අපරික්ෂාකාරී රිය ධාවනයක් නිසා අද උදෑසනම කණගාටුදායක පුවතක් වාර්තා වුණා...
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්...
බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා...
කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරක පිරිසක් රැගත් බස් රථයක් මෙම අනතුරට මුණට පා ඇති අතර ඉන් දෙදෙනෙකු පමණක් සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ...
චෙක් රාජ්ය බලා පිටත්වීමට සූදානමින් සිටි සංචාරකයින් පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති අතර ඔවුන් අද (29) උදෑසන 9.00ට කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යෑමට නියමිතව තිබුණා...
අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර, දුම්රියටද දැඩි හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ...