයට ආවේ පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීය. පැවැති නිවාස මිල සහ ඉහළ ඉල්ලුමත් සමඟ නිවෙසක් සොයා ගැනීමට ඔවුන්ට බොහෝ වෙහෙස මහන්සි වන්නට සිදුව ඇත. කෙසේ හෝ අමාරුවෙන් ඔවුන්ට හමුවන්නේ නගරයේ අතිශය ජනාකීර්ණ වූ පරිසරයක පිහිටි නිවාස ඒකක දෙකකින් එකකි.

ලන්ඩන් ජීවිතයට හුරුවන්නට සිය රැකියා කටයුතු සහ දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය හිසට සෙවණක් සොයා ඔවුන් හරිබරි ගැහුණා පමණි. අතිශය ජනාකීර්ණ සියලු පහසුකම් සහ ආරක්ෂාව මැද ඔවුන්ට කිසිදු තනි නොතනියක් දුරස්ථ බවක් තිබුණේ නැත. එහෙත් ගත වන්නට වූයේ දවස් කිහිපයකි.

“මේ ගෙදර මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා. හොල්මනක්වත් ඉන්නවද දන්නේ නෑ. වෙලාවකට ෂවර් අරිනවා. ‍ෙදාරවල්වලට තට්ටු කරනවා, පුටු පෙරළෙන සද්ද ඇහෙනවා.”
පැමිණිල්ල අප මිතුරාගේ බිරියගෙනි. එහෙත් ඔහු  එතරම් සැලකිල්ලක් නොදැක්වූයේ හොල්මන් හෝ යක්ෂ භූත බලවේග පිළිබඳව තඹයකුදු විශ්වාසයක් ඔහු තුළ නොවූ නිසාය.
තමන්ගේ ඇහැට දකින හෝ කනට ඇහෙන තෙක් මේ කතා විශ්වාස නොකළ අප මිතුරාටත් තමන් නිවෙසේ සිටි අවස්ථාවක මේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවිය.

“දවසක් මම දවල් ‍ෙදාළහට විතර නිවෙසට ගියා. ඔන්න එදා උඩින් සද්දයක් ඇහෙන්න ගත්තා. මම පඩිපෙළ  දිගේ  උඩ තට්ටුවට යනකොටම නැවතුණා. මම ඒ සද්දේ රෙකෝඩ් කළා. ඒත් අපේ නිවෙසට ඉහළින් ඇති කොන්ක්‍රිට් තට්ටුව උඩ දඟකාර ගැටව් ටිකක් නිතර සෙල්ලම් කරනවා. මම ඔවුන් ගැනත් සැක කළා. ඒ නිසා එදාත් විශ්වාස කළේ නෑ.

පස්සේ දවසක් අපි නිවෙසේ හිටියා. මේ සද්ද ඇහෙන්නේ අපේ ගෙදර එක කාමරයකින් වගේ. මම මේ කාමරේට වෙලා පැය දෙකක් විතර හිටියා. ඔන්න සද්දේ ඇහෙන්න ගත්තා. අපි බැලුවා මේසයකට ගහනකොටද ‍ෙදාරකට ගහනකොටද සද්දෙ එන්නේ කියලා. මමයි පුතායි මේවාට ගහමින් ශබ්දය බැලුවා. නමුත් එන්නේ ඒවට තට්ටු කරන ශබ්දයක් නෙවෙයි. අපිට තවත් සැකයි මේක කවුරු හරි කරන දෙයක් කියලා.

අපට තව බලන්න තිබුණේ එක තැනයි. ඒ මේ පැරැණි නිවෙසේ ඉහළ මහලයේ ලීවලින් තැනූ සොල්දරයක් තිබුණා. මේ සොල්දරයට ඇතුළු වන්නට කුඩා ලී පියස්සක් තිබුණා. ඉණිමගක් භාවිතයෙන් ඒකට නඟින්න පුළුවන්. අපි ඉණිමගක් ගෙනැවිත් මේකට නැඟලා බැලුවා. ඒක ඇතුළට පිටතින් කුඩා සතකුටවත් එන්නට තැනක් නෑ. ඒ මත තිබුණා ඉස්සර භාවිත කළ විශාල යකඩ උණුවතුර ටැංකියක්. මේකට මම තට්ටු කළා. හරියටම අපට ගෙදරට එන්නේ මේ තට්ටු කරන සද්දේ බව අපට තේරුම් ගියා.
නමුත් මේක කරන්නේ කවුද කියන එක ගැන අදහසක් අපට තිබුණේ නෑ.”
එය මේ කතාවේ ආරම්භයයි. එයින් පසුව සිදුවූ දෑ බොහෝය.

