වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා..
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරේ ස්ථිර කිරීම මාස 3කින් පසුව සිදුකෙරෙනු ඇති බවත් වාර්තා වන්නේ...
මේ අතර, පොලිස්පති වශයෙන් පත්වන නිලධාරියාගේ ධුර කාලය උපරිම වශයෙන් අවුරුදු 3 කට සීමා කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා...
ඒ අනුව, පොලිස්පති තනතුරට පත්වන නිලධාරියාට එදින සිට වසර තුනක් තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම් ඉහත තීරණය එම නිලධාරියාට අදාළ වනු ඇත..
ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ 1998.02.23 වන දිනයි...
ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලැබ තිබුණේ 2019.11.20 දිනයි...
ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ 2032.03.07 දිනයි...
සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැදුනු තෙන්නකෝන්, දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක භාරව කටයුතු කර, 2006 දී, පොලිස් අධිකාරී නිලයට උසස්වීම් ලබා, සිය මුල්ම කොට්ඨාස භාර පත්වීම ලබන්නේ නුවරඑළියටයි...