Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
29
මහ රෑ අධිවේගී මාර්ගයක මැද බ්‍රැන්ඩන් පස්සෙන් ආව කතා කරන්නත් බැරි මිනිස්සු කවුද? එක්කෝ ඒ සත්තුද? එහෙම නැත්නම් අද්භූත බලවේගයක්ද? - බිරිඳත් එක්ක තරහ වී නිවසින් ගිය අදටත් අතුරුදන් ''බ්‍රැන්ඩන් මේසන්''

- මහ රෑ අධිවේගී මාර්ගයක මැද බ්‍රැන්ඩන් පස්සෙන් ආව කතා කරන්නත් බැරි මිනිස්සු කවුද? එක්කෝ ඒ සත්තුද? එහෙම නැත්නම් අද්භූත බලවේගයක්ද? - බිරිඳත් එක්ක තරහ වී නිවසින් ගිය අදටත් අතුරුදන් ''බ්‍රැන්ඩන් මේසන්''Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
අද්භූත කතා කොයි තරම් උපහාසයෙන් බැහැර කලත් , මෙ කතවට ඔයත් ගැස්සෙනවාමයි.

බ්‍රැන්ඩන් මේසන් ලෝව්සන්, ඇමරිකාවේ ටෙක්සාස් වල  ඔහුගේ බිරිඳ සහ දරුවෝ  එක්ක ජීවත් වුණ සාමාන්‍ය මිනිහෙක්. 2013 අගෝස්තු 8 වෙනිදා ඒ සාමාන්‍ය බව අවසන් වෙන අසාමාන්‍ය සිදුවීමක් ඔහුගේ ජීවිතේට සුළි සුළඟක් වගේ හමාගෙන එනවා.
 
බ්‍රැන්ඩන් අගෝස්තු 8 වෙනිදා රෑ 11.45 ට  ගෙදර එන්නේ වැඩ අවසන් වෙලා. ඒ ආව වෙලාවේ ඔහුගේ බිරිඳ  වුණ ලැඩෙසා ලොෆ්ටන් එක්ක බ්‍රැන්ඩන්  වචන හුවමාරුවක පැටලෙනවා.

ඒක ටිකක් දුර දිග යනවා. ඊට පස්සේ බ්‍රැන්ඩන් එයාගේ ෆෝන් එකයි පර්ස් එකයි අරගෙන එයාගේ  ෆෝර්ඩ් වර්ගයේ වාහනේට නැගලා ගෙදරින් යන්න යනවා.  ඒ ටෙක්සාස් වල බ්‍රැන්ඩන්ගේ ගෙදරට පැය තුනකින් දුරට වෙන්න තිබුණ ඔහුගේ පියාගේ ගෙදර යන්න. 

බ්‍රැන්ඩන් යන්න ගිහින් විනාඩි කිහිපයකට පස්සේ ලැඩේසාගේ කෝපය නිවෙනවා. ලොරේසා ඉක්මනින්   බ්‍රැන්ඩන්ට කතා කරලා  කියනවා තාත්තා ගේ ගෙදර යන පැය තුන  වෙනුවට විනාඩි කිහිපයක දුරින් තියෙන කයිල් කියන සහෝදරයා ගේ ගෙදරට යන්න කියලා.  ඒත් කෝපය නිසාම බ්‍රැන්ඩන් ඇගේ ඉල්ලීම බැහැර කරනවා. 

ඊට පස්සේ ලැඩේසා  වහාම කයිල්ට ඇමතුමක් දෙනවා. බ්‍රැන්ඩන් ගේ හදිසි නික්මීම ගැන කියනවා. ඔහුව ගෙන්නගන්න කියලා ඉල්ලනවා 

ඒ කොහොම වුනත්, තමන්ගේ සහෝදරයා ගේ බිරිඳගේ හදිසි ඇමතුම ගැන කලබල වෙන කයිල් ඔහුගේ බිරිඳ එක්කම බ්‍රැන්ඩන් ගේ ගෙදරට එනවා. එතකොට වෙලාව 12.10 යි. ඉන් විනාඩි විස්සකට පස්සේ කයිල් ආයෙම ගෙදර යනවා. ඒ අය්යා ගැන කලබල නොවී ඉන්න තරමට  ලැඩේසාගේ හිත හදලා. 

ලැඩේසා එයාගේ ෆෝන් එක වාහනේ ඇතුලේ චාර්ජ් වෙන්න දාලා සන්සුන්ව රෑ වරුව ගෙවන්න උත්සාහ කරනවා..