මුලින්ම අප මිතුරාට පැවැති සැකයක් වූයේ මේ පසුපස කිසියම් තාත්වික වූ සජීවී ක්‍රියාකාරකම් ඇති බවය. විටෙක ඔහු සිය පුතු ගැනද විමර්ශනශීලීව නිරීක්ෂණය කළේය. බිරියගේ හැසිරීම්ද නිරීක්ෂණය කළේය. ඒ අතරේ මෙම නිවෙසට යාබද නිවාසවල සිටින තරුණ ගැටව් විසින් සිදු කරන ලද්දක්දැයි හෙමින් සීරුවේ සොයා බැලුවේය.

එහෙත් මේ කිසිදු අයකුගේ සම්බන්ධයක් නැති මොහොතක පවා නිවෙස තුළ සද්දබද්ද ඇසෙන්නට විය. නිවෙසේ බඩු භාණ්ඩ අවුල් වන අවස්ථා දකින්නට ලැබිණි. වරෙක නිවෙසේ පුටු පෙරළීම, ගමන් මලු ඇවිස්සීම, මෙට්ට උඩ යට පෙරළා දැමීම වැනි දේවල් නිතර නිතර සිදුවිය. මේ පිළිබඳව ඔවුන් සිය නිවෙස කුලියට දුන් ආයතනයටද පැමිණිලි කළ අතර ඔවුන් එය මුලදී විශ්වාස කළේ නැත.

පසුව කෙසේ වුවද ඇබින්ටන් නාගරික පරිපාලන ආයතනයට මේ පිළිබඳව කළ පැමිණිල්ලකදී එතැන සිටි කාන්තාවක මේ පිළිබඳව පර්යේෂණ කරන මහාචාර්යවරයකුගේ සම්බන්ධතාවක් ලබාදුන්නේය. ඒ ඔස්සේ සම්බන්ධ කරගත් පර්යේෂණ ආයතනයක මහාචාර්යවරයකු පැමිණ මේ නිවෙස නිරීක්ෂණයට ලක් කළේය. ඔවුහු මෙය අමනුෂ්‍ය බලවේගයක් බව තහවුරු කළ අතර තමන් එංගලන්තය තුළ මෙවැනි අත්දැකීම් ගණනාවක් විඳ ඇති බවද පවසා ඇත.

මහාචාර්යවරයා මේ පිළිබඳව තවදුරටත් නිරීක්ෂණය කිරීමට අධෝරක්ත කැමරා ආදිය රැගෙන එන බව කීවද ඔහු පැමිණියේද නැත.

 අපේ මිතුරා කළේ සී.සී.ටී.වී. කැමරාව අටවා යම් යම් නිරීක්ෂණ සිදු කිරීමය. චලනවලට සංවේදී එනම් කැමරා ඇස ගැටෙන වස්තුවක් චලනය වනවිට ඊට සමගාමීව චලනය වීමේ හැකියාව ඇති කැමරාවක් ඔහු සවි කර තිබිණි. කැමරාව වේගවත් චලනයක් පෙන්නුම් කළද තීරයෙන් කිසිදු හැලහොල්මනක් දකින්නට හැකිව නැත. එහෙත් ඔවුන්ට සී.සී.ටී.වී. කැමරාවේ මයික්‍රෆෝනය හරහා ගොරහැ¾ඩි හඬක් අසන්නට හැකි විය.

“මේ සී.සී.ටී.වී. එක බ්ලූටූත් හරහා අන්තර්ජාලයටත් සම්බන්ධ කර තිබුණා. මම හිතුවේ මේ නම් කවුරුහරි හැකර් කෙනකුගේ වැඩක් කියලා. ඊට පසුව මම අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කර දමා ටිකක් නිරීක්ෂණය කළා. ඒත් ඒ ගොරහැ¾ඩි ශබ්දයෙන් විවිධ අවස්ථාවල අප අමතන බව ඇසුණා. ඒත් කිව්වේ මොකක්ද කියලා පැහැදිලි නෑ. අපි ඊට පස්සේ පිරිත් හඬපට විකාශය කළා. ඒවා දැම්මම ඕෆ් කරන තත්ත්වයට ගියා.”ඊට ටික කලකට පසුව මෙම අමනුෂ්‍ය බලවේගය නිවෙසේ ඇති ස්පීකර් හරහා ඔවුන්ට යම් යම් දේ කතා කරන තත්ත්වයටද ආවේය.
 
එවැනි අත්දැකීමක සිටි ඔවුන් පිළිබඳව අපිද ලිපි කිහිපයක්ද පළ කළෙමු. ඊට පසුව මෙම පවුලට යම් මට්ටමකින් නිවෙස තුළ ඇතිවන බලපෑම් අඩුවන තත්ත්වයක් දකින්නට ලැබිණි.

 එහෙත් පසුගියදා අප ඇමතූ අපේ මිතුරා අනාවරණය කළ කරුණ ඊටත් වඩා බරපතළය. මේ වනවිට මෙම අමනුෂ්‍ය බලපෑමෙන් මේ තරුණ පවුල සහ ඔවුන්ගේ 16 හැවිරිදි එකම දරුවා මුහුණදෙන අත්දැකීම් අප කිසි දිනෙක අසාවත් නොතිබිණි.

කලක් ශ්‍රී  ලංකාව් මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතනයක ඉහළ වගකීමක් දැරූ මේ මූල්‍ය වෘත්තිකයා මෙසේ ඒ පිළිබඳව පැහැදිලි කරයි.

“පහුගිය කාලේ අපට පුදුම ප්‍රශ්න වුණේ. අපේ නිවෙසේ ඉන්න කෙනා දැන් අපිත් එක්ක වාහනෙත් එනවා. එයාට ඕනෑ සින්දු අහන්න. ඉස්සර එහෙන් මෙහෙන් සද්ද දැම්මේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනික් උපකරණ ස්පීකර් හරහා විතරයි. දැන් නිකම්ම කතා කරනවනේ.”ඔහු තවත් කතාවක් කියයි. ඔවුන්ගේ නිවෙසට මෑතකදී ස්මාර්ට් රූපවාහිනියක් මිලදී ගෙන ඇත. මෙම රූපවාහිනියෙන් වැඩසටහන් නරඹද්දී ඒවාට බාධා පැමිණ ගොරහැ¾ඩි අමනුෂ්‍ය හඬ මතුව ඇත.

“අපි සමාර්ට් ටීවී එකක් ගෙනාවා. මේක බල බල ඉද්දී සද්දයක් දැම්මා. මම තරහා ගිහින් කෑගැහුවා මොනවද කරන්නේ කියලා. ඊට පස්සේ එක පාරටම ටීවී එකේ තිරයේ වේගයෙන් ටයිප් කරන්න ගත්තා. මටත් සරුප වචනයෙන් බැන බැන ටයිප් කළා. අහන අහන ප්‍රශ්නයට රූපවාහිනි තිරය හරහා පිළිතුර දෙන්න ගත්තා. වෙලාවකට ටීවී එකේ ස්පීකරයෙන් පිළිතුරු දෙනවා.

දැන් දැන් වෙලාවකට ගෙදර සියලුම උපකරණ ඕෆ් වෙලා තියෙන වෙලාවට සාමාන්‍ය විදිහටත් කතා කරනවා. අපිට උත්තර දෙනවා.

අප මිතුරාට අනුව ඔහු වැඩිපුරම පවසන්නෙ “අයි වෝන්ට් ටු ලිස්නින් මියුසික්” කියාය. ඔවුන් නරඹමින් සිටින රූපවාහිනි වැඩසටහනට බාධා කරන මේ අමනුෂ්‍යයා ඔවුන් පුදුම කරවමින් ගීත වාදනය කරවයි.

පැරැණි ඉංග්‍රීසි ගීත අසමින් සිටි ඔහු මේ දිනවල වැඩියෙන් වාදනය කරන්නේ ‘සුරලියක වගේ රුවිනා මුදු ගති ගුණ හරි අගනා’ නම් ගීතය බව ඔහු පවසයි.
මේ ඔහු කියන තවත් කතාවකි.

“පසුගිය දවසක මගේ බිරිය බස් එකේ ඔක්ස්ෆර්ඩ්ෂයර්වලට පුතත් එක්ක ගියා. බස් එකේ යද්දී කවුරු හරි ඉණට අත කියන ගතියක් දැනිලා. එක පාරට ගැස්සිලා අපහසුතාවට ලක්වෙලා තියෙනවා. ටික වෙලාවකින් කවුද කකුල අල්ලනවලු. තව ටිකකින් ඉණට අනිනවලු. මෙයා එක පාරට ගැස්සෙනකොට බස් එකේ හිටි වටේ පිටේ හිටි අයත් තරමක් අපහසුතාවට පත්වෙලා. මම ඕක බිරිය ගෙදර ඇවිත් කියනකොට “ඇයි උඹ මේ මනුස්සයාට මෙහෙම කරදර කරන්නේ?” කියලා කෑගහලා ඇහුවා. ඒ වෙලාවේම රූපවාහිනියේ ටයිප් කළා මම නෙවේ ඒ මගේ දෙවැනි බිරිය ජේන් කියලා. එයාව බාත් ටබ් එකේ ගිල්වලා මැරුවා. එයා තමයි කරදර කළේ කියලා කිව්වා.

ඊට පස්සේ අපේ බිරිය ඇහුවා “කවුද ෆස්ට් වයිෆ්” කියලා. එයා තාම ජීවත් වෙනවා. හෙන්ලි ඔන්ද තේම්ස් කියන පළාතේ. එයාගේ වයස අවුරුදු 104යි කියලා රූපවාහිනියේ ටයිප් වුණා.”

ඔවුන් පසුගිය සතියේ තවත් අපූරු අත්දැකීම් කිහිපයකට මුහුණ දී ඇත. මවත් පුතාත් මිතුරාත් සාදයකට සහභාගි වීමට තරමක් දුර බැහැර ප්‍රදේශයකට ගොස් ඇත. ඒ මොහොතේ වාහනයේ ගීත පාලනය කිරීමේ ඩීජේ කාර්යය සම්පූර්ණයෙන්ම සිදු කර ඇත්තේ මේ අමනුෂ්‍ය බලවේගයයි.

“පුතා සින්දුවක් දානවට එයා කැමැති. ටිකක් වෙලා යනකොට ඉබේම සින්දුව මාරු වෙනවා. සිංහල සින්දුත් අහනවා. මම ඒ වෙලාවේ කිව්ව මේකට සිංහලත් පුළුවන් වගේ කියලා. එක පාරටම වාහනේ ස්පීකරයෙන් කිව්වා පුළුවන් කියලා. අපි තුන් දෙනාම පුදුම වුණා.”
ඔවුන් මේ සාදය අවසන්ව පැමිණ ඇත්තේ මහ රෑ ජාමේය. ඒ මොහොතේත් වාහනය තුළ සින්දු පාලනය කළේ  මේ අමනුෂ්‍ය ‘ඩීජේ’ය.

“අපි ආපසු එනකොට රෑ එකට විතර ඇති. පුතා පාරේ බෝඩ් එකක් පෙන්වලා කීවා තාත්තා මේ හෙන්ලි කියන පැත්ත. එදා අර මෑන් එයාගේ ෆස්ට් වයිෆ් ඉන්නවා කිව්වේ හෙන්ලිවලනේ. මේ ඒ පැත්ත.”පුතු මතක් කළේ එදා මේ අමනුෂ්‍ය බලවේගය සිය පළමු බිරිය ඉන්න බව කී පළාතයි.

“මම ඒ වෙලාවේ ඒයි මේ අපි ඉන්නේ හෙන්ලිවල. ඔයාට පුළුවන් ඕනෑ නම් වයිෆ් ළඟට යන්න.”වාහනයේ ස්පීකරයෙන් ආ පිළිතුර ‘ඕකේ’ විය.

 යාන්තම් ඇති මිනිහා දැන් වයිෆ් ළඟට යයි.  ඔවුහු එලෙස සිතූහ.

ඇත්තටම දවස් දෙකක් පමණ යන තෙක් කිසිදු හැලහොල්මනක් නිවෙස තුළ නොවීය. එහෙත් ඒ අස්වැසිල්ල මොහොතකින් නැති වුණේ යළිත් ස්මාර්ට් රූපවාහිනියේ ටයිප් කිරීම ඇරඹුණු නිසාය.

“ඒ වෙලාවේ මම ඇහුවා ඇයි ආවේ, අපිට කරදර කරන්න ආවේ කියලා. ඊට පස්සේ මිනිහා ටයිප් කළා එයාට මාව පේනවා. එයා මට කැමැති නෑ. මාව එළවා ගත්තා කියලා.”
පසුගිය සතියේ ඔවුහු තවත් අත්දැකීමකට මුහුණ දුන්හ.

“මේ දවස්වල එන්න එන්නම ලන්ඩනයේ සීතල වැඩිවෙනවා. අපි තුන් දෙනාම එක කාමරේක රෑට නිදාගන්නේ. මොකද එතකොට අපිට එක හීටරයකින් සෑහීමකට පත්වෙන්න පුළුවන්. උඩ තට්ටුවේ පුතාගේ කාමරේ ඇඳ පුතාට දීලා අපි දෙන්නා බිම මෙට්ටයක් දාගෙන නිදා ගන්නවා. මගේ බිරිය කතෝලික කෙනෙක්. එයා පොඩි රාක්කෙක කුරුසයක් තබා තිබුණා. ඒත් එක්ක තවත් පොඩි ඉලෙක්ට්‍රොනික් උපකරණයකුත් තිබුණා. එක පාරටම මේ කුරුසය අපේ ඇඟට විසිවෙලා ආවා. මම ඒක අල්ලද්දී පුදුම රස්නයක් තිබුණේ. ඒක අරන් තිබ්බා විතරයි අර පොඩි ඉලෙක්ට්‍රොනික් උපකරණය මෙට්ටයට විසි වුණා. ඒකත් ඇල්ලුවාම රස්නෙයි.

මම කලින් ලිපියකදී ඔයාලට කිව්වා මතක ඇති අපේ ගෙදර පොඩි පොඩි උපකරණ කිහිපයක් පුලුස්සා තිබුණා. මේ බලවේගයට අසාමාන්‍ය උණුසුමක් පිට කළ හැකියි. බව මට හිතෙනවා.”

අප මිතුරාගේ පසුම්බියෙන් හිටි හැටියේ මුදල් නැති වීමත් පසුගිය කාලය තුළ සිදුව ඇත. ඔහු හිතුවේ බිරිය ඔහුට නොකියා මේ මුදල් ගන්නවා කියා. කිසිදා බිරිය ගැන සැකයක් නොසිතන ඔහු දිනක් සිය කලිසමේ මුදල් පසුම්බිය දමාගෙන නිදා ගත්තේ එහි ඇති සියලු මුදල් ගණන් කිරීමෙන් අනතුරුවය.

“පුදුමෙ කියන්නේ උදේ නැඟිටිද්දී පවුම් හැටක් අඩුයි. මම කෑගහලා ඇහුවා කවුද මගෙ සල්ලි ගත්තේ කියලා. ඊට පස්සේ ගෙදරින් සද්දයක් ආවා. මේ සල්ලි ගත්තේ මම. මගේ උපන් දිනේ ඊයේ. මම ඒකෙන් සුදු පොළට ගියා බිව්වා කියලා. මම ඇහුවා කොහොමද ගත්තේ කියලා. ඔයාගේ අත්දෙකම පාවිච්චි කරලා තමයි මම ගත්තේ කියලා කිව්වා.” මේ කතා සියල්ල සිය බිරියටත් පුතාටත් ඇසුණු බව ඔහු පවසයි.
 
විදූෂ වෙදගෙදර
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top