Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
27
"නෑ.. අම්මේ, මම ගම්පොළ පැත්ත පළාතේ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ.." ගම්පොළින් හමුවුණු පුතාගේ මරණයේ අවසන් කටයුතු කර හත් දවස යන්න කළින් පුතා ගෙදර ඇවිත්...

- "නෑ.. අම්මේ, මම ගම්පොළ පැත්ත පළාතේ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ.." ගම්පොළින් හමුවුණු පුතාගේ මරණයේ අවසන් කටයුතු කර හත් දවස යන්න කළින් පුතා ගෙදර ඇවිත්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

135 Views
මේ කියන්න යන්නේ ටිකක් අරුම පුදුම කතාවක්... නිවැසියන් ඔහු මිය ගියා යැයි සිතලා දානයකුත් දීලා..

මෙන්න බලන්නකෝ ඒ කතාව.. ඒත් අවසානයේ සිද්ධවෙලා තියෙන්නේ කවුරුත් නොහොතන දෙයක්.. 

මෙන්න දානෙන් පස්සේ මිය ගිය පුද්ගලයා ගෙදර ඇවිත්.. ඔබට අදහන්න පුළුවන්ද..?


මිය ගිය පුද්ගලයෙකුගේ මරණ පරීක්ෂණයක් සිදු කොට භූමදාන කිරීමෙන් දින හතකට පසු එම මිය ගිය පුද්ගලයා තම මව හා ඥාතීන් සමග ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින්.ඒ. මැදිවක ඉදිරියේ යළි පෙනී සිට ඇති බව ගම්පොළ පොලිසිය පවසනවා..

ගම්පොළ බස් නැවතුම්පොළේදී පුද්ගලයෙකු හෘදාබාධකයකින් මීට මාස දෙකකට පෙර මිය ගොස් ඇති අතර එම මෘත ශරීරය භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් ගම්පොළ රෝහලේ මෘත ශරීරාගාරයේ මාස දෙකක් පුරා කාලයක් තැන්පත් කර තිබුණා..

ඒ අතර, පොලිසිය විසින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් යැයි පිරිසක් හඳුනාගෙන තිබුණා..

මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් යැයි හඳුනා ගත් මව සහ සහෝදරයා ඇතුළු පිරිස ගම්පොළ රෝහල වෙත පැමිණ මළ සිරුර පරික්ෂා කර තිබුණා..

සහෝදරයා හා ඥාතීන් මළ සිරුර හඳුනා ගැනීමෙන් පසු ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එම මළ සිරුර නිදහස් කරන තිබූ අතර එම පිරිස මළ සිරුර මේරිවිලවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ගරු බුහුමන් පවත්වා ආගමික කටයුතු සිදු කර දින 2කට පසු භූමිදානය කර ඇති අතර
සිද්ධියෙන් දින තුනකට පසු මිය ගිය පුද්ගලයා නිවසට පැමිණ ”අම්මේ මම ගෙදර ආවා යැයි පැවසීම නිසා” පිරිස කලබල වී ”උඹ ගම්පොළදී මැරිලා හිටියා. අපි උඔ ගෙදර ගෙනත් වළ දැම්මා” යැයි සඳහන් කොට තිබුණා..

”නෑ.. අම්මේ, මම ගම්පොළ පැත්ත පළාතේ ගියේ නෑ. මම හිටියේ නාවලපිටියේ” යැයි කී නිසා එම මව, සහෝදරයා හා ඥාතීන් එක්ව එම මිය ගොස් ඇති බව සිතා භූමදානය කළ පුද්ගලයාව කැඳවා ගෙන මෙසේ මරණ පරීක්ෂකවරයා හමුවී තිබුණා..

මෙම පිරිස මරණ පරීක්ෂකවරයා ඉදිරියේ සිද්ධිය විස්තර කර ඇත්තේ, මළ ගෙදරට රුපියල් හැත්තෑ දාහක් විතර වියදම් වුණා යනුවෙන් පවසමින්..

ඒ අනුව, මරණ පරීක්ෂකවරයාගේ දැනුම් දීම මත භූමදානය කර ඇති පුද්ගලයා පිළිබඳව මෙසේ ගම්පොළ පොලීසිය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබුණා..

මිය ගියේ යැයි සිතා සිටි පුද්ගලයා දෙදරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳ ඔහු හැර ගොස් තිබෙන බව ත් ඉන්පසුව ඔහු විවාහ වී සිටින තම ගැහැනු දරුවන්ගේ නිවෙස්වල ද සිට ඇති අතර විවිධ රැකියා කිරීම සඳහා එම නිවාසවලින් පිට ද සිටීමට පුරුදු වී සිට ඇති බවටයි වාර්තා වන්නේ...

කෙසේ වෙතත්, අවසාන කාලයේ මොහු නාවලපිටිය ප්‍රදේශයේ ‌දියණියගේ නිවසේ සිට ඇති අතර වැඩිපුර ම කාලය ගත කර ඇත්තේ නාවලපිටිය නගරයේ හෙයින් දුවගේ නිවසට ද බොහෝ කලකින් ගොස් නොතිබුණ බවටයි වාර්තා වෙන්නේ... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top