Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Nov
27
ලෝක කිරුළ දිනාගන්න ඔස්ට්‍රේ­ලි­යාව කළ තවත් රහ­සි­ගත සැල­සු­මක් හෙළි වෙයි...

- ලෝක කිරුළ දිනාගන්න ඔස්ට්‍රේ­ලි­යාව කළ තවත් රහ­සි­ගත සැල­සු­මක් හෙළි වෙයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීම උදෙසා ඔස්ට්‍රේලියාව අනුගමනය කළ රහසිගත සැලසුම් අතර තවත් තාක්ෂණික උපක්‍රමයක් හෙළි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ජෝජ් බේලි මහතා සඳහන් කොට ඇත්තේ අවසන් මහා තරගය පැවැති අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ තණතිල්ලේ පසේ ස්භාවය පිළිබඳ කලින් සිදු කළ විද්‍යාත්මක විශ්ලේෂණයකට අනුව පන්දුවට පහරදීමේ තීරණය ගැනීම එම උපක්‍රමය වූ බවයි.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩා කිරීම හා ලෝක කුසලානය ආසන්න වෙද්දී ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ද්වි රිකට් තරගවලි ඉන්දියාවේ පැවැත්වීම හේතුවෙන් තණතිලි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන් කිරීමට පහසු වූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා අනාවරණය කළේය.

“අපි දැන් බොහෝ කාලයක් ඉන්දියාවේ අයිපීඑල් සහ ද්විපාර්ශ්වික තරගාවලි ක්‍රීඩා කර තියෙනවා. ලෝක කුසලානයට ලංවෙද්දී ඉන්දියාව සමඟ එක්දින තරගාවලියකට ක්‍රීඩා කළා. අපගේ අත්දැකීම් අනුව, රතු පස්වලින් තැනූ තණතිලි ඉතා ඉක්මනින් කැඩී යනවා. නමුත් කළු පස එහෙම ඉක්මනින් කැඩෙන්නේ නෑ. ඒක හොඳ තණතිල්ලක්. මේක අපි කාලයක් තිස්සේ හොඳින් බලා විද්‍යාත්මකව තහවුරු කර ගත්තා. කළු පස සහිත තණතිලි රාත්‍රී විදුලි ආලෝකය යටතේ පන්දුවට පහර දීමට වඩා හොඳයි” ජෝජ් බේලි මහතා සඳහන් කළේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ වර්ගයේ තණතීරු ප්‍රතික්‍රියා කරන ආකාරය ගැන ඔස්ට්‍රේලියාව අධ්‍යයනයක නිරතව ඇත. අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ තණතිලි පස් වර්ග හතරක් යොදා සකස් කර ඇති බව ඔවුන්ගේ අධ්‍යයනය අනුව තහවුරුවී තිබේ.

එයින් කළු පස් සහිත තණතිල්ල සාදා ඇත්තේ ඔරිස්සා ප්‍රදේශයෙන් ගෙන එන ලද පස් වර්ගයකිනි. ලෝක කුසලාන අවසන් මහා තරගය පැවැති තණතිල්ල රාත්‍රියේ වඩා හොදින් පන්දුවට පහරදිය හැකි කළු පැහැති පස්වලින් සැකසූ තණතිල්ලක් බවට ඔස්ට්‍රේලියාව කලින්ම හඳුනාගෙන තිබූ හෙයින් ඔවුන්ගේ සැලැස්මේ ප්‍රතිළුලය වඩා හොදින් ලබාගත හැකිව තිබිණි.

“මෙන්න මේ නිසා තමයි අපි කාසියේ වාසිය දින්නොත් මුලින් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කරන්න කලින්ම තීරණයක් ගෙන තිබුණේ. අපි කාසියේ වාසිය දින්නාම නායකයා අප කලින් ගත් තීරණය ප්‍රකාශ කළා. කළු පස් තණතීරු දහවල් කාලයේදී හොඳින් දඟ කැවෙනවා. පන්දු යවන්නන්ට හොදින් කපන්න පුලුවන්. රතු පස් තණතීරුවල එතරම් බලපෑමක් නෑ, නමුත්, කළු පස් තණතීරු රාත්‍රියේදී, පැතිලි තත්ත්වයකට පරිවර්තනයවී කොන්ක්‍රීට්වලින් සාදා ඇති ආකාරයට ක්‍රියා කරනවා” ජෝජ් බේලි මහතා පැවසීය.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව ගත් පියවර පිළිබඳව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්, ජෝර්ජ් බේලි සමඟ කළ සංවාදයකදී මේ කරුණු හෙළිව තිබිණි.

අයිපීඑල් තරගාවලිය පැවති ඉන්දීය භූමියේ ක්‍රීඩා කිරීමේදී ඔස්ට්‍රේලියානුවන් ලබාගත් අත්දැකීම්වලට ස්තුතිවන්ත වන්නට, ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීම පහසු වූ ආකාරය අශ්වින් මේ මඟින් පැහැදිලි කළේය.

රවිචන්ද්‍රන් අශ්වින් යූ ටියුබ් නාලිකාවකදී ඕස්ට්‍රේලියානුවන් ප්‍රථමයෙන් පන්දු යැවීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි සමඟ කළ සංවාදය උපුටා දක්වමින් කතා කළේය.

“මම ඉනිමේ මැද භාගයේදී මේ බව කල්පනා කළා. තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි හමුවී කාසියේ වාසිය දිනූ ඔබ සැමදාම වගේ මුලින්ම පන්දුවට පහර දුන්නේ නැත්තේ ඇයි?’ කියා මා ඇසුවා. එවිට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපතිවරයා දුන් උත්තරයෙන් මම පුදුම වුණා” අශ්වින් යූ ටියුබ් නාලිකාවෙන් සියල්ල හෙළි කළේය.

“බේලිගේ කතාව අහලා පුදුම හිතුණා. සියලු අත්දැකීම් අනුව ඔවුන්ට තණතීරුව හොඳින් කියවිය හැකියි. ඇතැම් අය දක්වන්නේ තණතීරු වෙනස් කර ඇති බවයි. නමුත් එය තනිකරම විහිළුවක්. ඉන්දියාව විශාල රටක්. රටේ විවිධ ප්‍රදේශවල විවිධ පස් තියෙනවා. කළු පස්, අඩු කළු, මැටි සහ රතු මිශ්‍රණය, පිරිසිදු රතු, වැලි මිශ්‍රණයක් සහිත රතු සහ තවත් බොහෝ දේ තියෙනවා. අහමදාබාද් පිටියේ පස් වර්ග 3ක් 4ක් යෙදූ තණතිලි තියෙනවා. ඉතින් තණතීරුව ගැන ජෝර්ජ් බේලි කියපු දේ මාව පුදුමයට පත් කළා. ඔවුන් මේවා අධ්‍යයනය කළ ආකාරය පුදුමයි” අශ්වින් යූ ටියුබ් නාලිකාව මඟින් සඳහන් කළේය.

ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, ඕවර් 50කදී ලකුණු 240කට දැවී ගියේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඔවර් 43කදී කඩුලු 4ක් දැවී ලකුණු 241ක් ලබා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට රැගෙන ගියේය.
දිනමිණ 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top