Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
29
ඔබටත් රෑට අධික ලෙස දහඩිය දමනවා ද? එය මාරාන්තික රෝගයක පෙරනිමිත්තක්

- ඔබටත් රෑට අධික ලෙස දහඩිය දමනවා ද? එය මාරාන්තික රෝගයක පෙරනිමිත්තක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8 Views
දාඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයක් බව සැබෑවකි. 

අපගේ ශරීරය සිසිල් කරමින් ශාරීරික උෂ්ණත්වය නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා එය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට දහඩිය දමන්නේ එම නිසයි. නමුත් දහඩිය දැමීම සඳහා හේතුවෙන එකම සාධකය උෂ්ණත්වය පමණක්ම නොවෙයි.

ව්‍යයාමවලින් පසුව වගේම අපි කලබලයට පත්වූ විට ඇතිවෙන චිත්තවේගවල බලපෑම නිසාද දහඩිය ග්‍රන්ථි විසින් දහඩිය පිට කරනවා.

නමුත් මේ කියන ස්වභාවික හේතු නිසා නොවී අසාමාන්‍ය ලෙස දහඩිය පිටවෙනවානම්, එය පිටුපස නිදන්ගත රෝගයක්  තිබෙන්නට පුළුවනි. එබඳු රෝග කිහිපයක් තමා මේ. 

තයිරොයිඩ් ග්‍රන්ථීයේ දෝෂයක්
තයිරොයිඩ් ග්‍රන්ථියේ වැඩිපුර හෝමෝන නිපදවන විට නොනවත්වාම දහඩිය දමනවා. එම නිසා අධික ලෙස දහඩිය දැමීම අධි තයිරොයිඩතාවයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අධි තයිරොයිඩතාවය හේතුවෙන් බර අඩුවීම සහ හෘද ස්පන්දනය ශීඝ්‍ර වීමක් ද සිදුවෙනවා.

ඖෂධ
විශාද නාශක ඖෂධ හේතුවෙන් ආතති හෝමෝන මට්ටම ඉහළ යනවා. එම නිසා එහි අතුරැ ප්‍රතිපලයක් ලෙස අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ඊට අමතරව රුධිර පීඩනය විදිමත් කිරීම සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාගන්නා ඖෂධ නිසා ද අධික ලෙස දහඩිය දැමීමේ හැකියාවක් තිබෙනවා.

පුරුෂ හොමෝන අඩුවීම
අඩු ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටමක් ඇති පිරිමින්ට රාත්‍රී කාලයේදී වැඩිපුර දහඩිය දැමීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ටෙස්ටෙස්ටරෝන් මට්ටම අඩුවූ විට, ශරීරය ඕනෑවටත් වඩා රත්වී ඇති බව පවසන ව්‍යාජ සංඥා හයිපෝතැලමසට ලැබෙනවා. පසුව ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශරීරය විසින් දහඩිය පිට කරනවා.

සීනි අඩුවීම
රුධිර සීනි මට්ටම අඩුවීමේ ලක්ෂණයක් ලෙසද අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ආහාර වේල් මගහරින විට, රැධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩුවෙනවා. එවිට ශරීරය විසින් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඇඩ්රිනලින් හෝමෝනය නිදහස් කරන අතර එම නිසා වැඩිපුර දහඩිය දැමීමක් සිදුවෙනවා.

හෘදයාබාධ
හෘදයාබාධයක් පිළිබඳව අනතුරැ අගවා සිටින ලක්ෂණයක් ලෙස අධික ලෙස දහඩිය දැමීම සහ හිස කරකැවිල්ල ඇතිවිය හැකිය. ඊට අමතරව ව්‍යායාම කිරීමෙන් හෝ ඇවිදීම වැනි වෙහෙස දෙන ක්‍රියාවකින් පසවත් පපුවේ වේදනාවක් ද ඇතිවෙන්නට පුළුවන්. හුස්ම ගැනීමට අපහසුවීම, හකුපාඩා, බාහු සහ පසු පස ප්‍රදේශය දක්වා පැතිරී යන පපුවේ වේදනාව ඒ හා සම්බන්ධ වී පවතින අනෙකුත් ලක්ෂණයි.

හෘදයාබාධයක් ඇති විට හෘද ස්පන්දනයේ සහ රැධිර පීඩනයේ තීව්‍ර අඩුවීමක් සිදුවෙනවා. ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස තමයි ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවන්නේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top