Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
28
"මම ගැහැණියක් වුණේ තාත්තා අතින්...ආදරය කරපු අයියා මාව හෝටල් කාමරයක තියාගෙන මිනිස්සුන්ට විකුණුවා" - ජීවිතයට ආදරය අහිමි වූ අසරණියකගේ කඳුළු කතාව

- "මම ගැහැණියක් වුණේ තාත්තා අතින්...ආදරය කරපු අයියා මාව හෝටල් කාමරයක තියාගෙන මිනිස්සුන්ට විකුණුවා" - ජීවිතයට ආදරය අහිමි වූ අසරණියකගේ කඳුළු කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

121 Views
හිමිදිරිය වැඩිවියට පත්වෙමින් තිබිණි. නිවස තුළ මෙන්ම, පුංචි මිදුල කඩි ගුලක් ඇවිස්සුණු ගානය. කඩිසරකමින් එහෙට, මෙහෙට පනින කාන්තාවන් විවිධ කාර්යයන්වල නිරත වී සිටිති. 

ඒ අතර එක් කාන්තාවක් බංකුවක් මත හිඳගෙන විසල් තාප්පය දෙස බලා සිටින්නීය. ඇයගේ මුහුණ විඩාබරය. දෙනෙත් මැළවී ගොසින්ය. ඇය කල්පනා ලොවක කිසියම් සිහිනයක් දකින්නෙහිය.
 
ඇය අසලින් ඈත් වූ මගේ දෙනෙත් දියසෙවෙල බැඳුණු සිමෙන්ති ගල් තාප්පය පුරා දිව ගියේය. තාප්පය අඩි දහයකට වඩා උසය. විශෝධන මධ්‍යස්ථානය වට වී ඇත්තේ එම තාප්පයෙනි. කාන්තා විශෝධන මධ්‍යස්ථානය සහ පිිරිමි විශෝධන මධ්‍යස්ථානය වෙන් වී ඇත්තේ ද එම තාප්පයේ එක් පසෙකිනි. එම විශෝධන පියසේ අහුමුලූ පීරමින් දිව ගිය මගේ දෙනෙත් නැවත කල්පනා ලොවක නිමග්නව සිටි ඇය අසල නතර විය.
 
 ‘‘නංගි බර කල්පනාවක වගෙයි...’’ මම ඇයව සිහින ලොවෙන් අවදි කරමි.
 
 ‘‘අනේ නෑ අයියා... නිකං බලාගෙන හිටියේ...’’ එහෙත් මළානික මුව මඬලේ මැවෙන ඉරියව්වලින් ඇය මුසාවාදයක් මුමුණන බව මට හැඟිණි. එමෙන්ම වැඩි වයසක් නොපෙනෙන ඇය වචන මුමුණන විට හරි හැටි උච්චාරණය නොවන බව ද මට දැනිණිි. රූප සොබාවෙන් අගතැන්පත් නොවුණාට ඇයට පිරුණු අඟ පසඟක් උරුම වී තිබෙන බව ද පෙනිණි. කතා කරන දිගු දෙනුවන් ඇයගේ මුව මඬලට අමුතු සිරියාවක් එකතු කර තිබෙන බව ද සැබෑය. මම ඇය අසලින්ම හිඳ ගත්තෙමි.
 
 ‘‘නංගි මෙහේට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?’’ ඇය කතාවට පටලවාගැනීමේ අටියෙන් මම ඇසුවෙමි.
 
 ‘‘දැන් අවුරුදු තුනකට කිට්ටුයි...’’ ඇය කිසිදු පැකිළීමකින් තොරව පිළිතුරු ලබාදීම කතාව ගොඩනඟා ගැනීමට මට මහත් සහායක් විය.
 
 ‘‘ඔයාව මේ මධ්‍යස්ථානයට ගෙනත් දැම්මේ පොලිසියෙන්ද?’’
 
 ‘‘නෑ... පාදර් කෙනෙක් කියලා මම හොයාගෙන ආවේ...’’ ප්‍රශ්නය ගිලිහෙන සුනංගුවට ඇය පිළිතුරු ලබාදෙන්නීය.
 
 ‘‘ඇයි ඔයාට මේ මධ්‍යස්ථානයට එන්න වුණේ...’’
 
 ‘‘ඒක දිග කතාවක්. අයියට පුළුවන්ද මම කියන කතාව අහගෙන ඉන්න...’’ ගැටලූවලින් හෙම්බත් වී වේදනා විඳින ඕනෑම කෙනෙකුට ඇවැසි හදවතේ තෙරපෙන වේදනාව වචන බවට පත් කර හිත නිදහස් කරගැනීමටය. මේ අසරණියට ද දැන් අවශ්‍යව ඇත්තේ එයයි. මම ඇයට කතා කරන්නට ඉඩ දී අසා සිටියෙමි.
 
 ‘‘මගේ ගෙවල් ගාල්ලේ. තාත්තා රස්සාවට කරන්නෙ කුලී වැඩ. ඉඳලා හිටලා අම්මත් කුලී වැඩට යනවා. එතකොට ගෙදර වැඩ කළේ මමයි. මල්ලිලා දෙන්නා පොඩියි. ඒ දෙන්නව බලා ගත්තෙත් මමයි. එක මල්ලි කෙනෙක් පිළිකාවක් හැදිලා නැති වුණා. මම තමයි පවුලේ වැඩිමලා. ඉස්කෝලේ ගියේ හතර වසරට විතරයි. පොත් පත්, ඇඳුම් පැළඳුම් අරගෙන දෙන්න තාත්තට වත්කමක් තිබුණේ නැති නිසා මම ගෙදර නතර වුණා. ඉස්කෝලේ යන්න කියලා අම්මලා බල කළෙත් නෑ. මල්ලිලා බලාගෙන ගෙදරට වෙලා හිටියා. එහෙම ඉන්නකොට දවසක් අම්මා ගෙදර නැති වෙලාවක තාත්තා බීගෙන ඇවිත් මට අතවර කළා. එදා තාත්තාගේ අතින් මම ගැහැනියක් බවට පත් වුණා...’’ ඇය දිගු සුසුමක් පිට කර කතාව නතර කරන්නීය. ඇයගේ බොඳ වූ දෙනෙත් දියසෙවල බැඳුණු තාප්පය දෙසට යළිත් පා විය. අප අතර නිහඬතාවය රජයන්නට විය.
 
 ඒ කඳුළු කතාව ඇසෙන විට ඇයගේ කාලකණ්ණි පියා කෙරෙහි මගේ හදවතේ කෝපයක් ඉපදිණිි. පිරිමි ජාතියටම නිගා කරන ඒ අසමජ්ජාති පව්කාරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව මගේ හැඟීමය. රටේ නීතියට එය භාර කර මම නැවත ඇය දෙසට හැරුණෙමි.
 
 ‘‘තාත්තා මට කරදර කළා කියලා මම අම්මට කිව්වේ නෑ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අම්මා නැති සෑම අවස්ථාවකදීම තාත්තා මට කරදර කළා. ඔහොම යනකොට ගෙවල් කිට්ටුව අයියා කෙනෙක් එක්ක මම යාළු වුණා. ඊට පස්සේ ගෙදර කවුරුවත් නැති සෑම මොහොතකම අපි දෙන්නා එකතු වුණා. එයා මාව කසාද බඳිනවා... බඳිනවා... කියලා කිව්වට අන්තිමේ මටත් නොකියා ගමෙන් ගියා. ඒක දැනගත්තට පස්සේ නම් මට මැරෙන්න හිතුණා. ඒත් මගේ අඩුපාඩුකම් ගැන හිතලා මම ඒ අයියට සමාව දීලා හිත හදාගත්තා. එකක් මම තාත්තා අතින් අනාථ වෙච්ච කෙල්ලෙක්. අනිත් එක මම උපතින්ම නොණ්ඩියි...‘’ එසේ කියමින් ඇය බංකුවෙන් නැඟිට කෙළින් සිට ගත්තාය. මගේ දෑස් ඇයගේ දෙපා දෙසට ඉඟිලිනිි.
 
