මේ දවස්වල අපේ රටේ ආර්ථිකය කියන්නේ අපි කාටත් දරාගන්න අපහසු දෙයක්...
එන්න එන්න ඒ දේවල්වලින් ලැබෙන සහනයක් නම් නැහැ..
මේ කියන්න යන්නෙත් අන්න එහෙම කතාවක්...
ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන බව නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඒ, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
15%ක පැවති වැට් බද්ද එළඹෙන ජනවාරි මස 01 සිට 18% දක්වා ඉහළ දැමීමටයි රජය කටයුතු කර ඇත්තේ...