සාමාන්‍යයෙන් මිනිස්සු හරිම බිසී නේ. නාගරික ප්‍රදේශ වල ජීවත් වෙන අය වැඩි වැඩියෙන් ක්ෂණික ආහාර, පිටතින් මිලදී ගන්න ආහාර වලට එහෙම පුරුදු වෙලා ඉන්නවා.
නමුත්, දැන් වැඩි දෙනෙක් එළියෙන් කන්න බයයි. නරක හේතුවකට වුණත් හොඳ දේකට, මුලු ලෝකෙම මිනිස්සු ගෙදරම කෑම හදාගන්න වැඩිපුර යොමු වෙලා තියෙන කාලයක් තමයි මේ.
මේ සමහරක් අපි දිනපතාම ගන්නා සාමාන්‍ය ආහාර බොහොමයක් ඔබ හිතනවට වඩා සෞඛ්‍යට යහපත් බලපෑම් කරනවා.
අපි අද ඔබ වෙත ගෙන එන්නේ මේ විදියට ශරීරයේ විෂ බීජ ඉවත් කරමින් ශරීරය පිරිසිදු කරන ආහාර වර්ග 10ක් ගැන විස්තරයි.
01. බීට් රූට්

බීට් රූට් වල කැල්සියම්, යකඩ සහ බෙටායින් නැමැති ප්‍රති ඔක්සිකාරකයක් අඩංගු වෙනවා. ඇත්තටම බීට් රූට් වල ලස්සන වර්ණයට හේතුවත් මේ බෙටායින් තමයි. බෙටායින් වලින් සෛල ආකෘතිය සංවර්ධනය වෙනවා වගේම අපේ ශරීරයේ වැඩියෙන්ම විෂ බීජ තැන්පත් වෙන අපගේ අක්මාවේ සෛල අලුත්වැඩියා සහ ප්‍රතිජනනය කරනවා. අක්මාව තමයි අපි ශරීරයට දාගන්න විෂ සහිත දේවල් රාශියකින් අපව ආරක්ෂා කරන්නේ, අක්මාව පිරිසිදු කරගන්න මේ ස්වාභාවික එළවළුව ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඔබට බීට් තම්බලා, මාලුවක් හදලා, ස්ටීම් කරලා ආහාරයට ගන්න පුලුවන්. ඒ වගේම බේක් හෝ ග්‍රිල් කලාමත් රසයි. බීට් අමුවෙන් සලාද වලට යොදාගන්නත් පුලුවන්, ඒ වගේම මේ වෙනකොට අමු බීට් රූට් වලින් හදන ස්මූති පානය ලෝකය පුරාම ඉතාම ජනප්‍රියයි.
02. ලූණු සහ සුදු ලූණු

අක්මාවේ ශක්තිමත්ම ප්‍රතිඔක්සිකාරකවලින් එකක් වන ග්ලූටතයෝන් නිපදවීමට උපකාරී වන ෆ්ලේවනොයිඩ් මේ දෙකහිම අඩංගු වේ. ආහාර ජීර්ණ පද්ධතියේ විෂ ඉවත් කරන විශනාශක ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන එන්සයිම නිපදවීම කරන්නේ අක්මාවෙන්. මේ එන්සයිම නිශ්පාදන ක්‍රියාවලිය ෆ්ලේවනොයිඩ් මගින් උත්තේජනය කරනවා. ඊට අමතරව මේ මගින් අක්මාවේ බරපතල රාජකාරි ටිකක් අක්මාවට පහසු කරලා දෙනවා. තව ද මේවායේ ප්‍රති-බැක්ටීරියා, ප්‍රති-පරපෝෂක සහ ප්‍රතිශක්තිකරණ ගුණ අඩංගුයි.
විෂබීජහරණය කරන්න හදන ඕනම කෑමක මේ දෙකම අඩංගු විය යුතුමයි. අපේ ලංකාවේ නම් මේ දෙක නිතරම ආහාර වලට එකතු කරනවා. බැදපු හෝ අමු සුදු ලූණු සැලඩ් එකකට එකතු කරලා බලන්න ඉතාම රසවත්. සුදු ලූණු බැදලා ඔබට නිවසේදීම රසවත් කෙටි කෑම හදාගන්න පුලුවන්.
03. පලා වර්ග