 කතාව සැබෑය... දණහිසට පහළින් ඇයගේ කකුල් ඇඹරී විකෘති වී ඇති අයුරු හොඳින්ම දිස් විය. මට පෙනෙන්නට මෙන් ඇය පියවර තුන හතරක් ඉදිරියට ඇවිද ගියාය. ඇයට ඇවිද යෑමට අසීරු තරමට දෙපා නොණ්ඩිය. විශෝධන මධ්‍යස්ථානයේ සිටින අනෙක් කාන්තාවන් මෙන් දුවලා පැනලා වැඩ කිරීමට ඇයට අසීරුය. අනෙක් කාන්තාවන් විවිධ වැඩෙහි නිරත වී සිටියදී බංකුව මත හිඳගෙන කල්පනා ලොවක අතරමං වී සිටියේ ඇයට ඔවුන් සමඟ හරි හරියට වැඩ කිරීමට ඇති අපහසුතාව නිසා බව මට හැඟුණි. ඇය නැවත බංකුව මතින් හිඳ ගත්තාය.
 
 ‘‘ගෙදර අඩුපාඩු ගොඩයි. මට හරියට අඳින්න පළඳින්නවත් තිබුණේ නෑ. පස්සෙ මම අම්මා, තාත්තාට කියලා ටවුමේ කඬේක වැඩට ගියා. මාස දෙක, තුනක් කඬේ වැඩට යනකොට අයියා කෙනෙක් මාත් එක්ක කතා කරලා හිතවත් වුණා. තව මාසයක් විතර යනකොට හිතවත්කම ආදර සම්බන්ධයක් බවට පෙරළුණා. දවසක් කඩේ වැඩට එනවා කියලා ගෙදරින් ඇවිත් ඒ අයියා එක්ක පැනලා ගියා. දවස් තුනක් හෝටලයක ඉඳලා අයියා ගෙදර ගියා.

මම අපේ ගෙදර ආවා. ඊට දවස් තුනකට පස්සේ අයියා ඇවිත් මාව ආයෙමත් එක්කරගෙන ගිහින් ගෙයක් කුලියට අරගෙන වෙනම ජීවත් වෙන්න පටන් ගත්තා. දවසක් හැන්දෑවක අපි බීච් එකට ගිහින් නිදහසේ ඉන්නකොට පොලිසියෙන් ඇවිත් ප්‍රශ්න කරලා මගෙන් වයස ඇහුවා. අපි දෙන්නා කසාද බඳින්න ඉන්න නිසා මට බය හිතුණේ නෑ. වයස අවුරුදු දහසයයි කියලා ඇත්තම කිව්වා. එතකොට පොලිස් රාළහාමිලා කිව්වා ‘ඔයා බාලවස්කාරියක්... කසාද බඳින්න නීතියෙන් තහනම්...’ කියලා අපි දෙන්නව පොලිසියට අරගෙන ගිහින් උසාවි දාලා මාව ළමා නිවාසයකට දැම්මා. අයියව බන්ධනාගාරගත කළා. එතකොට අයියට වයස අවුරුදු විසිහතයි. ඒ අයියා කලින් කසාදයක් බැඳපු කෙනෙක්. ඒ කසාදයෙත් දුවෙක් ඉන්නවා. ඒ කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නෑ. ඒ අයියා මට කියපු සේරම බොරු...’’
 