ඒ අතරේ රෑ 12.34ට 12.36 ට විදියට බ්‍රැන්ඩන්ගෙන් ලැඩේසාට ඇමතුම් දෙකක්ම ආවත්,  දෛවයේ සරදමකට වගේ ඒ ඇමතුම් දෙකම  මඟෑරෙනවා. ඊට පස්සේ රෑ 12.38ට බ්‍රැන්ඩන්ගෙන් කයිල්ට ඇමතුමක් එනවා. තමන් ඉන්න තැන කියන බ්‍රැන්ඩන්, වාහනයේ ඉන්ධන  අවසන් නිසා ඉන්ධන අරගෙන හැකි ඉක්මනින් තමා වෙත එන්න කියලා කයිල්ට කියනවා.  

ඊට පස්සේ 12.45 ට කයිල් ගෙදරින් එන්නේ බ්‍රැන්ඩන් ගේ  වාහනයට ඕනි ඉන්ධනත් අරගෙන. ඒ අතරේ 12.48 ට බ්‍රැන්ඩන් ගෙන් ලැඩේසාට එන ඇමතුමත් අවාසනාවන්ත විදියට මඟෑරෙනවා.

ඊට පස්සේ ඇමරිකාවේ හදිසි සේවා අංකය ; 9-1-1 ට  ඇමතුමක් එනවා. ඒ ඇමරිකානු හදිසි සේවා අංකයට ආව අද්භුත වටහා ගත නොහැකි තරමේ පණිවිඩයක් විදියට.

“මං ඉන්නේ තැනි තලාවේ… අපි උන්ව තල්ලු කරා…. අපි මෙතැන ඉන්නේ දෙපැත්තෙන්ම ඇබිලෙන් නගරයට යන ගමන්…මගේ වාහනයේ පෙට්‍රල් ඉවරයි… මෙතන එක වාහනයක් තියෙනවා ..  යමක් මා පසු පස පන්නනවා කැලෑව මැදින්…. කරුණාකරල ඉක්මන් කරන්න….”

“ඔබ පැවසූ දෙය අපැහැදිලියි..කරුණාකරල ආයෙම කියන්න…කෙටියෙන්…පැහැදිලිව…”

“මට වැරදිලා මුන්ව මුනගැසුණෙ…මුන්ට කතා කරන්න බැහැ…”

“අපැහැදිළියි….ඔබට කාවද වැරදිලා මුන ගැහුණේ… කවුද ඔවුන්….”

ඒ ඇමතුම අතරේ පසුබිමේ ඝෝෂාවක් එක්කම වෙඩි හඬ කිහිපයකුත්   ඇමතුමේ උන්න පොලිස් නිළධාරියාට ඇහෙනවා. 

“පලමු එකා…”

“ඔබට ගිලන් රථයක් අවැසිද ?”

“නැහැ….මට ඕනි පොලිසිය…”

“හොඳයි…හොඳයි..හරි…මට කියන්න…කාට හරි තුවාලද ?”ඊට පස්සේ බ්‍රැන්ඩන් ගේ පැත්තෙන් ඇහෙන්නේ ඉතා සිහින් මිමිණුමක්.

“දෙය්යෝ සාක්කි…”ඊට පස්සේ පසුබිමෙන් අර අමුතු ඝෝෂාවම ඇහෙන්න්වා.

“හෙලෝ…හෙලෝ…”ඊට පස්සේ බ්‍රැන්ඩන් ගේ හඬ නැති වෙනවා. ඒත් මොකක් හරි ඝෝෂාවක් බ්‍රැන්ඩන් දිහාවට එන බව පටිගත වුණ ඇමතුමේ හඬ පට වල තියෙන බව පස්සේ හොයාගන්නවා. 

ඒ අතරේ 12.55ට ඒ පාරේ ගිය වෙන රියැදුරෙක්;  ඉතා අනතුරුදායක විදියට , රියැදුරෙකු ත් නැතුව පාරේ නවත්තලා තිබුණ බ්‍රැන්ඩන් ගේ වාහනය දැකලා ඒ ගැන ප්‍රාදේශීය පොලිසියට ඇමතුමක් දෙනවා. £1.10 ට කයිල් බ්‍රැන්ඩන් කීව තැනට එනකොට ප්‍රාදේශීය පොලිස් නිළධාරියත් එතැනට ඇවිල්ලයි ඉන්නේ. කොහොම වුණත් බ්‍රැන්ඩන් වාහනය තුල නැති බව පෙනුනම කයිල් කලබල වෙලා බ්‍රැන්ඩන් ට ඇමතුමක් ගන්නවා. 