අඳුරු කොළ පැහැති කොළ තියෙන පලාවර්ග වල හරිතප්‍රදයේ අඩංගු ක්ලෝරොෆිල් විෂබීජ නාශක ඒවා ආහාරයට ගැනීම හරහා ලබා ගත හැකියි. ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලියේදී සූර්‍යාලෝකය පරිභෝජනය කරනු ලබන්නේ මෙම වර්ණකය වන අතර එමගින් ශක්තිය නිශ්පාදනය කරයි. මීට අමතරව මෙයට විෂ බීජ සහ නිදහස් අණු සමඟ සම්බන්ධ වී ඒවා අක්‍රිය බවට පත්කිරීමට හැකියාව ද ඇත. එමෙන්ම එමගින් ඔබේ සිරුරේ තැන්පත් වී ඇති බැර ලෝහ ඉවත් කිරීමද සිදු වෙනවා. මෙම වර්ණකයේ වේදනා නාශක ගුණයන් ද අඩංගු වන අතර ඔබේ ශරීරයේ ආම්ලික ගතිය අඩු කිරීමටද එයට හැකියාව ඇත. මේ පලා වර්ග හැමදාම කන විදියට කන්න අවශ්‍ය නැහැ, ඔබට මේව අලුත් විදියට ආහාරයට එකතු කරගන්න අත්හදා බැලීම් කරන්න පුලුවන්.
04. ලෙමන් යුෂ
අපි හැමදාමත් කියනවා ලෙමන් යුෂ වල ගුණ ගැන. නමුත් අපි ඔබට අද ආයෙමත් කියනවා. ලෙමන් සහ සියලුම පැඟිරි පළතුරු වර්ග විටමින් සී විශාල වශයෙන් අඩංගු පළතුරු වෙනවා. ඒ වගේම ඒවයේ ප්‍රති ඔක්සිකාරක විශාල ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. මෙම ප්‍රබල සංඝටක මගින් විෂ වර්ග ජලය සමඟ දියවෙන තත්වයට පත් කරලා එය මළ පහ සමඟ පිට කිරීමේ ක්‍රියාවලියට ඔබේ අක්මාවට සහය දෙනවා.
දිනපතා උදෑසන අවදි වෙලා මද උණු වතුරට ලෙමන් හෝ දෙහි යුෂ මිශ්‍ර කරලා එයට ලුණු ස්වල්පයක් සහ මී පැණි, ගම්මිරිස් එකතු කරලා පානය කිරීමෙන් ඔබේ ශරීරයේ විශබීජහරණ ක්‍රියාවලිය සහ පරිවෘතිය ක්‍රියාවලිය වඩා සක්‍රිය වෙනවා. ශක්තිය වැඩි වෙනවා, සමත් පැහැපත් වෙනවා.
05. ඇට වර්ග

ඔබ නිතරම පුංචි පුංචි ස්නැක් කන්න කැමති කෙනෙක් නම් ඔබේ නිවසේ නිතරම ඇට වර්ග සහිත කවරයක් තියාගන්න. රටකජු, කජු, ආමන්ඩ්, වොල්නට්, චෙස්නට් ආදී ඇටවර්ග ශරීරයට ඉතාම හිතකරයි. දිනපතා ආමන්ඩ් ආහාරයට ගැනීමෙන් ඔබේ අක්මාව අවට තැන්පත් වී ඇති මේද තට්ටුව දිය කිරීමට හැකි වෙනවා. වොල්නට් වල අක්මාවේ ඇමෝනියා ඉවත් කර විෂබීජහරණය කිරීමට උපකාරි වෙන ආජිනීන් නම් අම්ලය අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මගින් ඔබේ මොළයේ ක්‍රියාවලින් වලටද යහපත් බලපෑම් එල්ල කරනවා. සූරියකාන්ත ඇට වල මැග්නීසියම් අඩංගුයි, ඒ මගින් රුධිර පීඩන මට්ටම සාමාන්‍ය කරනවා. ඒ වගේම හෘද ස්පන්දනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට උදව් වෙනවා. ඊට අමතරව මේද තැන්පතු වලින් මේද පිට කිරීමේ සීඝ්‍රතාවයත් වැඩි කරනවා.
06. යෝගට්
යෝගට් වල ප්‍රොබයෝටික් අඩංගුයි. ඒවා මගින් ශරීරයේ අන්ත්‍ර වල ඇති හිතකර බැක්ටීරියා පොෂණය කරනවා, සහ ඒවාට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා. ඊට අමතරව ස්නායු පද්ධතියේ සංවේදිතාවයත් වැඩි කරනවා. මේද රහිත යෝගට් වල සීනි වැඩියි. සාමාන්‍ය යෝගට් පරිභෝජනය තමයි වඩාත් හොඳ. සජීවි රෝපණ මාධයක් සහිත යෝගට් නම් වඩා හොඳයි.
07. ඩැන්ඩලියන් තේ සහ හරිත තේ