 ‘‘ළමා නිවාසේ මාසයක් දෙකක් ඉන්නකොට මම කිව්වා අම්මා ළඟට යන්න ඕනෑ කියලා. ඊට පස්සේ ළමා නිවාසයෙන් මාව උසාවියට ඉදිරිපත් කරලා අම්මට භාර දුන්නා. ගෙදර ඇවිත් ටික කාලයක් ඉන්නකොට තාත්තා ඇහුවා දුව කසාදයක් බඳින්න කැමැති ද කියලා. මම කැමැති වුණා. ඊට පස්සේ තාත්තා දන්න හඳුනන අයියා කෙනෙකුට මාව බන්දලා දුන්නා. එයා මේසන් බාස් කෙනෙක්. අපි කසාද බැඳලා ජීවත් වුණේ අපේ ගෙදරමයි. ඒ කාසදයත් වැඩි කාලයක් තිබුණේ නෑ. ඒ අයියත් නොකියාම යන්න ගියා. ඊට පස්සේ පාළුවෙන් ගෙදරට වෙලා ඉන්නකොට ආයෙමත් ගෙවල් කිට්ටුව අයියා කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගත්තා.

ඒ අයියා දවසක් මාව හෝටල් කාමරයකට අරගෙන ගිහින් තියාගෙන හිටියා. එහෙම ඉන්නකොට ඒ අයියා කිව්වා නංගි ඔයා කැමැති නම් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ජොබ් එකක් සෙට් කරන්නම් කියලා. සල්ලි හම්බවෙන නිසා ජොබ් එක මොකක්ද කියලා අහන්නෙත් නැතිවම මම කැමැති වුණා. ඊට පස්සේ ඒ අයියා කාමරයෙන් එළියට ගිහින් වෙන කෙනෙක්ව කාමරයට එව්වා. ඒ කරපු වැඬේට මට ගොඩක් කේන්ති ගියා. කාමරයට ආපු කෙනාටත් බැනලා, මාව හෝටලයට ගෙනාපු කෙනාටත් බැනලා කාමරයෙන් එළියට බහින්න හැදුවා. ඒත් මට එළියට යන්න දුන්නේ නෑ. කාමරයේ හිර කරගෙන සතියක් විතර මිනිස්සුන්ට විකුණුවා. එක දවසට මිනිස්සු හතර, පස්දෙනා එක්ක මට ඉන්න වුණා. හැබැයි මගේ අතට සල්ලි දුන්නා. හොඳට කන්න බොන්න දුන්නා. ඒත් මට ඒ වේදනාව දරාගන්න බැරි නිසා දවසක් ? කාමරයෙන් පැනලා කොළඹ බස් එකක නැඟලා ඇවිත් ගෝල්ෆේස් එක ළඟින් බැස්සා...’’
 
 ‘‘එදා බස් එකෙන් බැස්ස මොහොතේම මාව අරගෙන ගියේ පොලිසියේ රාළහාමි කෙනෙක්. ඒ අයියා දවසක් මාව කාමරයක තියාගෙන ඉඳලා රුපියල් දාහක් දීලා මට ඉන්න කාමරයකුත් හොයලා දුන්නා. එදා ඉඳලා මම ජීවත් වුණේ ඒ කාමරේ. මගේ රස්සාව වුණේ සල්ලිවලට ඇඟ විකිණීම. ටික දවසක් යනකොට මම ගාණ වැඩි කළා. නයිට් එකකට රුපියල් තුන්දාහයි. පැයකට දාහයි. කීය කිව්වත් මට බිස්නස් තිබුණා. විවිධකාර මිනිස්සු මාත් එක්ක ඉඳලා තියෙනවා. මාත් එක්ක වැඩියෙන්ම ඉඳලා තියෙන්නෙ පොලිසියේ අය. ඒ අය අපිව රූම්වලට එක්කරගෙන යන්නේ මේකප් දාලා ෆොෂ් විදිහට ඇඳුම් පැළඳුම් අන්දගෙන . ඒ වගේම මාත් එක්ක හිටිය පොලිසියේ අය හරිම හොඳයි. මගේ ගාස්තුව දුන්නා. කෑම, බීම ගෙනත් දුන්නා. පොලිසියේ අය තමයි මුලින්ම මට බියර් අරක්කු බොන්න දුන්නෙත්. මම ඒ දේවල් ප්‍රතික්ෂේප කළේ නෑ. සතුටින් භාර ගත්තා. ටික දවසක් යනකොට මට අරක්කු බොන්නෙ නැතිව ඉන්න බැරි වුණා. සමහර දවසට මුළු දවසම බීමතින් හිටියේ...’’
 
