Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
28
වාත,පිත,සෙම් රෝග විතරක් නෙවෙයි රෝග ගණනාවකට ගුණ දෙන අපිට ආවේනික අතිශය වටිනා කැඳ වට්ටෝරු මෙන්න

- වාත,පිත,සෙම් රෝග විතරක් නෙවෙයි රෝග ගණනාවකට ගුණ දෙන අපිට ආවේනික අතිශය වටිනා කැඳ වට්ටෝරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
කොළ කැඳ කියන්නේ, ඈත අතීතයේ ඉදන්ම අපේ රටේ කෑම වේලවල් වලට එක්කර ගත් කෑම වට්ටෝරුවක්. 

ඒ වගේම කොළ කැඳ කියන්නේ ගොඩක් හොඳ ඔසු පැනක්. ගොඩාක් වෙලාවට මේ කොළ කැඳ අපි ආහාරයට එක් කර ගන්නේ උදෑසන ආහාර වේලටයි. ඔයාලා දන්නවනේ කොළ කැඳ වර්ග ගොඩාක් තියෙනවා කියලා. ඒ වගේම ඒ හැම එකකටම සුවිශේෂී වූ "රෝග සුව කිරීමේ" හැකියාවක් තියෙනවා.
ඒ නිසා ඔය සමාගම්කාරයොන්ගේ රසකාරක පිළිකාකාරක අඩ‍‍ංගු බීම වර්ග, සුප්කැට දියකරකර බීලා.. නොයෙක් රෝග හැදුනාම දැන් රෝහල්වල බෙහෙතුත් නැතිනිසා නිකරුනේ අමාරුවේ නොවැටී අදම කොළ කැද භාවිතයට පුරුදුවෙන්න,
කොළ කැඳ පානයෙන් ලැබෙන ගුණ
බඩගින්න හා පිපාසය නසයි.
වාතය සමනය කරයි.
මළ, මුත්‍ර පහකිරීම පහසු වේ.
ආහාර රුචිය වර්ධනයවේ.
සම පැහැපත් වේ.
ශරීර ශක්‌තිය, නුවණ, ධාරණ ශක්‌තිය වර්ධනය වේ.
ශරීරගත විෂ පදාර්ථ නිර්හරණය කරයි
ආයුෂ වැඩි වේ
ශරීර වර්ණය අලංකාරවේ.
ශරීරයට බලය ලැබේ
වාතය අනුලෝම කරයි
නොනැසී ශේෂවූ ආහාර පැසවයි
අග්නිය වැඩි කරයි.
ශරීරයට වාජීකරණ ශක්තිය ලැබේ.
ගොටුකොළ කැඳ
ගොටුකොළ ගස සහමුලින්ම, හීනටි හාල්, කුරුළු තුඩ හාල් හෝ කැකුළු හාල් ටිකක්‌ මිශ්‍ර කරගෙන කැඳ සකසා ගත හැකිය.ඕනෑම පීනස රෝගියකුට පවතින අපහසුතා පාලනය කර ගැනීම සඳහා සකස්‌කර ගෙන පානය කළ හැකි කැඳ වර්ගයකි.
හාතාවාරිය කොළ කැද
අල හා කොළ කැඳ සඳහා ගනී. ශරීර ශක්තිය වැඩිකරවයි. ශරීරයේ ඇති විස නැති කරයි. ලේ පිරිසුදු කරයි. හාතවාරිය මඟින් ශරීරය නිරෝගී කරයි. වයසට යෑමත් සමඟ ඇති වන ශාරීරික වෙනස්කම් ප්‍රමාද කරයි. ශරීර දැවිල්ල නැති කරයි. කාන්තාවන්ගේ ඔසප්වීමේදී අධිකව රුධිර පිටවීම පාලනය කරයි. විශේෂයෙන්ම කාන්තා රෝග සඳහා ඉතා සුදුසුයි. පිරිමින්ගේ ලිංගික ශක්තීන් වර්ධනය කරයි. ශරීරයේ ප්‍රතිශක්තියද වැඩිදියුණු කරයි. දරු ගැබ ගබ්සා නොවී ගර්භාෂයට බැඳිලා තබා ගන්න හාතාවාරිය කොළ කැඳ ඉතාම යෝග්‍යයි. හාතාවාරියවල ගර්භස්ථායක ගුණ තිබේ.
පොල්පලා කොළ කැඳ
පැළෑටියම කැඳ සඳහා ගනි. මුත්‍ රාකාරක මුත්‍ර ශෝධක ඖෂධයකි. ශරීරයේ විෂ බැහැර කරයි. ශරීරයේ උෂ්ණය, දැවිල්ල ඉදිමීම නැති කරයි. කෑම රුචිය ඇති කරයි. මුත්‍ර මාර්ගයේ ඇතිවන ගල් දියකර හැරීමට සුදුසු වේ.
කරපිංචා කොළ කැඳ
සර්ප විෂ නැති කරයි.මාන්දම දුරු කරයි.අක්මා රෝග වලට හිතකරය.අහාර දිරවීම පහසු කරයි.පීනස්මේදය හෙවත් cholesterol පාලනය කරයි.
වැල්පෙනල කොළ කැඳ
ශරීරයේ උණුසුම අඩු කරයි.ශක්තිය ලබා දෙයි.දාතු ශක්තිය ඇති කරයි.
මොනරකුඩුම්බිය කොළ කැඳ
අක්මා රෝග දුරු කරයි.මාන්දම දුරු කරයි.බඩගිනි ඇති කරයි.ආහාර දිරවීම පහසු කරයි.සෙන්ගමලයට ගුණයි.රත්පිත් හා දැවිල්ල නැති කරයි.
ඉරමුසු කොළ කැඳ
