මෙවර ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතා අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංකද ඇතුළත්ව තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියේදී ඉනිම් 9 කදී කඩුලු 21 ක් ලබාගත් ඔහුට වැඩිම කඩුලුලාභීන් අතර හිමිවූයේ තුන්වන ස්ථානයයි.
අයි.සී.සී.ය නම් කළ කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් වන අතර, නායකත්වය රෝහිත් ෂර්මාට හිමිව තිබෙනවා.
විරාට් කෝලි, කේ.එල්. රාහුල්, රවීන්ද්‍ර ජඩේජා, මොහොමඩ් සමී, ජස්ප්‍රිට් බුම්රා, නවසීලන්තයේ ඩැරල් මිචෙල්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්වින්ටන් ඩි කොක්, ජෙරල්ඩ් කෝට්සි, ඕස්ටේ්‍රලියාවේ ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇඩම් සම්පා එම කණ්ඩායමට ඇතුළත්.