ප්‍රාදේශීය පොලිසියට ගෙවන්න තිබුන  දඩයක් මගෑරලා ඉන්න අය්යා  පොලිස් නිලධාරියා මඟාරින්න ඕනිවට කැලෑවට යන්න ඇති කියලා කයිල්ට නිකමට හිතෙනවා.  ඒ ඇමතුමට කයිල් ඉතා ඉක්මනින් සම්බන්ධ වෙනවා.

“කයිල්…. මං ඉන්නේ ඔයා ඉන්න තැනට විනාඩි දහයක් දුර තැනි තලාවක  මට ඔයාව පේනවා…..මට තුවාලයි… මාව ඉක්මනට ගන්න මෙතනට එන්න කයිල්…”
ඒ කයිල්ට තමන්ගේ සහෝදරයාගේ කට හඬින් ඇහුණ අන්තිම වචන කිහිපය. 

ඊට පස්සේ බ්‍රැන්ඩන් ගේ ජංගම දුරකතනය විසන්ධි වෙනවා. ආයෙම කවදාවත් බ්‍රැන්ඩන් ගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. 

කයිල් බ්‍රැන්ඩන් එනකල් බලන් ඉඳලා පාන්දර ගෙදර යනවා.  බ්‍රැන්ඩන් ගෙදර ඇති කියලා බලාපොරොත්තුවෙන්. ඒත් ඒ බලාපොරොත්තු බිඳිලාම යනවා.

සති කිහිපයක් යනකල්ම පොලිස් සහ මහජන පිරිස් බ්‍රැන්ඩන් ව හොයන්න පුදුම තරමට වෙහෙසෙනවා. ඒත් බ්‍රැන්ඩන් ගැන කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ.

එදා රෑ බ්‍රැන්ඩන් ගෙන් මඟ හැරුණු ඇමතුම් තුනට පස්සේ ලොරේසාට කවදාවත් බ්‍රැන්ඩන් ගැන ආරංචියක් ලැබෙන්නේත් නැහැ.

බ්‍රැන්ඩන් ගේ බිරිඳ , සහෝදරයාවගේම බ්‍රැන්ඩන්ට ආදරේ කල අය තවම බ්‍රැන්ඩන් ඒවි කියන බලාපොරොත්තුව එක්ක help find brandon lowson කියලා ෆේස්බුක් පේජ් එකකුත් ආරම්භ  කරනවා. ඒ පිටුව මේ වෙනකොටත් සක්‍රීයයි. 

2022 එක් දවසක බ්‍රැන්ඩන් අතුරුදන් වුම ප්‍රදේශයෙන්  යම් රෙදි වර්ගයක් හොයාගන්න සෙවීම් කණ්ඩායම් වලට පුලුවන් වෙනවා. ඒ ආශ්‍රයෙන්  හොයාගත්ත මිනිස් කොටස් ආශයෙන් කෙරෙන ඩී එන් ඒ පරීක්ෂණ වල ප්‍රතිඵල තවම අතරමඟ.

කොහොම වුනත් ඒ කොටස් බ්‍රැන්ඩන් ගේ වෙන්න පුලුවන් කියලා තමයි උපකල්පය කරන්නේ නම්. ඇත්තටම ;
 
මහ රෑ අධිවේගී මාර්ගයක මැද බ්‍රැන්ඩන් පස්සෙන් ආව කතා කරන්නත් බැරි මිනිස්සු කවුද ?

එක්කෝ ඒ සත්තුද ?

එහෙම නැත්නම් අද්භූත බලවේගයක්ද?

වාහනයත් දාලා දුවන්න තරම් බ්‍රැන්ඩන් ව බය කරන්න පුලුවන් වුණ කාරණාව මොකක්ද ?

පොලිසියෙන් කට්ටි පැනපු බ්‍රැන්ඩන් ට පොලිසියෙන්ම උදව් ඉල්ලන්න සිද්දවෙන තරමට බ්‍රැන්ඩන් ව අසරණ කලේ කවුද ?

ඒ කතාව නොවිසඳුණු අබිරහස් විදියට ලබන අවුරුද්දටත් ඉතුරු වෙන ගතියක් තමයි පේන්න තියෙන්නෙ.  …….!!!
උපුටා ගැනීමකි 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top