මාළු සෞඛ්ය සම්පන්න ආහාරයක් වුනත් ඔබ මාළු බැදලා අනුභව කරනවානම් එය තවදුරටත් සෞඛ්ය සම්පන්න ආහාරයක් නොවෙන බව හොඳින් මතක තබාගන්න.
මෑතකදී සිදුකරනු ලැබූ අධ්යයනයකින් සනාථවී වී තිබෙන්නේ, සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදය එසේත් නොමැති නම් ආඝාතය කියන බරපතල සෞඛ්යය තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.
සතියකට දෙවතාවක් මාළු අනුභව කිරීමට නිර්දේශ කර තිබුනත්, ඒවා සකස් කරන ආකාරය පිළිබඳව ඔබ වඩාත් සැළකිලිමත් විය යුතු වන්නේ ආඝාතය ඇතුළුව තවත් රෝග රැසක් ඇතිවීමට වැරදි ආහාර රටාව බලපාන නිසයි.
අධි කොලොස්ටරෝල් මට්ටමක් ඇති ආහාර අනුභව කලොත් මොලයට රුධිරය සැපයෙන රුධිර වාහිනී අවහිර වෙන නිසා, ඒ හේතුවෙන් ස්නායු සෛල විනාශ වීම සහ හෘද රෝග වැනි තත්වයන් ඇතිවෙන්නට පුළුවන් බව හොඳින් මතක තියා ගන්න අමතක් කරන්න එපා.
අධ්යයනයන් මගින් පෙන්වාදෙන ආකාරයට, සතියකට දෙවරක් බැදපු මාළු අනුභව කරන පුද්ගලයින්ට හදිසි ආබාදයක් ඇතිවීම සඳහා සියයට 32ක පමණ වැඩි අවදානම් තත්වයක් පවතිනවා.
ඒ වගේම වැරදි විදියට මාළු පිසුවොත්, එහි ඇති වටිනා තෙල් කොටස් ගිලිහී යන බවද විශේෂඥයෝ පවසති.
ඔමේගා 3 මේද අම්ල වලින් පොහොසත් සැමන් මත්ස්යයින් බැදීමේදී එහි වටිනා තෙල් කොටස් විනාශ වී යෑම උදාහරණයක් විදියට දක්වන්න පුළුවන්.