2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිමාව දුටුවේ 6 වන වරටත් ඔස්ට්‍රේලියාව ලෝක ශූරයින් ලෙසින් කිරුළු පළදමින්.
ඒත් සමඟම ලෝක ශූර ඕස්ට්‍රේලියා පිලට ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් ඉක්මවූ තෑගි මුදලකට හිමිකම් කියනු ලැබුවා.
අනුශූරයින් වෙනුවෙන් වෙන්ව තිබුණු ත්‍යාග මුදල ඩොලර් මිලියන 2 ක්.
අවසන් පූර්ව වටය දක්වා පැමිණි නවසීලන්ත කණ්ඩායමට සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 බැගින් හිමිවිය.
එසේම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ සෙසු සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් ලක්ෂයක් සහ ඔවුන් ජයග්‍රහණය කළ එක් තරගයකට අමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිවිය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 180,000ක මුදලක් හිමිවිය.
ඕස්ට්‍රේලියාව ($4.28m)
ඉන්දියාව ($2.36m)
දකුණු අප්‍රිකාව ($1.08m)
නවසීලන්තය ($1m)
පකිස්ථානය ($260,000)
ඇෆ්ගනිස්ථානය ($260,000)
එංගලන්තය ($220,000)
බංග්ලාදේශය ($180,000)
ශ්‍රී ලංකාව ($180,000)
නෙදර්ලන්තය ($180,000)