ඉස්සරහාට එන්නේ උත්සව සමය නේ.. ඉතින් උත්සව සමයේ ඔබට කරන්න බොහෝ දේ ඇති..
ඒත් ඉතින් මේ දවස්වල තියන ආර්ථිකය එක්ක ඒ කරන්න තියන වැඩවලින් සමහර දේවල් නම් හීනයක්ම විතරයි..
කොහොම වුණත් මේ දවස්වල තියන තත්තවයත් එක්ක පුළුවන් විදිහට සහන සලසන්න පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගන්නවාලු..
එළබෙන උත්සව සමයේදී හිඟයකින් තොරව පාරිභෝගික භාණ්ඩ ජනතාවට නිකුත් කිරීම සඳහා හෙට සිට ජනවාරි මස 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා...
එසේම ශත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීමද මේ වනවිටත් අරඹා තිබෙන බවයි වාර්තා වන්නේ...