මාළිගාවත්ත ප්‍රදේශයේ දී බීමත්ව රිය පැදවූ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහුගේ බිරිඳ විසින් කොස්තාපල්වරයාගේ බෙල්ල හා අත නියපොතුවලින් සුරා තිබෙනවා.
තුවාල ලැබු කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී සිටින බව සඳහන්.
පොලිසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් රියදුරු මෙන්ම ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මල්වාන වල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.