අපි කාගේත් දෛවය හරි පුදුමයි...
එක වෙලාවකට උපතින් අපට නැති වෙන ගොඩක් දේවල් උත්සාහයෙන් ලබා ගන්න අපට අවස්තාවක් ලැබෙනවා...
ඒත් එක්කම සමහර අයට පුළුවන් උපතින් ලැබෙන අඟහිඟකම්වලට දෛවයෙන් අභියෝග කරන්න... මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ පහේ පොඩ්ඩෝ දෙන්නෙක්ගේ කතාවක්...
ජීවිතයට පැමිණෙන බොහෝ අගහිඟකම් මධ්‍යයේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පුංචි පහනුන් බොහෝ දෙනෙකු අතරින් මිල්ලනිය හල්තොට කොස්කන්ද ප්‍රදේශයේ පදිංචි දිනූෂා තිලංකා දියණියට පුංචි කාලයේම මව්පිය සෙනෙහස අහිමිව ඉතිරි වූයේ ඇයඟේ සීයා සහ මිත්තනිය පමණයි..
ජීවිතයට පැමිණි නොයෙක් බාධා සහ අඟහිගකම් මැද මේ පුංචි දියණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමින් ලකුණු 154ක් ලබාගෙන සමත් වන්නේ ඇයගේ විදුහලේ ගුරුවරුන්ගේ මෙන්ම සීයාගේ හා මිත්තණියගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරමින්...
පුංචි දිනූෂාගේ ජීවිතය මෙන්ම ඇය ජීවත්වන නිවසටත් හරිහමන් ආලෝකයක් ද නොමැති නිසා ඇය රාත්‍රී කාලයේදී පාඩම් කටයුතු සිදුකර තිබුණේ කුප්පි ලාම්පු එළියෙන් බවයි සඳහන් වන්නේ...
මේ අතර, දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ කුඩා මීගස්වැව ප්‍රදේශයේ පදිංචි නෙහන්සා හිරුණි දියණියද බොහෝ අගහිඟකම මැද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 175ක් ලබාගනිමින් සමත්වූ තවත් දිරිය දියණියක්...
ඇගේ මව්පියන්, මහමග ඉදිකළ කුඩා මැස්සක අඹ විකුණමින් සිය දරු තිදෙනා රැක ගැනීමට මහත් වෙසක් දරනවා...
නෙහන්සාගේ මව්පියන් පවසන්නේ දියණියගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා කවුරුන් හෝ සහයෝගයක් ලබාදෙන්නේ නම් එය මහඟු උපකාරය වන බවයි..