 ‘‘දවසක් හැන්දෑවක වෙරි මතින් ගොල්ෆේස් එකේ බංකුවක් මත වාඩිවෙලා ඉන්නකොට අයියා කෙනෙක් ඇවිත් මාව ත්‍රීවීල් එකක දාගෙන ගල්කිස්ස බීච් එක පාරේ තැනකට ගෙනිහින් කුඩු බොන්න දුන්නා. අරක්කුයි, කුඩුයි දෙකම බීලා මම හොඳට මත් වුණා. එදා ? වෙච්ච කිසිම දෙයක් දන්නෙ නෑ. සිහි කල්පනාව එනකොට මම හිටියේ බීච් එක අයිනේ වැටෙකෙයියා පඳුරක් යට. මගේ ඇඟ පුරාම නියපොතු, දත් පාරවල් වැදිලා තිබුණා. ඇඟ තලා දැම්මා වගේ ලොකු වේදනාවක් දැනුණා. ඒත් ඉතිං කාට කියන්නද... කොහේ කියලා යන්නද... ඉවසගෙන හිටියා.

ඊට පහුවෙනිදත් ගෝල්ෆේස් එකේ වඬේ විකුණන අයියා කෙනෙක් එක්ක එකතු වෙලා මත් කුඩු බිව්වා. එදා ඉඳලා මම අරක්කුවලට වඩා මුල් තැන දුන්නේ කුඩුවලට. එක දිගට කුඩු බිව්වා. ටික දවසක් යනකොට කුඩු නොබී ඉන්නකොට මාව වෙව්ලන්න පටන් ගත්තා. හොටු දියර ගැලූවා. නිදිමත ගතියක් දැනුණා. ඒ සේරටම වඩා ඇඟට ලොකු වේදනාවක් දැනුණා. කුඩු ටිකක් බීපු ගමන් ඒ ලෙඩ සේරම හොඳයි. ඊට පස්සේ මම දවස තිස්සේම කුඩු බිව්වා. මත් කුඩුවලට තදින්ම ඇබ්බැහි වුණා. කා එක්ක හරි කාමරයකට ගිහිල්ලා රුපියල් දාහක්, දෙදහක් අරගෙන කෙළින්ම දිව්වේ කුඩු පොට් එකකට. පිටකොටුවේ බිස්නස් අඩු වෙනකොට පිට පළාත්වලට ගිහින් ඩීල් වුණා. ඒත් වැඩිපුරම හිටියේ ගෝල්ෆේස් එකේ. එක දවසකට රුපියල් දාහ, පහළොස්දාහ හම්බ කරලා තියෙනවා. ඒ සේරම සල්ලි වියදම් කළේ කුඩුවලට. කෑම - බීම, ඇඳුම් - පැළඳුම් ගැන හිතුවේ නෑ. මගේ ජීවිතය වුණේ කුඩු පැකට් එක විතරයි...’’
 
