ඔහුගේ සුමියුරු තනු නිර්මාණයට වචනත් හඬත් එකතු වුණාම තියෙන්නේ පුදුම ලස්සනක්..
ඒ වගේම තමයි අදටත් බාල මහළු භේදයක් නැතුව රස විඳින්න පුළුවන්..
එදා අද කියලා වෙනසක් නැතුව රස විඳින්න පුළුවන් ඒ ගීත ඇත්තටම අපේ කලාවට දායාදවුණ මැණික හා සමානයි..
ජනප්රිය ගීත රැසක් සංගීතවත් කළ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්රාප්ත වී තිබෙනවා...
මියයන විට ඔහු 73 වැනි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ...
තාර පාර දිග පාට පාට කඩ, කටුඅකුලේ මල් ඇහැරේ, පහන තියා බුදු සාදුට ආදී ගීත රැසක් ඔහු අතින් සංගීතවත් වුණා...