සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙදී ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකර ගන්නේ 6 වන වරටයි.
කෙසේ වෙතත්, මෙම පරාජයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි විසින් විශේෂ පණිවුඩයක් සිය නිල එක්ස් ගිණුමට එක්කර තිබෙනවා.
ඒ මෙසේයි,
"ආදරණීය කණ්ඩායම වෙත, ලෝක කුසලානය හරහා ඔබේ දක්ෂතා සහ අධිෂ්ඨානය කැපී පෙනුණා.ඔබ මහත් ආත්මයකින් ක්‍රීඩා කර ජාතියට ඉමහත් අභිමානයක් ගෙන දෙන්නට සමත් වුණා.අපි අදත් සැමදාත් ඔබ සමග සිටින්නෙමු.." යනුවෙන්....
එමෙන්ම මෙහිදී,
“විශිෂ්ට ලෝක කුසලාන ජයග්‍රහණයක් සඳහා ඕස්ට්‍රේලියාවට සුබ පැතුම්! ට්‍රැවිස් හෙඩ් අද ඔහුගේ විශිෂ්ට ක්‍රීඩාවට ප්‍රශංසා කරනවා.” යනුවෙන් ද ඔහු ලෝක ශුරතාව හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට අමතක කර නැහැ.