මේ මගේ ජීවතේ අමතක නොවන කතාවක්. ඒ මම උසස් පෙළට නුගේගොඩ ක්ලාස් යන කාලයේ. අපේ ගෙවල් මාතලේ . ඒ මම උසස් පෙළට කරේ maths. ඒ කාලේ නුගේගොඩ පංති යන උණක් තිබ්බා අපේ සෙට් එකටම. මම නිලුපුල්. මට කෙල්ලෝ කියන්නේ නතින් කියලා හිතන් හිටියට කොළඹ කෙල්ලෝ නම් ලේසි වුණේ නැහැ මට ටෝක් කර ගන්න. අපේ සෙට් එකේ හිටිය කොල්ලෝ 4 දෙනෙක්. ඒ පසිදු , හෂාන් , චානුක සහ මම.
උන් තුන්දෙනාටම කෙල්ලෝ ඉන්නවා. ඒ ඔක්කම මාතලේ අය. මට ඕනි උනේ වෙනසකටත් එක්ක කොළඹ කෑල්ලක් සෙට් කර ගන්න. ඒ අතර තමයි මට අපේ chemistry ක්ලාස් එකේ එරන්දිව දකින්නේ. අම්මෝ දැක්කත් හිත නිවෙනවා. එච්චර ලස්සනයි. ඉස්කෝලේ ඇරිලා , සිකුරාදාට කොළඹ යන්න බස් එකේ නගින්නේ පට්ට සතුටින්. ඒ සෙනසුරාදා පංතියේ එරන්දිව දකින නිසා. අපේ වුන්ට කතාව මං කිව්වා දවස් කිහිපයක් ක්ලාස් ගිහාම. මොකද මන් අපේ උන්ට හොරෙන් තමයි කෙල්ලගේ නම එහෙම හොයා ගත්තේ. මොකද නැත්තම් මාව වනසනවානේ ඉස්කෝලේ ගිහාම කොළඹ කෙල්ලෙක්ට බැහැලා කියලා. වැඩේ කියන්නේ එරන්දිව සෙට් කර ගන්න මට පට්ට කට්ටක් කන්න වුණා. මම ඉස්සල්ලම ලාවට වගේ එරන්දිගේ යාලුවෙක්ගෙ ෆෝන් නම්බරේ හොයා ගත්තා.ඒ රවීනා සදකොමාලි. ලස්සනයි නේ නම ? එයා තමයි එරන්දිගේ සගයා..
අපි හිටියේ පසිදුගේ පුංචි කෙනෙක්ගේ ගෙදරක. අපිට තිබ්බේ වෙනම එළියෙන් යන්න.කාලෙත් එක්ක මට එරන්දිව සෙට් වුණා. අවුරුද්දක් වගේ අපි දෙන්නගේ ලව් එක යද්දී , අපේ ඉස්කෝලේ බිග්මැච් එක නිසා , පසිදු , හෂාන් , චානුක මගේ බොක්කවල් 3 දෙනාම පංති යන්නේ නැතුව බිග්මැච් සීසන් එකේ. එත් මට ඕනි වුණේ පංති යන්න. මොකද , මට එරන්දිව බලන්නේ නැතුව ඉන්න බැරි වුණා. අපේ උන් ටික නැති නිසා මම එරන්දිව එදා අපේ බෝඩිමට එක්කන් ආවා. ඒවගේ චාන්ස් එකක් ආයේ කවදාවත් මට එන්නේ නැහැ කියලා මං දන්න නිසා තමයි මම එයාව එතනට එක්කන් ගියේ. මොකද රූම් එකකට එක්කන් යනවට වඩා , මට අපේ තැන ශුවර් නිසා තමයි එතනට එක්කන් අවේ. පුංචිට පෙන්නේ නැතිවෙන්න පට්ට ගේමක් දීලා කෙල්ලව ඇතුලට ගත්තේ. අපි දෙන්න එදා ඇතිවෙනකන් කරා. හැමදේම අපි දෙන්න බෙදා ගත්තා..
එරන්දිට කළින් කොල්ලෙක් ඉදලා තියනවා, ඒ ගැන මට කළින් හැමදේම කිව්වා. එයා එක්කත් ඉදලා තියනවා. හැබැයි මට ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ . මොකද මට ඕනි වුණේ එයාගේ ආදරේ. කාලයත් එක්ක අපි දෙන්නා එක දිගටම අපිට අපි දෙන්නා නැතුව ඉන්න බැරි වුණා. පංති ඇරිලා අවිද්දින්න යනවා කියලා හැමදාම සෙනසුරාදාට රූම් යන එක පුරුද්දක් කර ගත්තා..
ඔහොම කාලෙත් එක්ක මට රට යන්න චාන්ස් එකක් හම්බුණා. ඒ අපේ ගෙදර බලකිරීමත් එක්ක. මං ලොකු කැමැත්තක් නැති වුනත් කෙල්ලත් එක්කම යන්න තියනවා නම් ඒක තමයි මට තියන ලොකුම සතුට කියල මං හිත යටින් හිතුවා. මං එයාවත් කැමති කරගෙන අපේ සම්බන්දෙ ගැන අපේ ගෙදරට කිව්වා. මං යනවා නම් යන්නේ මෙයත් එක්ක. මට එයාව ඕනි කියලා. අපේ ගෙදරින් අකමැත්තක් ලොකුවට පෙන්නුවේ නැහැ මොකද අපේ අම්මලාට ඕනි වුනේ මාව රට යවන්න ඕනි නිසා කෙල්ලගේ ගෙදරින් කතා කරලා බලන්න කියලා කිව්වා. හිතුව තරම් ලොකු අව්ලක් නැති වුණත් අපි දෙන්නගෙම ගෙදරින් ලොකු අවුලක් වුනේ නැහැ. අපි දෙන්නම වැඩි කාලයක් යවන්නේ නැතුව පොඩි engagement එකක් ගත්තා. මොකද අපි දෙන්නම යන නිසා ඒ certificate අපිට ඕනි වුණා.. අන්තිමට මෙඩිකල් වලට ගියා , විසා apply කරන්න. ඒ වෙලාවේ තමයි අපි දැනගත්තේ අපි දෙන්නටම සමාජ රෝගයක් හැදිලා කියලා. අපි දෙන්නටම කිසිම රෝග ලක්ෂනයක් තිබුනේ නැතැත් අපි දෙන්නටම මහ අසරණ කමක් දැනුණා ඒ වෙලාවේ. අපි දෙන්නගෙම හීන එකපාර නැති වෙලා ගියා.. එරන්දිගේ කළින් කොල්ලගෙන් ද මගේ , කළින් තිබ්බ එව්වගෙන් මට හැදුනද කියල අදටත් අපි දෙන්නම දන්නේ නැහැ.
කොහොම වුනත් අදටත් අපි දෙන්න ආදරෙන් ඉන්නවා අපේම ව්‍යාපාරයක් කරගෙන..