 ‘‘කුඩු බීලා වැඩි වෙලා ගෝල්ෆේස් එකේ වැටිලා ඉඳලා තියෙනවා. ඒ වෙනකොට නම් ජීවිතය තිත්තම වෙලා තිබුණේ. මුහුදට පැනලා මැරෙන්න හිතුණු වාර අනන්තයි. ඒත් මොකක්දෝ... හේතුවකට ඒකට ඉඩ ලැබුණේ නෑ. කිසිම අරමුණක් නැතිව දවසක් ගෝල්ෆේස් එකේ බංකුවක් මත හිඳගෙන කල්පනා කරමින් ඉන්නකොට ෆාදර් කෙනෙක් ඇවිත් මට කතා කළා. මගෙන් වගතුග අහලා ‘ඔය දරුවාට හොඳ ආනගතයක් හදාගන්න පුළුවන්. මේ නන්නත්තාර ජීවිතයෙන් ඈත් වෙලා යහපත් විදිහට ජීවත් වෙන්න කැමැතිද...’ කියලා මගෙන් ඇහුවා. මම ෆාදර්ගේ අදහසට කැමැති වුණා. ඊට පස්සේ ෆාදර් මේ ආයතනයට එන්න මට පාර කිව්වා. ඒ කියපු දවසට පහුවදා උදේම මම මේ ආයතනය හොයාගෙන ආවා. දැන් මම මෙතැනට ඇවිත් අවුරුදු තුනකට ආසන්නයි. මට වයස අවුරුදු විසිපහයි. වයසටත් වඩා මම දුක්විඳලා තියෙනවා. කොපමණදැයි කියන්න බැරි තරමට මිනිස්සු එක්ක ඉඳලා තියෙනවා. කොළඹට ආවට පස්සේ සිගරැට්, කුඩු ගංජා නොසෑහෙන්න බිව්වා...’’ දෙකොපුල් තෙත් කරගෙන කඳුළු වැළක් ඇයගේ උකුළ මතට වැටිණි. වචන පැටලිණි. ඉකිබිඳුම වේගවත් විය. ඇයගේ හදවතේ තෙරපෙන වේදනාව කඳුළු වෙන්නට ඉඩ හැර මම බලා සිටිමි.
 
 ‘‘දැන් තමයි මම ජීවත් වෙනවා කියලා හිතෙන්නෙ...’’ ඇය නැවත කතා කරන්නීය.
 
 ‘‘ජීවිතයට මට නොලැබුණු ආදරය, කරුණාව මෙතැන ඉන්න අයගෙන් ලැබෙනවා. විහිළු තහළු කරගෙන, සින්දුවක් කියාගෙන අපි විනෝදයෙන් ජීවත් වෙනවා. කෑම බීම නැති වුණත් ඒ සතුටට මගේ බඩ පිරෙනවා. දැන් මගේ ගෙදර මෙතැන. මේ ගෙදර දාලා මම යන්නෙ නෑ. අයියලා මට යන්න කියනකම් මම මෙතැන ඉන්නවා...’’
 
 ඒ අසරණියව පාරට ඇද දැමීමට අත්තිවාරම දමා ඇත්තේ ඇයගේ කාලකණ්ණි පියාය. එතැනින් එහාට ඇය සල්ලාලයන්ගේ අතින් අතට යන කෙළි බඩුවක් බවට පත් වන්නීය. මහ මඟ විකිණෙන බොහෝ කාන්තාවන්ගේ ජීවිත විනාශ කිරීමට මුල් වී ඇත්තේ ළඟම ඥාතීන් සහ පණ මෙන් පෙම්බැඳි ප්‍රේමවන්තයන් බව සාමාන්‍ය කතාවකි. එහෙත් මොළ කළඳක් හෝ තිබෙන එම කාන්තාවන් යථාර්ථය අවබෝධ කරගෙන වැරදි මඟට නොවැටී යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට බුද්ධියෙන් වැඩ කළ යුතුය.
 
 මා අසල සිටින අසරණිය පියාගෙන් සිදු වූ අසාධාරණය නීතියට භාර දී, යහපත් මාර්ගෝපදේශයක් යටතේ ජීවන මඟ ගියා නම් අද මත්ලෝලිනිියක් නොවෙන්න ඉඩ තිබිණි. එහෙත් දැන් සියල්ල සිදු වී හමාරය. අවුරුදු විසිපහෙන් හෝ ජීවිතය තේරුම් ගැනීම ඇයගේ වාසනාවකි...
 
 -තරංග රත්නවීර-
(දිවයින පුවත්පත)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top