කුෂ්ට රෝග සදහා ගුණ වේ.චර්ම රෝග දුරු කරයි.බද පිපිම නැති කරයි.මුත්‍ර දැවිල්ල අඩු කරයි.වතරට්ඨයට ගුණ දායකයි.
වැල් තිබ්බටු කොළ කැඳ
ලේ පිරිසිදු කරයි.පණු රෝග වලකාලයි.කක්කල් කැස්සට ගුණ දායකයි.
රණවරා කොළ කැඳ
මුත්‍රා දැවිල්ල අඩු කරයි.ලේ පිරිසිදු කරයි.දියවැඩියාව පාලනය කරයි.රතවතය දුරු කරයි.
එළබටු කොළ කැඳ
හතිය අඩු කරයි.පපුව සැහැල්ලු කරයි.කැස්සට ගුණදායකයි.
කුප්පමේනියා කොළ කැඳ
පිනසය දුරු කරයි.සර්ප විෂට ප්‍රතිකාරයකි.ඇදුම පාලනය කරයි.කැස්සට හිත කර වේ.සෙම් රෝග දුරු කරයි.
කොහිල අල කැඳ
ඔයාටත් ඉක්මනට තරහ යනවද? එහෙමත් නැත්නම් ඔයාගේ ගෙදර කවුරු හරි ඉන්නවද ගොඩක් තරහ යන? එහෙමත් නැත්නම් අර්ශස් රෝගයෙන් දුක් විදිනවද? මේ වගේ අයට හොඳ කොළ කැඳ වර්ගයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමා "කොහිල කොළ කැඳ". කොහිල ශීත ගුණයෙන් යුක්ත වර්ගයක්. අර්ශස්, මළ බද්ධයට, දියවැඩියාවට මේක හොඳ ඔසුවක්. දැන් අපි බලමු කොහොමද මේ "කොහිල කොළ කැඳ" හදා ගන්නේ කියලා.
අවශ්‍ය දෑ:
පොතු සුද්ද කර ගත් කොහිල අල - 250g ක් නිවුඩු කැකුළු හාල් -150g ක් ගා ගත් පොල් සුදුලුනු - බික් 2ක් රතුළුණු - ගෙඩි 4ක් කරපිංචා - ඉති 4ක් පමණ ඉඟුරු ලුණු (අවශ්‍ය පමණට)
සාදා ගන්නා අයුරු:
මුලින්ම කොහිල අල කුඩා කැබලි වලට කපන ගා ගත් පොල් ද, කරපිංචා ද එක්කර හොදින් කොටා මිරිකා, ඒ යුෂ ඔයාගේ පසෙකින් තබා ගන්න. ඉන්පසු, සහල් හොදින් සෝදා අවශ්‍ය පමණට වතුර දමා, සුදුලුනු, රතුළුණු හා ඉගුරු ද එකතු කර ලිපේ තබන්න. බත හොදින් ඉදුණු පසු, අර කොහිල යුෂ (කොහිල අල මිශ්‍රණය) එයට දමා, ලුණුද එක් කර එය ලිප තබන්න. මේ මිශ්‍රණය හොදින් නටවා ලිපෙන් බා ගන්න.
බලන්න එච්චර අමාරු න නේද හදා ගන්න? ඉතින් තවත් තරහ නොගෙන මේ වගේ "කොහිල කොළ කැඳ" බොන්න පුරුදු වන්න.
????දිවුල් කොළ කැඳ
ශරිරයේ විෂ නසයි. සර්ප දෂ්ඨනවලදී විෂ නැසිමට දිවුල් කොල කැද දෙනු ලබයි.
පොල්පලා කොළ කැඳ
පොල්පලා 500ග්රෑම් (පැළෑටියම ගත හැකිය), කැකුළු සහල් 100ග්රෑම්, ගා ගත් පොල් 50 ග්රෑම්, සුදුලූනු 10 ග්රෑම්, ඉඟුරු 10 ග්රෑම්, ලුණු 10 ග්රෑම්, වතුර අඬු කෝප්ප 6,
සෝදා පිරිසුදු කරගත් පොල්පලා කෙටීමට පහසු වන සේ කැබලි කරන්න. ඒවා කොටා එයට වතුර අඬු කෝප්ප 1/2ක් දමා යුෂ මිරිකා ගන්න. පොල් හා එක්වරක් මිරිකා යුෂ ගත් පොල්පලා රොඩු යළිත් කොටා වතුර කෝප්ප 1/2ක් දමා යුෂ මිරිකා වෙන් කර තබන්න. හාල් ගරා වතුර හෝ තෙවැනි වර කොටා මිරිකා ගත් පොල්පලා යුෂ හා ඉඟුරු සුදුලූනුද එක්කර ළිප තබා සියල්ල බෙරි වනතුරු තැම්බෙන්න හරින්න. බෙරි වනතුරු තැම්බූ පසු ඒවා හැන්දෙන් බේරා හොඳින් පොඩිකර පොල් හා පොල්පලා දෙවැනි වර මිරිකා ගත් යුෂ ලුණු සමඟ බඳුනට දමා ළිප මත තබන්න. හැඳි ගාමින් නටවා ගන්න. ළිප නිවා පළමුව මිරිකා ගත් පොල්පලා යුෂ මිශ්ර කොට ළිපෙන් බා තත්පර 30ක් පමණ හැඳි ගා මඳ උණුසුමින් පානය කරන්න.
අදම උත්සහාකරන්න,,, හිතට ගන්න, නිරෝගී බව හා ශක්තිය රැකගමු, අනාගතපරපුරට යහපත් දෑ දායාදකරමු,
(උපුටා ගැනීමකි)

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top