අනාගතයේදී යහපත් අවංක සමාජයක් බිහි වෙන්න නම් අපේ හැදෙන පරම්පරාව අනිවාර්යයෙන් ගුන ධර්ම වලින් හෙබි යහපත් දරුවන් විය යුතුයි.
ඉතින් එවැනි දරුවන් අපේ රටේ ඉන්නවා.
මේ ඒ කතාවට හොඳම උදාහරණයක්.මේ මිතුරියන් දෙදෙනෙකු එකතු වෙලා කරපු අපූරු වැඩක්.
මීගලෑව නගරයේ මාර්ගයක වැටි තිබි හමු වූ රුපියල් ලක්ෂ පහකට අධික රන් භාණ්ඩ හා මුදල් පසුම්බියක් පසුගිය දා මීගලෑව පොලිසිය වෙත භාර දී තිබෙනවා.
මෙම සිසුවියන් මීගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි සඳහන් වන්නේ.
මීගලෑව පොලිසිය විසින් මෙම සිසුවියන් ගෙනවිත් භාර දුන් රන් භාණ්ඩ සහ මුදල් පසුම්බිය හිමිකරුවා සොයා භාර දී තිබෙනවා.
සමාජ සාරධර්ම වියැකී යන සමාජයක මෙවන් ක්‍රියාවක් සිදු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් සිසුවියන් දෙදෙනාට මීගලෑව පොලිසිය විසින් ස්තූතිය පළ කර ඇති බව සඳහන්.
ඔවුන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිනිය සඳහන් කළේ අදාළ සිසුවියන් සිදුකළ සත්ක්‍රියාව අගය කරමින් ඔවුන් ඇගයීමට කටයුතු කරන බව පොලිසිය විසින් ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි.