දැන් තියන ක්‍රිකට් විකෘතිය ඉන්දියාව හදන්න පටන් ගන්නෙ 2007 වගේ ඉදන්.
ඒක ලෝක ක්‍රිකට් එක කුඩුපට්ටම් උනත් ඉන්දියන් ක්‍රිකට් හිණිපෙත්තෙ තියෙන්න ඕන තැනට වුණ විපර්යාසයක්.
Franchise cricket.
ක්‍රිකට්වල විනාශයට ආපු පිලිකාව.
මුලින් ICL වගේ නමකින් ඇවිත් ට්‍රයි කරල බැලුවට සාර්ථක වුණේ නෑ.
ඊට පස්සෙ ආවෙ ඉතාම සංවිධානාත්මකව. Entertainment පැත්ත උපරිම අරගෙන.
ක්‍රිකට් නෙවෙයි මසාලා හින්දි ෆිල්ම් එකක් ගෙනාවා ග්‍රවුන්ඩ් එකට.
ලස්සන ස්ක්‍රිප්ට් ටිකක් එක්ක.
ලෝකෙම ක්‍රිකට් එක දකින්න ගත්තා IPL වලින්.
හොඳම ක්‍රීඩකයන්ගෙ වටිනාකම තීරණය උනේ ICC එක දෙන අනන්යතාවයෙන්වත් ප්රේක්ෂකයන්ගෙ ආදරයෙන්වත් නෙවෙයි.
IPL දෙන ලන්සුවෙන්..
ඒ කාලෙ තිබ්බ සුන්දර තුන්කොන් සටන් ටික වාෂ්ප වෙලා ගියා.
ක්‍රිකට් කියන්නෙ බෝල පලන එකට විතරක් සීමාවුන සෙල්ලමක් වුණා.
පන්දු යවන්නාට තියෙන ගරුත්වය අඩූ වුණා. දැක්කම ඇග හිරි වැටෙන පන්දු යවන්නො තමයි ක්‍රිකට් එක ලස්සනම කළේ.
වසීම්,වකා,ඩොනල්ඩ්,වාස්,මුරලි,සක්ලේන්, මැග්රා, ඇම්බ්‍රෝස් වගේ අය බෝලින් සන්නාම.
අද කිංස්ලා බැට් කරන උන් විතරක් උනාට මුං ඒකාලේ බෝලිං එම්පරර්ස්ලා.
ඉන්දියාවට බෝලිං රජවරු හිටියෙ නෑ.
ඕනමනම් කුම්බ්ලේ ලඟින් යයි.එච්චරම තමයි.ෆීල්ඩිනුත් බින්දුවයි. ඉන්දියාව එදා සිට විශිෂ්ට වුණේ පිතිකරණයට.
ඉතා දැවැන්ත නම් ටිකක්.හැබැයි ඒකත් collapse වෙනව හිටි ගමන්.
2010න් පස්සෙ සිද්ධ වෙන ක්‍රිකට් නීති වෙනස් කම් ටික සියල්ලම පාහේ සිද්ධ වෙන්නෙ බැට්ස්මන්ගෙ වාසියට.
පිතිකරුවට ඕනම මොහොතක හයක් ගහන්න ධෛර්යමත් කරන විදියට.
බවුන්ඩ්‍රි ලයින් පුලුවන් තරම් අඩු සීමාවෙන්,පවර් ප්ලේ ගොඩයි ,ෆ්‍රී හිට් ඒ අස්සෙ ,දෙපැත්තෙන් බෝල දෙකක්..දෙපැත්තෙන් බෝල දෙකක් දාද්දි ඕවර් හතලිහ පනිද්දි රිවර්ස් ස්වින්ග් එකක් එන තරමට බෝලෙ පරණ වෙන්නෙ කොහොමද? ස්පිනර්ස්ලට ලොකු වාසියක් ලැබෙන්නෙ කොහොමද ?
IPL වගේ මහා සංදර්ශනයක් හදන්න ඉන්දියාවට සල්ලි තිබ්බට එච්චර සාර්ථක කානිවල් එකකට ලෝකෙ ක්‍රිකට් ගහන කිසිම රටකට සල්ලි නෑ.
ලෝකෙ ඉන්න සුපිරිම ක්‍රීඩකයො ගෙන්නල තමන්ගෙ ඇච්චො බැච්චො එක්ක නෙට් එකේ ප්‍රැක්ටිස් කරවන්න ඉන්දියාව ගෙනාපු හොඳම තුරුම්පුව IPL.
නැත්නම් සල්ලි. ලෝකෙ ඉන්න කිසිම ස්පිනර් කෙනෙක් IPl ආවට පස්සෙ mystery spinner කෙනෙක් නෙවෙයි.
මෑත කාලීනව ලෝක ක්‍රිකට් වල වෙච්ච බොහෝ වෙනස්කම් IPL පන්නයේ ඒව කියන එක නොරහසක්.
2011 වර්ල්ඩ් කප් එක ඉන්දියාවට අහම්බයක් කියලයි මං හිතන්නෙ.
ඒ අහම්බයට මූලික හේතුව දෝනි කියන විශිෂ්ටයා.
ඉන්දියාව දශකයක වගේ කාලෙක ඉදන් දැල දැම්මෙ 2023ට.අද ඔවුන් ඒ ස්ක්‍රිප්ට් එකේ අන්තයට ලස්සනට ඇවිත් තියෙනව අපරාජිතව.
තරගාවලිය පුරාවට ඉන්දියාව පොඩ්ඩක් හොලවන්නවත් කාටවත් බැරි වුණා.
ඉන්දියාව එහෙම ගමනක් ආව එකම වර්ල්ඩ් කප් එක.හැමදේම පර්ෆෙක්ට්.
ඒක උන්ට පට්ට ඇචීව්මන්ට් එකක් වෙන්න ඇති. ඒත් නියම ක්‍රිකට් ෆෑන් කෙනෙක්ට ඒකෙ ඇති ලස්සනක් නෑ.
ලස්සනම දේ විශ්වකර්මයකින් හරි ඉන්දියාව අද පරදින එක.
එදා ඉදං ක්‍රිකට් එකෙන් දිනන්න හදපු ඕස්ට්‍රේලියාව මේ කප් එක උස්සන එක.
තමං කොච්චර බලවත් උනත් තමන්ට කොච්චර වරප්‍රසාද ලැබුනත් "ක්‍රිකට්" වලට තමන්ව පරාද කරන්න පුලුවන් කියන එක ඔලු උදුම්ම ගත්ත ඉන්දියාවට දැනෙන එක.
ඔව් මේක ඉන්දියාව පරදින එක ඉම්පොසිබල් මැච් එකක් තමයි.
ඒත් කුමක් හෝ ක්‍රමයකින් ක්‍රිකට් දිනන්න ඕනෙ.අහමදාබාද් සයිලන්ට් වෙන්න ඕනෙ.ඉන්දියාව අඩන්න ඕනෙ.ක්‍රිකට් දිනන්න ඕනෙ.
ධනුෂ්ක රන්ජක