ඩැන්ඩලියන් තේ වලට ඔබේ රුධිර පද්ධතියේ විෂ ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. හරිත තේ කළු තේ වලට වඩා ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතයි. මේ නිශ්පාදන දෙකම කරන්නේ එකම ශාකයෙන් වුණත් හරිත තේ වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයත් ඉතාම වැඩියි. හරිත තේ වල අඩංගු කැෆේන් වලින් ලැබෙන ශක්තිය වැඩි වේලාවක් පවතිනවා. හරිත තේ වල සංඝටක මගින් ශරීරයේ ජලය රඳවා ගැනීමට ප්‍රතිරෝධය දැක්වීම මගින් උදරය පුරවා දැමීම අඩු කරනවා.
08. ඉඟුරු

ඉඟුරු වලිනුත් බඩවැල් වල නිසි ක්‍රියාකාරිත්වයට උදව් වෙන අතර ඒවායේ විෂ ද ඉවත් කරයි. ඉඟුරු ද බඩ පිපීම අඩු කරන ආහාරයකි. උදරයේ පරපෝෂිතයන් මියයාම සමඟ ඇති වෙන ඔක්කාරයට ඉඟුරු හොඳ ඔසුවක්. ඉඟුරු වලින් ආමාශයික අම්ල නිපදවීම වැඩි කරවන අතර පරපෝෂිතයන් සමඟ සටන් කර ආසාදන වලින් ඔබව ආරක්ෂා කරනවා. මේ මගින් ඔබේ පර්වෘත්තිය ක්‍රියාව සංවර්ධනය කරන අතර, ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලියද වඩා නිරෝගි කරවනවා.
09. කැරට්

කැරට් ග්ලූටොතයින් බහුල එළවලුවක් වන අතර හොඳම විශබීජ නාශක එළවලුව කීවත් නිවැරදියි. කැරට් බෙටා කැරොටීන් සහ විටමින් ඒ වලින් ද පරිපූර්ණයි. හෘදවාහිනී වලටද කැරට් වලින්ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය අති විශාල වන අතර, එමගින්, ඔබේ සමස්ත ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය සංවර්ධනය වේ. ඔබේ ශරීරය විශහරණය කළ හැකි තවත් ආකාරයක් නම් දින දෙකක් පමණ සකස් කළ ආහාර ලබා ගැනීම නතර කිරීමයි. කැරට් සහ අනෙකුත් අමු එළවලු ආහාරයට ගැනීමත් ඒවායෙන් යුෂ පානය කිරීමත් මගින් විශහරණය කළ හැකියි.
10. පිපිඤ්ඤා

පිපිඥ්ඥා මගින් ජීර්ණ අන්ත්‍ර වලට සහය දෙන අතර ආමාශය ද පිරිසිදු කරයි. මෙය අපගේ ශරීරයේ ජල මට්ටම පවත්වා ගැනීමට උපකාර වන අතර, ඒවායේ ජල ප්‍රතිශතය වැඩි නිසා වැඩිපුර යූරින් නිශ්පාදනය කරමින් මුත්‍රා හරහා ආමාශයික සහ රුධිරගත විෂබීජ ඉවත් කිරීමට සහය වේ. මත්පැන් පානය කල දිනකට පසුව හෝ වැඩිපුර ලුණු ආහාරයට ගත් දිනකට පසුව පිපිඥ්ඥා ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ඔබට සහනයක් ලැබෙනු ඇත.
(ලිපිය උපුටාගැනීමකි)