ජනප්‍රිය කොලොම්බියානු පොප් ගායිකා ශකීරාගේ බදු වංචා නඩුව සමථයකට පත් කිරීම සඳහා ස්පාඤ්ඤයේ නඩු පවරන්නන් සමඟ ගිවිසුමකට එළඹී ඇති බව බීබීසි පුවත් සේවය වාර්තා කරනවා.
ඒ, එල්ල වූ චෝදනා මත නඩු විභාගයකින් වැළකී සිටීම සඳහායි.
එහිදී ඇය යුරෝ මිලියන 7.5 (පවුම් මිලියන 6.5) දඩයක් ගෙවා ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම තෙවසරක සිර දඬුවමක් වළක්වා ගැනීම සඳහා ඇය තවත් යුරෝ 438,000 ක දඩයක් ද පිළිගත් බව නඩු විභාගයේදී විනිසුරුවරයා විසින් පවසා තිබේ.
නඩු විභාගය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර ඇය පැමිණ තිබුණේ මාධ්‍ය අවධානය සහ රසික සහයෝගය මධ්‍යයේ සිය නීතිඥයින් ද කැටුවයි.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව ස්පාඤ්ඤ නඩු පවරන්නන් හට අවශ්‍යව ඇත්තේ ඇයව වසර අටකට සිරගත කිරීමටත් ඇය වැරදිකාරිය වුවහොත් යුරෝ මිලියන 23.8 ක දඩයක් නියම කිරීමටත් ය.
කෙසේ නමුත් ශකීරා එල්ල වන චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කරනු ලබයි.