පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.
වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
රියැදුරුට අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී මෙම අනතුර සිදුව ඇති බවයි අප කළ විමසීමකදී වැලිකන්ද පොලීසිය සඳහන් කර සිටියේ.
බස් රථයේ රියැදුරු මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිදූ වු අනතුරකින් තිස්දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කළ බවයි වාර්තා වෙන්නේ.
ඉන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇති බවද සඳහන්.
බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.