මීට සුළු වෙලාවකට පෙර අවසන් වුණ බ්රසීල් ආජන්ටිනා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය අතරතුරදී ප්රේක්ෂකාගාරය අතරේ ගැටුමක් ඇති වෙනවා...
මේ ගැටුමට මූලික වුණ හේතුව මොකක්ද කියන්න තාමත් දන්නෙ නෑ... හැබැයි ගැටුමක් ඇති වෙලා... මේ තරගය තියෙන්නේ බ්රසීලයේ මරකානා ක්රීඩාංගනයේ...
බ්රසීල පොලීසිය මේ වෙලාවෙදි ආජන්ටිනා ප්රේක්ෂකයන්ට පහරදුන්නා කියලා එයාලා චෝදනා එල්ල කරනවා... ඒ එක්කම දැන් එළියට එන වීඩියෝ දර්ශනවලින් පේන්නේ ඔවුන්ට බරපතළ ප්රහාර එල්ල කරලා කියලා තමයි..
මේ සිද්ධිය දකින ලයනල් මෙසී ප්රමුඛ ආජන්ටිනා ක්රීඩකයෝ වහාම ප්රේක්ෂකාගාරය වෙතට දුවගෙන යනවා.. ඔවුන් බ්රසීල පොලීසිය එල්ල කරපු ප්රහාරයට විරුද්ධව ඒ මොහොතේම තමන්ගේ මිනිස්සුත් එක්ක හිටගන්නවා...
මෙසී කණ්ඩායමත් සමගින් තරගය ක්රීඩා කිරීම ප්රතික්ෂේප කරලා නැවත ක්රීඩාගාරය වෙතට ගමන් කරනවා... මේ සේරම සිද්ධීන් සමතයකට පත් වෙලා තරගය ආරම්භ වෙන්නේ නියමිත වෙලාවට වඩා ප්රමාද වෙලා..
මේ තරගයත් ප්රේක්ෂකයන් ගේ ගැටුමට දෙවනි වුණේ නෑ... කණ්ඩායම් දෙකම සෑහෙන Aggressive ක්රීඩා කළා... බ්රසීලය සහ ආජන්ටිනාව ක්රීඩා කරන ඕනෑම අවස්ථාවක් මේ විදිහට නම් කරන්න පුළුවන් කිව්වත් ඒක නිවැරැදියි...
නිකොලස් ඔටමෙන්ඩි 65 වෙනි විනාඩියේදී ලබාගත්ත ගෝලය නිසා ආජන්ටිනාව 1-0 ක් විදිහට තරගය ජයග්රහණය කළා... මේ පරාජය සැලකෙන්නේ බ්රසීලය තමන්ගේ රටේ දී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයක් පරාජය වුණ මුල්ම අවස්ථාව විදිහට වීමත් විශේෂත්වයක්...
ජයග්රහණයත් එක්ක තවදුරටත් 2026 දකුණු අමරිකානු කලාපයේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වට වල පළමු ස්ථානයේ රැඳිලා ඉන්න වත්මන් ලෝක ශූර ආජන්ටිනාව සමත් වෙලා තියෙනවා...