නිකම්ම නිකං කහට කෝප්පයක් බොනවට වඩා මේ වගේ හොඳ ඉඟුරු කෑල්ලක් දාපු තේකක් බොන්න තියෙන එක කොච්චර හොඳද කියලා ඔයාට හිතෙන්නේ මෙන්න මේ ප්‍රතිලාභ ටික දැනගත්තට පස්සේ වෙන්න පුළුවන්...
ඒත් තවමත් ඔයා පරක්කු නෑ... කටට රසට කෑම කනවා වගේම හොඳට තිබහා නැති කරගන්න පුළුවන් ඉඟුරු ප්ලේන්ටියෙත් මේ ගුණ තියනවා කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද...?
ඉඟුරු තේ එකක රසයට විතරක් ආදරය කරපු අයට මේ කතාව ඇහුවොත් පුදුම හිතෙයි... මොනවද මේ ඉඟුරු ප්ලේන්ටියක තියෙන පුදුමාකාර ගුණ..
-ඉඟුරු තේ බීමෙන් ශරීරයට සැපවත් බවක් ඇතිවෙනවා. මහන්සිය නැතිවෙනවා. මොළයේ සෛල ප්‍රබෝධමත් කරනවා. හරිම සන්සුන් ප්‍රසන්න
-ගොඩක් අයට පුදුමාකාර කරදරයක් තමයි අක්‍රමවත් මළපහ කිරීම. සරලව කියනවානම් හැම වෙලාවේම ටොයිලට් යන්න වෙන එක. වෙලාවක් කලාවක් කියලා නෑ. ඒ බර හැමවෙලාවේම එනවා. ඕකට වෛද්‍යවරු කියන්නේ ‘ඉරැටිබල් බවෙල් සින්ඩ්‍රොම්’ කියලයි. අක්‍රමවත් මළපහ පිටකිරිමේ රෝගය. මේක ටිකක් බරපතල ලෙඩක් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. අන්තිමට මේ නිසා වෙන්නේ බඩවැල් පිළිකා පවා ඇතිවෙන එකයි. ඒකට කියාපු බෙහෙත තමයි ඉඟුරු ප්ලේන්ටි. හොඳ ඉඟුරු කෑල්ලක් තලලා දාලා රස්නෙන් ප්ලේන්ටි හතර පහක් දවස පුරා බොන්න. ටිකෙන් ටික ඔය හැම වෙලාවේම ටොයිලට් යන්න වෙන එක අඩුවෙයි. වෙලාවට කලාවට වෙන්න ගනී. එහෙම වුණාට පස්සෙත් දිගටම ඉඟුරු ප්ලේන්ටී බොන්න.
-පිළිකා සෛල සමඟ සටන් කිරීමේ හැකියාවත් ඉඟුරුවලට තියෙනවා. එකක් ෆ්ලේවනයිඩ්. අනිත් එක ඇන්ටි ඔක්සිඩන්ට්. ඇන්ටි ඉන්ෆ්ලමේෂන්. මේ ගුණය තේවලටත් තියෙනවා. ඒ දෙකම එකතුවුණා කියන්නේ ඉතින් මාරයිනේ. ඒ නිසා පිළිකා අවධානම අඩුකරගන්න දිනපතා ඉඟුරු ප්ලේන්ටී බොන්න.
-හැදෙන තරමක් ලෙඩ හැදෙන්නේ නොදිරවූ ආහාරය හෙවත් ‘ආමයෙන්’ කියලා අයුර්වේදයේ කියනවා. මෙන්න ඒකට බෙහෙත. ඉඟුරු ප්ලේන්ටී. බඩවැල්වල දිරවන්නේ නැතුව තැන තැන පල්වෙවි ගෑස් ඇතිකරන පරණ කෑම නිසා ඇතිවෙන ආමය ඉඟුරු වලින් නැතිකරනවා. තේ වලිනුත් ඒක කරනවා. මේ ආමය එහෙම නැත්නම් අනවශ්‍ය බඩවැල් එන්සයිම නිසා දාහක් ලෙඩ හැදෙනවා. දිනපතා ඉඟුරු තේ හතරක් පැය හයෙන් හයට බොන්න.
-කන්න අප්පිරියද...කෑම ඔක්කාරෙට වගේද..කෑම දැක්කත් බඩ දඟලනවද...එහෙමනම් බොන්න ඉඟුරු තේ හතර පහක්. ලස්සනට කෑම රුචිය වැඩෙයි. ඒකනේ අපි ‘ජීන්ජර් බියර්’ බොන්නෙත්. හැබැයි ඒකේ අමතර ගෑස් තියෙනවා. වැඩ ගොඩයි. සීනි වකාරයි. ඒත් ඉඟුරු ප්ලේන්ටිය මාරයි.
-මස් පිඬු රිදෙනවද..දවස ඉවරවෙද්දී මස්පිඬුවලින් අධික වේදනාවක් එනවද..අත පය කඩලා දාලා වගේද..එහෙනම් බොන්න ඒ වෙලාවට ඉඟුරු ප්ලේන්ටියක්. වේදනාව ටික ටික අඩුවෙයි. මස්පිඬු වේදනාව අවම කරන්නට ඉඟුරු දිව්‍ය බෙහෙතක්.
-දියවැඩියාවද..එහෙමනම් බොන්න සීනි රහිත ඉඟුරු ප්ලේන්ටී. සිනි මට්ටම හිමිහිට අඩුවෙයි. කරදරයක් නැති විදිහට.
-උදේට උදේට කැරකිල්ල වගේද..පණ නෑ වගේද..ඔල්මොරොන්දම් වගේද.. ඕකට කියන්නේ ‘මෝනිං සික්නස්’ එක කියලානේ. ඒකට උදේට හොඳ ඉඟුරු ප්ලේන්ටියක් බොන්න පුරුදු වෙන්න.
-ගැස්ට්‍රයිටීස් නිසා ඇතිවෙන පපුවේ ඇවිලීම අඩුකරයි.
- ඔයාට වේදනාව කොහෙද තියෙන්නේ කියලා වැඩක් නෑ. කොහේහරි වේදනාවක්නම් බොන්න ඉඟුරු තේ. නියමයි. ඒක හොඳම පේන් කිලර් එකක්. වේදනා නාශකයක්.
-කට ගඳද..ඒ ගඳ එන්නේ බඩවැල් වලින්නේ. බොන්න ඉඟුරු තේ. නිතරම ඉඟුරු කෑල්ලක් හපන්න. නියමයි ඒකට.
-ආසම දෙයක් කියන්න යන්නේ. ඉඟුරු ප්ලේන්ටී ලිංගික ශක්තිය වැඩිකරනවා. ඒ කියන්නේ සෙක්ස් ඩ්‍රයිව් එක ස්පිඩ් කරනවා. එහෙම කිව්වාම ඇතිනේ නේද..?
-ඔය විකිරණ වැඩපළවල්වල ඉන්න අය ඉඟුරු ප්ලේන්ටී බොන්ඩ. ඒක හොඳයි. රේඩියේෂන්වලට තියෙන සංවේදීතාවය අඩුකරනවා.
-නින්ද යන්නේ නැද්ද...ඉඟුරු තේ බොන්න. බීලා නිදාගන්න. ඇස් යන්තමට පියාගෙන. ඉක්මනයට තද නින්දකට වැටෙයි.
-මළපහ තදද..? පිටකරන්න අමාරුද..? තටමන්න වෙනවද..? ටොයිලට් යන්න පැයකට කළින් බොන්න ඉඟුරු ප්ලේන්ටියක්.